ⓘ ක්ෂුද්‍ර ජීවීන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් තැනී ඇති පියවි ඇසට නොපෙනෙන මෙන් ම මිනිසා හට ජීවත් විය නොහැකි විවිධ ආන්තික පරිසරවල ජීවත් ව ..

බාධක වැටිය හෙවත් පරයන්

නාවුක පරිභාෂණයට අනුව බාධක වැටි යනු නැව්වලට උපද්‍රව පැමිණ විය හැකි තරම් තියුණු ජලමතු පිටට යටින් පවතින පාෂාණයක් හෝ වැලි වැටියක් වශයෙන් හැඳින්විය හැකිය. බොහෝ බාධක වැටි අප්‍රාණික ක්‍රියාදාමයන්ගෙන් ඇති වේ. වැලි ආසාදනය, තරංග ඛාදනය පාෂාණ ඉල්ලම් පෑදීම හා වෙනත් ස්වාභාවික ක්‍රියාකාරකම් ඊට හේතුවේ. නමුත් වඩාත් හොඳින් දන්නා බාධක වැටි වන්නේ කොරල් පරයන් වන අතර ඒවා ඝර්ම කලාපීය කොරල් සහ Calcareous ඇල්ගීවලින් පාලිත සප්‍රාණික ක්‍රියාදාමයකින් වර්ධනය වේ. බාධක වැටි කෘත්‍රීම ආකාරයෙන් විශේෂ ගොඩ නැගීමකින් හෝ හිතාමතා නැව් ගිල්ලවීමට කෘත්‍රීමව ඇති කළ හැකිය. නමුත් යමෙකුට මේවා සත්‍ය බාධක වැටි නොවන බවට තර්ක කළ හැකිය. එම ...

ජලය සකස් වී ඇති ආකාරය

ද්‍රව ජලය චලනය වීමේදී ජලය අවස්ථා තුනකින් දැක්විය හැකිය. පෘථිවියේ දී එය නොයෙකුත් ආකාර ගනී. - ජල වාෂ්ප ලෙස සහ වළාකුළු ලෙස අහසේ දී, කලාතුරකින් හිම කුට්ටි හෝ මුහුදු ජලය ලෙස සාගරයේ දී ග්ලැසියර් ලෙස හෝ ගංගා ලෙස කඳු මත දී හා ගලා යන ජලය ලෙස පොළවේ දී ‍ජලය දක්නට ලැබේ. නොයෙකුත් ද්‍රව්‍යයන්ගේ ජලය දියවිය හැකිය. එහි දී එයට නොයෙකුත් ගන්ධයන් සහ රසයන් එක්වේ. කොටින්ම කිව හොත් මිනිසා සහ අනෙකුත් සත්වයන් පානය කළ හැකි ජලය හඳුනා ගැනීම සඳහා තම සංවේදීතාව වර්ධනය කරගෙන ඇත. සාමාන්‍යයෙන් සතුන් ලුණු රසැති වතුරට සහ පල් වූ ගොහොරු ජලයට අකමැති අතර ජල ධරයන්හි හෝ කදුවල උල්පත්වල පිරිසිදු ජලයට කැමැත්තක් දක්වයි. මිනිසා මද රස්නය ...

                                     

ⓘ ක්ෂුද්‍ර ජීවීන්

ක්ෂුද්‍ර ජීවීන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් තැනී ඇති පියවි ඇසට නොපෙනෙන මෙන් ම මිනිසා හට ජීවත් විය නොහැකි විවිධ ආන්තික පරිසරවල ජීවත් වන ඉතා කුඩා ජීවීන් කොට්ඨාසයකි.මෙම ක්ෂුද්‍ර ජීවීන් අතරින් මිනිසාට,සත්ත්වයන්ට මෙන් ම ශාකවලට ද හිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටින අතර අහිතකර ක්ෂුද්‍ර ජීවීන් ද වෙයි.මෙම ක්ෂුද්‍ර ජීවීන් ගිනි කඳු,සාගර පතුල,හිම කඳු,ලවණ වගුරු,උණු දිය උල්පත් හා කාන්තාර වැනි මිනිසාට ජීවත් වීමට නොහැකි ආන්තික පරිසරවල ජීවත් වෙයි.බැක්ටීරියා/ඇතැම් ඇල්ගී/දිලීර වර්ග/ඇමීබා/යීස්ට්/පැරමීසියමී/එවුග්ලිනා සහ ක්ලැමිඩොමොනාස් වැනි නම්වලින් ක්ෂුද්‍ර ජීවීන් කිහිප දෙනෙකු හැඳිනගත හැකි ය.මෙවැනි ක්ෂුද්‍ර ජීවීන් අතරින් වෛරස් නම් ක්ෂුද්‍ර ජීවී කාණ්ඩය සුවිශේෂී වෙයි.ඒ මන්ද කිවහොත් මෙම වෛරස ජීවී මෙන් ම අජීවී ලක්ෂණ ද පෙන්වන අතර මොවුන් ප්‍රමාණයෙන් ඉතා කුඩා බැවින් මේ වෛරස නිරීක්ෂණය කළ හැක්කේ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයෙන් පමණක් වෙයි.ඉහත සඳහන් වූ ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ ව මුල් වරට නිරීක්ෂණය කරන ලද්දේ ඇන්ටන් වෑන් ලීවන්හුක් නම් නෙදර්ලන්ත ජාතිකයා විසිනි.ඒ වර්ෂ 1674 දී ය.එම නිරීක්ෂණය සඳහා උපකාරී වී ඇත්තේ සරල අණ්වීක්ෂයේ සොයා ගැනීමයි.