ⓘ ස්ථාන - ශ්‍රී ලංකා - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා දිවයින, ශ්‍රී ලංකා කොටියා, ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා, ශ්‍රී ලංකාවේ ජාතික සංකේත, ජුබිලි කණුව ..

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා දුම්රිය සේවය පවත්වාගෙන යනු ලබන දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකි. 1858 දී ආරම්භ කරන ලද මෙය වර්තමානයේ ප්‍රවාහන අමාත්‍යංශය යටතේ පවතී. ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය වාණිජ අගනුවර වන කොළඹ පිහිටි මරදාන සිට අගනුවරින් ඈත පිහිටි ප්‍රදේශත් අතර ප්‍රධාන මාර්ග පහක් ඔස්සේ දුම්රිය සේවාවන් පවත්වාගෙන යනු ලබයි.

ලංකා දිවයින

දකුණු ආසියාවේ ඉන්දියන් සාගරයේ පිහිටා ඇති දිවයිනක් වන ලංකා දිවයින හෙවත් ලක්දිව ශ්‍රී ලංකාවට අයත් විශාලතම දූපතවේ. 64.740 km² ක භූමියක් සහ 870 km² ක පැතිරුණ මිරිදිය ජලයද සහිතව 65.610 km² ක වපසරියකින් මෙම දූපත සමන්විත වේ. මෙහි මුහුදු තීරයට 1.340 km දක්වා අයත්වඇත. ශ්‍රීලංකාවේ දිගින් වැඩිම ස්ථාන දෙකකි.ඉන් එකක්නම් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ඇති කි.මී.435 දක්වා වූ දුරයි.අ‍නෙක් ස්ථානය නම් කී.මී 225ක පළලින් යුත් කොළඹ සිට සන්ගමන්කන්ද තුඩුව දක්වා වූ දුරයි. ඊසාන දිග මෝසම සහ ගිණිකොන දිග මෝසම යනුවෙන් නිවර්තන මෝසම් ශ්‍රී ලංකා දේශගුණයට ඇතුලත් වේ. මෙහි භූමි පෙදෙසෙහි වැඩි වශයෙන් පහත් බිම්, සමතලා ...

ශ්‍රී ලංකා කොටියා

ශ්‍රී ලංකීය කොටියා ලෙස විද්‍යාත්මක නාමකරණය කරන කොටි උප විශේෂයකි. මොවුන් ලංකාව තුල අන්තරායට ලක් වූ සත්ව කොට්ඨාශයකි. මොවුන් ව පළමු වරට විස්තර කර ඇත්තේ ශ්‍රී ලංකීය සත්ව විද්‍යාඥයකු වන පී. එඩ්වඩ් පිරිස් දැරණියගල මහතා විසින් ය. 2008 වර්ෂයේ සිට මොවුන් වඳවීයාමේ සත්ව කොට්ඨාශක් ලෙස IUCN රතු දත්ත පොතට අනුව වර්ගීකරණය කර ඇත. 2015 වර්ෂය වනවිට වනාන්තර තුළ නිදැල්ලේ වෙසෙන කොටි ජනගහනය දළ වශයෙන් 700ත් 950ත් අතර වේ. විල්පත්තු ජාතික වනෝද්‍යානය තුල බහුල වශයෙන් කොටි දැකගත හැකිය. මෙම සත්ත්වයා දිවියා යනුවෙන් ඇතැම් අවස්ථාවල වැරදියට හඳුන්වා ඇත. එසේම කොටියා යනු ඉංග්‍රීසි භාෂාවෙන් Tiger යනුවෙන් හඳුන්වන සත්ත්වයාද නොවේ ...

ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිගු කාලයක පටන් පවතින්නේ මිත්‍රශීලී සම්බන්ධතාවයකි. නමුත් ශ්‍රී ලංකාවේ ඇති වූ සිවිල් යුද්ධයේ සමහර කාරණා පිළිබඳ දෙරට අතර මතභේද පවතියි. ශ්‍රී ලංකාවේ ආසන්නතම අසල්වැසියා ඉන්දියාව වන අතර දෙරට එකිනෙක වෙන්වන්නේ පෝක් සමුද්‍ර සන්ධිය හරහායි. දෙරටම භූ ගෝලීයව දකුණු ආසියාව තුල උපක්‍රමශීලීව වැදගත් ස්ථාන වල පිහිටා තිබීම නිසා, ඉන්දියන් සාගරයේ පොදු ආරක්ෂක ඡත්‍රයක් නිර්මාණය කිරීමට දෙරටේම අවධානය යොමුව තිබෙයි. ඉතිහාසමය සහ සංස්කෘතිකමය වශයෙන්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වැදගත් සම්බන්ධතා පවතී. වර්ථමාන ශ්‍රී ලාංකිකයින්ගේන් 70% පමණ දෙනා ථේරවාදී බෞද්ධයෝ වෙති.

ශ්‍රී ලංකාවේ ජාතික සංකේත

ලෝකයේ ශිෂ්ටාචාරවත් හැම රටකම පාහේ සිය ජාතියක අනන්‍යතාවය ප්‍රකාශ කරන විවිධ වස්තු, ලාංඡන, සංකේත, ගීත හා කොඩි භාවිතා වේ. මේවා අතරින් සුවි‍‍ශේෂ ස්ථානයක් ලැබෙන්නේ ජාතික කොඩියටයි. රටක ජාතික කොඩිය නිර්මාණය කිරීමේ දී ආගම, එම දේශය ආවේනික හෝ දේශයේ කිසියම් වැදගත් සිදුවීමක් හා සැබැඳි සත්ත්ව වර්ග හා ශාක වර්ග සහ දේශයේ වසන විවිධ ජන වර්ග ආදී බොහෝ දෑ සැලකිල්ලට ගනු ලැබේ.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය

බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කරනු ලැබූ ලුතිතන් ජෙනරාල් රොබට් ස්ටීවන් ස්මිත් බේඩ්න් පවල් විසින් ලියූ Scouting for Boys නම් ග්‍රන්ථය, 1908 වසරේ ජනවාරි 08 වන දින ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරයේ මූලික අඩිතාලම විය. බේඩ්න් පවල් සාමිවරයා ලියූ ග්‍රන්ථයේ අන්තර්ගත දෑ ප්‍රායෝගිකව සිදුකර බැලීම උදෙසා සහ බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රචලිත කිරීම සඳහා 1907 ගිම්හාන කාලයේ එංගලන්තයේ බ්‍රවුන්සි දූපතේ කඳවුරක් පැවැත්වීය. එය ලොව විශාලම ස්වේච්ඡා සංවිධානයේ ආරම්භය විය. බේඩ්න් පවල්ට බාලදක්‍ෂ ව්‍යාපාරය මුළු ජීවිතයම වූයේය, එහෙයින් මෙතෙක් සේවය කළ හමුදා සේවයෙන් ඔහු අස්වී මුළු ජීවිත කාලයම මෙයට කැප කරමින් ලොව වටා සංචාරය කරමින් එය ව්‍යාප්ත කළ ...

                                     

ජුබිලි කණුව

1887දී උත්සවශ්‍රීයෙන් සැමරූ එක්සත් රාජධානියේ වික්ටෝරියා රැජින පදවිප්‍රාප්තියේ 50 ජයන්තිය සැමරීම සඳහා ඇයගේ යටත් විජිතයක් වූ ලංකාවේ පිහිටවූ ස්මාරකය ජුබිලි කණුව නමින් හැඳින්වේ.