ⓘ කඩොලාන පරිසර පද්ධතිය. නිර්වායු, ආම්ලික හා මඩ සහිත බිමක් පැවතීම ද වඩදිය බාදිය ඇතිවීම ද නිසා මෙම පරිසර පද්ධතිය තුල බීජ ප්‍රරෝහණයට සුදුසු තත්ත්වයක් නැත. ඒ නිසා ශාක ..

                                     

ⓘ කඩොලාන පරිසර පද්ධතිය

නිර්වායු, ආම්ලික හා මඩ සහිත බිමක් පැවතීම ද වඩදිය බාදිය ඇතිවීම ද නිසා මෙම පරිසර පද්ධතිය තුල බීජ ප්‍රරෝහණයට සුදුසු තත්ත්වයක් නැත. ඒ නිසා ශාක ජලබුජතාව නම් අනුවර්තනය දරයි.එහි දී ප්‍රරෝහණය ආරම්භ වී කළල විකශනයේ පසු අවධිය වන තුරු ම බීජය මාතෘ ශාකයට සම්බන්ධ වී පවතී. මේ කාල සීමාව තුල බීජ ධරය දික් වී, කරලක් ලෙස දර්ශනය වේ.පොළවට වැටුණු පසු බීජය ප්‍රරෝහණයේ ඉතිරි කොටස පහසුවෙන් සම්පූර්ණ කරයි. උදා: මහ කඩොල්, මල් කඩොල්.

                                     

1. ලෝකයේ කඩොලාන ව්‍යාප්තිය

කඩොලාන සෞම්‍ය කලාපීය රටවල අන්තර් උදම් කලාපය තුළ දක්නට ලැබෙන විශේෂිත ශාක ප්‍රජාවකි.නමුත් ජපානය,ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්ලොරීඩා වෙරළ ආශ්‍රිත නිරක්ෂයට උතුරින් පිහිටි කොටස්වල සිට නවසීලන්තය,ආජන්ටිනාව වැනි නිරක්ෂයට දකුණින් පිහිටි ප්‍රදේශ දක්වා ම කඩොලාන ශාක ප්‍රජාව ව්‍යාප්ත වී ඇත. මෙම ශාක ප්‍රජාව වඩාත් පුළුල්ව ව්‍යාප්තව ඇත්තේ ඝර්ම කලාපීය රටවල පුහුදු ප්‍රදේශවල කලපු සහ බොකු ආශ්‍රිතව ය. ලෝකයේ ඇති කඩොලාන ශාක ප්‍රජාවන්ගේ ප්‍රමාණය හෙක්ටයාර මිලියන 15.9ක් ලෙස ගණනය කර ඇති අතර මින් හෙක්ටයාර මිලියන 4.25ක් එනම්, 27%ක් ඇත්තේ ඉන්දුනීසියාවේ ය. බ්‍රසීලයේ 16%ක් ද ඕස්ට්‍රේලියාවේ 7%ක් පමණ ද දැකිය හැක.

                                     

2. ශ්‍රී ලංකාවේ කඩොලාන ව්‍යාප්තිය

ශ්‍රී ලංකාවේ ඇති මුළු කඩොලාන ප්‍රමාණය හෙක්ටයාර 12500ක් පමණ වේ. කඩොලාන වඩා විශාල ලෙස ව්‍යාප්තව ඇත්තේ පුත්තලම් දිස්ත්‍රික්කයේ මෝයන් ආශ්‍රිතව ය. ඝනව වැඩුණු කඩොලාන නිරිත දිග, දකුණු ඊසාන ප්‍රදේශයන්හි කලපු ආශ්‍රිතව තැනින් තැන විසිරී ඇත.

                                     

3. කඩොලාන ශාක

කඩොලාන ශාකවල සුවිශේෂී බවට ප්‍රධානම හේතුව ඒවා වැඩෙන පරිසරයයි. සාමාන්‍යයෙන් කඩොලාන ශාක වර්ධනය වන්නේ අන්තර් උදම් කලාපය තුල මෝය හා කලපු ආශ්‍රිතව ය. මෙම ප්‍රදේශය විටින් විට ජලයෙන් වට වීම හේතුවෙන් මෙහි පස ආම්ලික හා මඩ සහිත වේ. ඒ නිසා මෙම පරිසරයේ නොනැසී පැවතීමට සුවිශේෂී අනුවර්තන අත්‍යවශ්‍ය වන අතර එවැනි අනුවර්තන පැවතීම නිසා කඩොලාන පරිසරයේ අයිතිය කඩොලාන ශාකවලට හිමි වී ඇත.

ශ්‍රී ලංකාවේ බහුල කඩොලාන ශාක විශේෂ

ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ කලපු හා මෝය ආදී ස්ථාන ආශ්‍රිතව කඩොලාන ශාක විශේෂ 23ක් පමණ දක්නට ලැ

  • රතු කඩොල්- Ceriops tagal
  • මණ්ඩා- Avicennia marina
  • මහ කඩොල්- Rhizophro mucronta / Rhizophro apiculata
  • බෑරිය- Lumnitzera recemosa
  • මල් කඩොල්- Bruguera gymnorhiza
  • කටු ඉකිලිය- Acanthus ilicifolius
  • තෙල- Excoecarias agallocha
  • ගිංපොල් - Nypa fruticans
  • හීන් කඩොල්- Aegiceras cornicul

ශ්‍රි ලංකාවේ ක‍ඩොලාන

                                     

4. කඩොලාන පරිසරයේ සතුන්

ශාක ප්‍රජාව මෙන් ම කඩොලාන පරිසරයේ සත්ත්ව ප්‍රජාව ද සුවිශේෂ වූ අනුවර්තනවලින් යුත් සොබාදහමේ අපූර්ව නිර්මාණයන්ගෙන් අනූන වේ. විශේෂයෙන් කකුළු විශේෂ,මට්ටි විශේෂ, බෙල්ලන් විශේෂ, මත්ස්‍ය විශේෂ හා පක්ෂි විශේෂ මෙම පරිසරයේ බහුලව දක්නට ලැබේ.

                                     

4.1. කඩොලාන පරිසරයේ සතුන් කඩොලාන පරිසරයේ සත්ත්ව විශේෂ

  • මඩ පොකිරිස්සා
  • සෙරිතිඩිය බෙල්ලන් ඌරි
  • ඇලි කොකා
  • ටෙලස්කෝපියම් බෙල්ලන්
  • කඩොලාන කවාටි
  • කඩොල් කොකා
  • ලිටොරාරිය බෙල්ලන් කඩොල් බෙල්ලන්
  • තනි අඬු කකුළුවා
  • ගලුවියන් හා මුහුදු ලිහිණියන්
  • කිරි ඉස්සා
  • කඩොලාන මට්ටි
  • සිලි බිල්ලන්
  • මඩ කකුළුවා
  • මුහුදු කකුළුවා සිනක්කාලි
  • දිය හූනා
                                     

4.2. කඩොලාන පරිසරයේ සතුන් මිරිදිය ජලය හිඟවිම

පස විටින් විට කරදියෙන් යටවුවත් ශාක වර්ධනයට වැදගත් මිරිදිය මෙම පරිසරයේ හිඟ සම්පතකි. මෙම තත්ත්වය පාරිභෝගික නිරුදකත්වය ලෙස හැදින්වේ. පාංශු ජලයේ ලවණතාව ඉහළ මට්ටමක පවතින නිසා ආස්‍රැතිය මගින් ජලය අවශෝෂණයට මෙහි දී බාධා ඇති වේ. මේ අභියෝග ජය ගැනීම සඳහා ශාක විවිධ අනුවර්තන දරයි.

  • ලවණ ජලයෙන් අවශ්‍ය ජලය අවශෝෂණය කිරීමේ හැකියාව

උදා: මහ කඩොල්

  • ලුණු සහිත ජලය අවශෝෂණය කර පත්‍ර තුල ලුණු ගබඩා කිරීම හා පසුව පත්‍ර හලා දැමීම.

උදා: තෙල

  • ජලයෙන් ලුණු වෙන්කර පිට කිරීමට හැකි ග්‍රන්ථි පිහිටීම.

උදා: මල් කඩොල්, හීන් කඩොල්.

  • ඝණ උච්චර්මයක් පැවතීම.
  • උත්ස්වේදනයේ දී පිටවන ජල ප්‍රමාණය අවම කර ශාකය තුල ජලය සංචිත කිරීම.මේ සඳහා අනුවර්තන දැකිය හැක.

උදා: මුට්ටි කඩොල්, බෑරිය, පුංකඩ

  • පත්‍ර කටු සහිත වීම.

උදා: කටු ඉකිලිය.

  • පත්‍ර මාංශල වීම.

උදා: කිරල.

වඩදිය බාදිය හේතුවෙන් මෙහි ජීවත් වන සතුන්ට වරක දී ජලයෙන් යට වූ පරිසරයක ද තවත් වරක දී වායුගෝලයට නිරාවරණය වූ පරිසරයක ද ජීවත්වීමට සිදු වේ.ඒ නිසා බොහෝ කකුළු විශේෂවලට ජලක්ලෝම කුටීරයේ තෙතමනය දිගු කාල සීමාවක් රඳවා තබා ගැනීමේ හැකියාව ඇත. එමඟින් ඔවුන්ට වැඩි වේලාවක් භෞමික පරිසරයේ ජීවත්වීමේ හැකියාව ලැබී ඇත. දිය හූනා Mud Skipper වැනි මසුන්ගේ ලය වරල් හා ශ්‍රෝණි වරල් පැනීමට හා ගස් නැගීමට හැකි වන ලෙස අනුවර්තනය වී ඇති නිසා භෞමික පරිසරය තුල දී ද නොනැසී පැවතීමට ඔවුන්ට හැකි වී ඇත.



                                     

5. කඩොලාන පරිසරයේ වැදගත්කම

  • මෙම පරිසර පද්ධතිය මගින් ජීවීන් විශාල සංඛ්‍යාවකට ආහාර සැපයීම.
  • පරිභෝජනය සඳහා කැරන් කොකු ද පැදුරු හා කූඩා විවීමට පන් වර්ග ද සපයා ගත හැකිවීම.
  • මෝය හා ඉවුරු ඛාදනය වැළැක්වීම.
  • මාළු දැල් සඳහා සායම් ලෙස ද ඔරු සඳහා දැව ද මෙම පරිසරයෙන් ලබා ගත හැක.
  • ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය අධික වීම.
  • බොහෝ මසුන්, ඉස්සන්, කකුළුවන් වැනි සත්ත්ව විශේෂවල ලාබාල අවධි ගත කරන ස්ථාන මෙන් ම අභිජනන ස්ථානයක් වීම.
  • වෙරළාසන්න ප්‍රදේශවලින් මුහුදට එකතු වන දූෂිත ජලය රඳවා තබා ගනිමින් ඒවායේ විෂ බව පහත හෙළීම මගින් පරිසර දූෂණය අවම කිරිමට දායක වීම.
  • ධීවර කර්මාන්තය සඳහා මසුන් බහුල ස්ථානයක් වීම හා මත්ස්‍ය උගුල් ලබා ගත හැකි ස්ථානයක් වීම.
  • කඩොලාන ශාක ඉන්ධන, දැව, පොහොර හා ඖෂධ ලෙස ද යොදා ගනි.
  • කඩොලාන ශාක මඟින් පත්‍ර හා අනෙකුත් ශාක කොටස් ලෙස කාබනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පරිසරයට එකතු කිරීම.
  • ශාක හා සත්ත්ව විවිධත්වය නිසා ජීව විද්‍යාව හදාරන්නන්ට කඩොලාන පරිසරය එළිමහන් විද්‍යාගාරයක් වීම.
  • කුඩා සතුන්ට විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහාසැඟ වී සිටීමට හැකි වීම හා ආහාර සුලභ වීම.

කඩොලාන යනු පාරිසරික හා ආර්ථික අංශවලින් ඉතා වැදගත් පරිසර පද්ධතියකි. නමුත් මිනිස් ක්‍රියාකාරකම් හේතු කොට ගෙන මෙම පරිසර පද්ධතිය විනාශවීමේ තර්ජනයට මුහුණ දී තිබේ. එබැවින් අනාගත පරපුරේ පැවැත්ම උදෙසා කඩොලාන පරිසරය ආරක්ෂා කිරීම අද පරපුරේ යුතුකමක් මෙන් ම වගකීමක් ද වේ.



                                     

6. ආශ්‍රිත ග්‍රන්ථ

  • සමුද්‍ර දූෂණය වැළැක්වීමේ අධිකාරිය, සමුදුර පුවත්, 2006 - අප්‍රේල් කලාපය - වෙළුම 2.
  • සමාජ අධ්‍යයනය පැරණි නිර්දේශය - 9 වසර.
  • වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් පත්‍රිකා.
  • සිළුමිණ පුවත්පත රසඳුන.