ⓘ වෛද්‍ය ක්‍රම - දන්ත වෛද්‍ය විද්‍යාව, භාරතීය වෛද්‍ය විද්‍යාව, මනෝ වෛද්‍යවේදය, වෛද්‍ය විද්‍යාවේදී ප්‍රතිරූපණ ක්‍රම ලබාදීමේ සේවාව, පශු වෛද්‍ය විද්‍යාව, කීමොතෙරපි ..

දන්ත වෛද්‍ය විද්‍යාව

මෙම ලිපිය සදහන් වන්නේ දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබදවවන අතර දත්වල සත්කාර ක්‍රම පිළිබදව දැන ගැනීම සදහා මුඛ සෞඛ්‍ය හෝ දන්ත ශල්‍ය ක්‍රම බලන්න. දන්ත වෛද්‍ය විද්‍යාව යනු ඇගයීම, රෝග නිර්ණය කිරීම, වළක්වා ගැනීම හා ප්‍රතිකාර කිරීම මගින් මුඛ කුහ‍රයෙහි, මුහුණ හා හනු ප්‍රදේශවල හා ඒ අවට ඇති අදාල කොටස්වල රෝග තත්ත්වයන් පිළිබදව සිදු කරන අධ්‍යයනයන්ය. මෙම ක්ෂේත්‍රයෙහි ක්‍රියාකාරීවන පුද්ගලයන් දන්ත වෛද්‍යවරුන් යැයි හැදින්වේ. මෙලෙස මුඛ සෞඛ්‍ය ලබාදීම පිණිස ක්‍රියාකාරීවන අනෙකුත් පුද්ගලයින් දන්ත චිකිත්සකවරුන්, දන්ත කාර්මික ශිල්පීන්, දන්ත සෞඛ්‍යවේදීන් හා දන්ත සහායකයන්ය. දන්ත වෛද්‍යවරයෙකු යනු දන්ත වෛද්‍ය විද්‍යාව හැදැ ...

භාරතීය වෛද්‍ය විද්‍යාව

ඉන්දියානු දේශීය වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය පිළිබඳව අනාවරණය කිරීමේ දී එහි ඉතිහාසය බුද්ධ වර්ෂ 3000 තරම් පැරණි අතීතයක් ඇති ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තරම් ඈත අතීතයකට දිවයන බව කිව යුතුය. එමෙන්ම බුද්ධ වර්ෂ 1200 සහ 700 යන කාලවල දී චතුර්වේදයක් ද නිර්මාණය වී තිබුණි. ඒ අනුව රෝග පිළිබද විස්තර සහ ශාක ලබාදෙන ප‍්‍රතිකාර ක‍්‍රම පිළිබඳව එම වේද හතරෙහිම විස්තර කෙරුණද, ඍග් වේදයෙහි විශේෂිත වු සටහනක් ඇත. එමෙන්ම ආයුර්වේදයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙනුයේ ධන්වන්තරි මහ ඍෂිතුමාය. මෙතුමා විසින් ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය භාරතයේ ව්‍යාප්ත කර ඇත. මෙම ආයුර්වේදයෙහි විවිධ සිද්ධාන්තයන් ගොඩ නැගීම සදහා හින්දු ආගම බොහෝ බලපෑම් ඇතිකර ඇති බ ...

මනෝ වෛද්‍යවේදය

මනෝ චිකිත්සාව යනු මිනිසාගේ මානසික රෝග පිළිබදව අධ්‍යනය කෙරෙන, ඒවා වළක්වා ගැනීම හා ප්‍රතිකාර කිරීම සදහා උපයෝගි කර ගන්නා වෛද්‍ය විද්‍යා‍ෙව් සුවිශේෂි අංශයකි. මනෝ විද්‍යාවේ සායනික යොදාගැනීම් අවට ලෝකය හා මානසික රෝගීන් අතර ප්‍රතකාර කිරීමේදි පාලමක් බවට පත්ව ඇත. මෙහි වූ පර්යේෂණ හා සායනික යොදා ගැනීම් විෂයාන්තර වේ. මේ නිසා මනෝ විද්‍යාවේ පර්යේෂණ හා ප්‍රයෝගික යෙදීම් අතර විවිධ උප ක්ෂේත්‍ර පවතී. මනෝ විද්‍යාඥයින් මනෝ විද්‍යාවේ නවීනතම ඖෂධ, රෝග නීර්ණය ක්‍රම හා රෝග/ වර්ගී කරනයන් භාවිතයට ගන්නා වෛද්‍ය වරයා හා රෝගියා අතර ඇති සම්බන්ධතාවය ඉතා හොද විශේෂඥාණයක් ඇති වෛද්‍යවරැන්වේ. බුද්ධ වර්‍ෂ පස්වන සියවසේ සිට පැවත එන ...

වෛද්‍ය විද්‍යාවේදී ප්‍රතිරූපණ ක්‍රම ලබාදීමේ සේවාව

මෙය වෛද්‍ය උපකරණවලින් ලබාදෙන සේවාවෙහි විශේෂ ක්ෂේත්‍රයක් වන අතර එය ජෛව වෛද්‍ය ක්ෂේත්‍රවලින් වෙන් වේ. නමුත් ඔවුන්ගේම සේවා කණ්ඩායම් සහිත රෝහල්වල ද එය ජෛව වෛද්‍ය දෙපාර්තමේන්තුවට අන්තර්ගත කර ඇත. එක් අවස්ථාවකදී මෙම ක්ෂේත්‍රය පිළිබදව පුහුණුවක් ලබාගැනීමට ක්‍රම දෙකක් පමණක් තිබුණි. ඒවා වනුයේ හමුදා සේවයේදී ලබාගන්නා පුහුණුව සහ නිෂ්පාදකයාගෙන් රැකියා පුහුණුවේදී ලබාගන්නා දැනුම. නමුත් 1980 සිට විවිධ ස්වාධීන පුහුණු කිරීමේ මධ්‍යස්ථාන ආරම්භ කළ අතර එවන් එක් පාසලක් වූයේ RSTI මෙම ක්ෂේත්‍රයෙහි විවිධ රැකියා අවස්ථාවන් පවතී. ඒවා නම් නිෂ්පාදකයන්ගේ සේවා සපයන්නකු ලෙස, රෝහල්වල සහ ස්වාධීනව සේවා සපයන්නකු ලෙස රැකියාවෙහි ය ...

පශු වෛද්‍ය විද්‍යාව

පශු වෛද්‍යවරුන් යනු සතුන්ගේ දේහ පටක දේහ තරලය ආදිය පර්යේෂණවලට ලක්කොට රෝග නිර්ණය කිරීමට හැකියාව ඇති වෛද්‍යවරුන්ය. මේ පශු වෛද්‍ය විද්‍යාව ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය. ඒවා නම්, ව්‍යච්ඡේද විද්‍යාත්මක ව්‍යාධ වේදය සහ සායනික ව්‍යාධවේදය ලෙසයි. පශු වෛද්‍යවරුන් ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේදි වැදගත් කාර්ය භාරයක් ඉටු කරනු ලබයි. අන්තර්ගතය පශු ව්‍යච්ඡේද - විද්‍යාත්මක ව්‍යාධවේද විද්‍යාව පශු වෛද්‍ය සායනික ව්‍යාධවේද විද්‍යාව

කීමොතෙරපි

කීමොතෙරපි යනු රසායනික ද්‍රව්‍ය, විශේෂයෙන්ම ප්‍රති-පිළිකා ඖෂධ භාවිත කරමින් සිදු කරනු ලබන පිළිකා ප්‍රතිකාර ප්‍රභේදයකි. පිළිකා සුවපත් කිරීමේ අරමුණින් මෙන්ම පිළිකා රෝගීන්ට ජීවිත් වීමට ඇති කාලය වැඩිදියුණු කිරීමට සහ රෝග ලක්ෂණ යටපත් කිරීම සඳහා ද කීමොතෙරපි ලබා දීම සිදු කෙරේ. මෙය හෝමෝනමය චිකිත්සාව සහ ඉලක්කගත චිකිත්සාව හැරුණු විට පිළිකා වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයන්ගේ ප්‍රධානතම ප්‍රභේදයන්ගෙන් එකක් වෙයි. මෙම ප්‍රකාරතාවන් බොහෝ විට විකිරණ චිකිත්සාව, ශල්‍යකර්ම සහ/හෝ හයිපතර්මියා චිකිත්සාව යන අනෙකුත් පිළිකා ප්‍රතිකාර සමඟ සමුච්චිතව ලබා දෙයි. AL ඇමිලොයිඩොසිස්, ඇන්කිලොසින්ග් ස්පොන්ඩයිලිටිස්, බහුවිධ ශරීර පටක ඝනවී ...