ⓘ ඝන යනු පදාර්ථයේ එක් අවස්ථාවක් වන අතර එය හා හැඩයේ වෙනස්වීම්වලට ප්‍රතිරෝධීතාවයක් දක්වයි. අන්වීක්ෂීය ලෙස නිරීක්ෂණය කළ විට ඝනයන්ට පහත දැක්වෙන ගුණ ඇත. ප්‍රමාණවත් බලය ..

තීන්ත

තීන්ත යනු උපස්තරයක් මත තුනී ස්තරයක් ලෙස ආලේප කල විට, ඝන පටලයක් බවට පෙරැලෙන ඕනෑම ද්‍රවයක්, ද්‍රවීකාරකයක්, හෝ මැලියම් සංයුතියකි. වස්තූන් ආරක්ෂා කිරීමට, වර්ණවත් කිරීමට හෝ ඒවාට වයනය ගෙන දීමට බොහෝ බහුල ලෙසින් එය භාවිතා කෙරෙයි.

හුණු ගල්

හුණු ගල් යනු කැල්සියම් කාබනේට් හි විවිධ ස්ඵටිකරූපී ආකාර වන කැල්සයිට් සහ ඇරගනයිට් ඛනිජයන්ගෙන් විශාල වශයෙන් සමන්විත වන අවසාදිත පාෂාණ විශේෂයකි. බොහෝ හුණු ගල් සෑදී ඇත්තේ කොරල් හෝ ෆොරමිනිෆරා වැනි මුහුදු ජීවීන්ගේ අස්ථි කොටස් වලිනි. සමස්ත අවසාදිත පාෂාණ ඝන ප්‍රමාණයෙන් 10% පමණ හුණු ගල් වේ. The solubility of limestone in water and weak acid solutions leads to karst landscapes, in which water erodes the limestone over thousands to millions of years. බොහෝ ගුහා සංකීර්ණ පිහිටා ඇත්තේ හුණු ගල්හි පිහිටි පාෂාණ හරහා ය. හුණු ගල්හි බොහෝ භාවිතයන් පවතී: ගොඩනැගිලි ද්‍රව්‍යයක් ලෙස, මාර්ගයන්හි පාදම් සඳහා සමූහනකාරකය ...

පටිය (ලී පටිය)

මෙම ලිපියෙහි දැක්වෙන්නේ ඉදිකිරීම් කටයුතු සඳහා භාවිතා කරන ද්‍රව්‍යයක් පිළිබඳවය. පටියක් යනු ඝන ද්‍රව්‍යමය සිහින් තීරුවකි. මෙය ගොඩනැගිලි ඉදිකිරීම වැනි නොයෙකුත් ක්ෂේත්‍රයන් හි විවිධ කාර්යයන් සඳහා භාවිතා වේ. වහලවලට ෂීට් හා උළු සවිකිරීමේදී මේවා භාවිතා කෙරේ. පටිවල අනුපිළිවෙලවල් හා ඒවා අතර දුර ප්‍රමාණයන් වහල වර්ග අනුව වෙනස් වේ. මෙම පටි විටෙක අතුරු යටලීය මෙන් වහලයක කාප්පයන්ට හෝ පරාලයන්ට සෘජුකෝණිව සවිකෙරේ. තවත් විටෙක වහලයක බෑවුමට සමාන්තරව එහි සන්ධින් ආවරණය කිරීමට යොදා ගැනේ. මෙහිදී මෙම පටිද නැවත ලෝහමය වැස්මකින් ආවරණය කෙරේ. බොහෝ විට සෘජුකෝණාස්‍රාකාර හරස්කඩක් සහිත සිහින් පටි බාහිර ජනේල පැතිකඩ හෝ අභ්‍යන ...

                                     

ⓘ ඝන

ඝන යනු පදාර්ථයේ එක් අවස්ථාවක් වන අතර එය හා හැඩයේ වෙනස්වීම්වලට ප්‍රතිරෝධීතාවයක් දක්වයි. අන්වීක්ෂීය ලෙස නිරීක්ෂණය කළ විට ඝනයන්ට පහත දැක්වෙන ගුණ ඇත.

  • ප්‍රමාණවත් බලයක් යෙදුවහොත් මෙම ගුණවලට බාධා පැමිණිය හැක. එසේ වනුයේ ස්ථිර විදර්ශනයට ලක්වන බැවිනි.
  • ඝනවලට තාප ශක්තියක් ඇති බැවින් එහි පරමාණු ඉතා සෙමින් කම්පනයට භාජනය වේ. එම නිසා මෙම පරමාණු තිබුණු තත්වයට පත් කිරීම සාමාන්‍ය තත්ව යටතේ සිදු කළ නොහැක.
  • අණුවේ පරමාණු එකට ළංව ඇසිරී ඇත.
  • මෙම සංඝටක මූලද්‍රව්‍යවලට නියමිත ස්ථානයක් ඊට අදාලව ඇත. මෙය ඝනයේ දෘඪතාව ‍කෙරෙහි බලපායි. ඛනිජ විද්‍යාව හා ස්ඵටික විද්‍යාවේ ස්පටික දැලිසක් යනු එයමට ආවේණික පරමාණු දැලිසක ස්ථානගත වීමයි.ස්පටික ආකෘතිය ඒකක කෝෂවලින් තැනුනකි. පරමාණු කිහිපයක් සුවිශේෂී අයුරකට ස්ථානගනී. එය අයනිකව ත්‍රිමාණ දැලිස පැතිරෙමින් පවතින්නකි. ඒකකයක් අතර පවතින පරතරය දැලිස් පරාමිති ලෙස හදුන්වයි. ස්පටිකයේ සමමිතික ගුණ එහි අවකාශ කාණ්ඩයේ අන්තර්ගත ‍ෙ‍ව්. ස්පටික ආකෘතිය හා සමමිතිය එහි නිශ්චිත ගුණ කිහිපයක් කෙරෙහි ප්‍රධාන කාර්යක් ඉටු කරයි. ඒවා නම් බෙත්ම, ඉලෙක්ට්‍රොනික ආකෘතිය හා ප්‍රකාශ වේ.

ඝන සමග කටයුතු කරන භෞතික විද්‍යාවේ අංශය ඝන - අවස්ථා භෞතික ලෙස කියනු ලැබේ. එය solid state physics ද්‍රව්‍ය විද්‍යාව මූලික වශයෙන් ඝනවල ශක්තිය හා අවස්ථා විපර්යාස යන ගුණ පිළිබදව සලකා බලයි. එය ඝන - අවස්ථා භෞතික විද්‍යාව සමග බොහෝ සෙයින් එකට යයි. ඝන - අවස්ථා රසායන විද්‍යාවේ මෙම ක්ෂේත්‍ර 2 සමග එකට යයි. නමුත් එය නවීන සංයෝග සෑදීම අත්‍යාවශ්‍ය වේ.

සැහැල්ලුම ඝනය වනුයේ ‘එයරෝජෙල්’ නිෂ්පාදිත සැහැල්ලුතම එයරෝජෙල් හි ඝනත්වය 1.9mg/cm3 හෝ 1.9 kg/m3 ජලයේ ඝනත්වයෙන් 530න් 1කි. 1/530

                                     

එයරොජෙල්

වාතය 99.8% ක් පමණ ප්‍රතිශතයකින් සමන්විත හා ඝන සෙන්ටිමීටරයකට මි.ග්‍රෑ 1 පමණ අඩු අගයක ඝනත්වයක් දරණ එයරොජෙල් යනු අනම්‍ය ෆෝම් වර්ගයකි. ඉතාමත් හොඳම පරිවාරකය හා අඩුම ඝනත්වය දරණ ඝනය ඇතුළු, දව්‍යමය ගති ලක්ෂණ සඳහා පිරිනැමුණු විවිධ වාර්තා 15ක් එයරොජෙල් සතු වෙයි. මෙහි පවතින සුවිශේෂී ගුන නිසාත් ශක්තිමත් ව්‍යුහය නිසා එයරොජෙල් කැබැල්ලක් ගෙන හැකිතාක් සම්පින්ඩනය කලද නැවත බලය ඉවත් කල විට කිසිදු සලකුනක් ඉතිරි නොකර පෙර තත්වයට පත්වේ.තවද ඒවා ගිනි තැබූ විට ව්‍යුහය බිඳවැටී වීදුරු මෙන් පුපුරා යයි.