ⓘ කාළගුණය - 2015 ඉන්දියාවේ තාප තරංග කාලගුණය, 1955, ජූනි 20 සූර්ය ග්‍රහණය, තායිපේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය, දේශගුණික වෙනස්වීම් හා කෘෂිකර්මය, ශ්‍රි ලංකාවේ ජාතික කොඩිය ..

2015 ඉන්දියාවේ තාප තරංග කාලගුණය

2015 මැයි මස දී, ඉන්දියාව විශාල තාප තරංග කාලගුණයකට හසුවිය, මැයි 29 වන විට එයින් 2.000 කට වඩා මියගොස් ඇත. මෙම කාලගුණ තත්වය ඇති වූයේ ඉන්දියාවේ ගිම්හාන සමයේ දී ය, එය සාමාන්‍යයෙන් මාර්තු සිට ජූලි දක්වා කාලය තුළ පවතී. එසේ නමුත් උණුසුම ඔක්තෝබරය දක්වා ද පවතී, බොහෝ විට මෝසම් සුළං මගින් උණුසුම වළක්වාලයි. අධික උෂ්ණ කාළගුණයට වැඩි වශයෙන් ගොදුරු වූ දකුණු දිග ආන්ද්‍ර ප්‍රදේශ් සහ ඊට අසල්වැසි ප්‍රාන්තය වූ තෙළඟනා ප්‍රාන්තයන්හී, පිළිවෙලින් පුද්ගලයෝ 1.490 හා 489 කට වැඩි ප්‍රමාණයක් මැයි 29 වන විට මිය ගොස් තිබුණු අතර නැගෙනහිර ප්‍රාන්තයන් වූ බටහිර බෙංගාලය හා ඔඩිෂා යන ප්‍රාන්ත වලද මෙම උෂ්ණ කාළගුණය හේතුවෙන් මරණ ව ...

1955, ජූනි 20 සූර්ය ග්‍රහණය

පූර්ණ සූර්ය ග්‍රහණයක් 1955, ජූනි 20 දින ඇති විය. සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ චන්ද්‍රයා, පෘථිවිය සහ සූර්යයා අතරින් ගමන් කරන විට එමගින්, පෘථිවියට සූර්යයා දර්ශනය වීම පූර්ණ ලෙසින් හෝ අර්ධ ලෙසින් හෝ වැලැක්වීම නිසාවෙනි. පූර්ණ සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ, චන්ද්‍රයාගේ දෘශ්‍ය විෂ්කම්භය සූර්යයාට වඩා විශාල වූ විට, සියළු සෘජු සූර්යාලෝකය වලක්වමින්, දහවල් කාලය අඳුරු කිරීමෙනි. පෘථිවියෙහි පෘෂ්ඨය වටා පටු පෙතක පූර්ණත්වය ඇතිවන අතර, කිලෝමීටර දහස්ගණනක් පළල කලාපයක් තුල අර්ධ සූර්ය ග්‍රහණය දර්ශනය වෙයි. උපරිම කාල සීමාව විනාඩි 7 තත්පර 8 ක් වීමෙන්, මෙය 136 ශ්‍රේණියෙහි විශාලතම සූර්ය ග්‍රහණය වෙයි.

තායිපේ

තායිපේ, නිල වශයෙන් තායිපේ නගරය ලෙස හඳුන්වනු ලබන අතර, තායිවානයේ අගනුවර හා විශේෂ මහ නගර සභාවක් වේ. තායිවානයේ උතුරු කෙළවරෙහි පිහිටා ඇත. වර්ෂ 2009 වන විට 2.693.672ක ජනගණයක් වාර්ථා වී ඇති අතර නව තායිපේ හා කීලන්ග් වැනි ආසන්න නගර වල ජනගහණයද ඇතුළත්ව 6.900.273 පිරිසක් එහි ජීවත් වේ. එය ලෝකයේ 40 වැනි වැඩිම ජනාකීර්ණ නාගරික ප්‍රදේශය වේ. තායිපේ යනු තායිවානයේ ඇති දේශපාලන, ආර්ථික, අධ්‍යාපන, හා සංස්කෘතික මධ්‍යස්ථානයක් වන අතර, චීන භාෂාව කතා කරන ලෝකයේ ප්‍රධාන කේන්ද්රස්ථාන අතරින් එකකි. තායිපේ නගරය ගෝලීය නගරයක් ලෙස සලකන අතර, ප්‍රධාන අධි-තාක්ෂණික කාර්මික ප්‍රදේශයකි. දුම්රිය මාර්ග, අධිවේගී දුම්රිය, මහාමාර්ග, ගුව ...

ශ්‍රී ලංකාවේ ආර්ථිකය

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික අංශ වන්නේ සංචාරක කර්මාන්තය, තේ අපනයනය, ඇගලුම් කර්මන්තය, වී නිශ්පාදනය, සහ අනෙකුත් කෘෂි නිශ්පාදනයි. ඉහත සඳහන් අංශ වලට අමතරව විදේශ රැකිය නියුක්තිකයන් මගින් විදේශ විනිමය සදහා ඉහල දායකත්වයක් ලැබෙයි. එහිදී ප්‍රධාන වශයෙන් මැද පෙරදිග රටවල රැකියා නියුක්තිකයන් සදහන් කල හැක. 1948 පෙබරවරි 04 වන දිනබ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් අනතුරුව උදාවූ කාලවකවානු වල ඇතිවූ සුනාමි ව්‍යසනය වැනි ස්වාභාවික ආපදා, විටින් විරට අභ්‍යන්තරයෙ අතිවූ කැරළි කෝළාහල සහ 1989 සිට 2009 වනතුරු පැවති යුධමය තත්වය හේතුවෙන් ශ්‍රි ලංකාවේ ආර්ථිකයට විශල බලපැමක් සිදුවුනි. නිවැරදි ආර්ථික සැලස්මක් හෝ ජාතික ප්‍ර ...

දේශගුණික වෙනස්වීම් හා කෘෂිකර්මය

දේශගුණික වෙනස්වීම් සහ කෘෂිකර්මය යනු අන්තර් සම්බන්ධ ක්‍රියාවලීන් වන අතර මේ දෙකම ගෝලීය පරිමාණයකින් සිදුවෙයි. ගෝලීය උණුසුම් වීම මඟින් උෂ්ණත්වය වර්ෂාපතනය හා ග්ලැසියර් දියවීම ඇතුළුව කෘෂිකර්මයට බලපාන තත්ව මත සැලකිය යුතු බලපෑම් ඇති කරයි. මෙම තත්ව මනුෂ්‍ය ජනගහනය හා ගෘහස්ථ සතුන් සඳහා අවශ්‍ය තරම් ආහාර නිෂ්පාදන සඳහා ජෛව ගෝලයේ ගෙන යාමේ ධාරිතාව ද තීරණය කරයි. වැඩිවන කාබන් ඩයොක්සයිඩ් මට්ටම් වාසිදායක හා අවාසිදායක ලෙස වගා ඵලදා මත බලපෑම් ඇති කරයි. කෘෂිකර්මය මත දේශගුණය වෙනස්වීමේ මුළු බලපෑම මෙම බලපෑම්වල තුලනය මත රඳා පවතී. දේශගුණය මත ගෝලීය දේශගුණ වෙනස්වීම්වල බලපෑම් ඇගයීම් තුළින් කෘෂිකාර්මික නිෂ්පාදනය උපරිම කර ...

ශ්‍රි ලංකාවේ ජාතික කොඩිය

මාතර දිසාව - කුරු අලියා කොඩිය ඌව පළාත - හංස කොඩිය වෙල්ලස්ස - ව්‍යාඝ්‍ර කොඩිය සත් කෝරළය - විවිධ සිංහ කොඩිය තුන්කෝරලය - භේරුන්ඩ පක්ෂියා වලපනේ දිසාව - මයුර කොඩිය තමන්කඩුව දිසාව - සිංහ කොඩිය හතර කෝරළය - ඉර හද කොඩිය සීතාවක - හස්ති කොඩිය සෙංකඩගල - සැවුල් කොඩිය රයිගම් කෝරළය - මුවා සහිත කොඩිය