ⓘ විශ්වවිද්‍යාල සිංහල උපභාෂාව. එදා මෙදා තුර මානවයා සත්ත්වයාගෙන් වෙනස් වීමටත්, විශිෂ්ටත්වයට පත්වීමටත් මූලික හේතුව මානවයා සතු භාෂා හැකියාව යි. ඒ අනුව මානව සංස්කෘතිය ..

                                     

ⓘ විශ්වවිද්‍යාල සිංහල උපභාෂාව

එදා මෙදා තුර මානවයා සත්ත්වයාගෙන් වෙනස් වීමටත්, විශිෂ්ටත්වයට පත්වීමටත් මූලික හේතුව මානවයා සතු භාෂා හැකියාව යි. ඒ අනුව මානව සංස්කෘතියේ මූලිකාංගය වන්නේ භාෂාවයි. සොබා දහමින් ලැබුනු දේට පටහැනි ව මිනිසා විසින් එකතු කරන ලද,වෙනස් කරන ලද, භෞතික ආධ්‍යාත්මික දේවල් අපි සමස්තය යැයි කියමු. මෙම මහ සංස්කෘතිය යටතේ යම් යම් උප සංස්කෘති දක්නට ලැබේ.

"උප සංස්කෘතියක් යනු පොදු සංස්කෘතිය පිළිගන්නා අතර ම එයින් පැහැදිලි ව වෙනස් වූ සිරිත් විරිත් හා සම්ප්‍රදායන්ගෙන් යුක්ත වූ ජන කණ්ඩායමක හැසිරීම යි."

ප්‍රාදේශිකත්වය, භූගෝලීය විවිධතාව, රැකියාව, වයස, ජනවාර්ගිකත්වය, ආදී හේතු නිසා මෙම උප සංස්කෘති ඇතිවේ.මෙම උප සංස්කෘති යටතේ උප භාෂා ඇතිවේ. ප්‍රාදේශීය විවිධතාව අනුව ලංකාවේ මාතර උපභාෂාව දිගාමඩුළු, මොනරාගල, බස්නාහිර ආදී වශයෙන් උපභාෂා දක්නට ලැබේ. මීට අමතර ව රැකියාව, වයස, ස්ත්‍රී පුරුෂ බව, කුලය,වාර්ගිකත්වය ආදී හේතු නිසා

  • විශ්ව විද්‍යාල උප සංස්කෘතිය
  • ත්‍රීරෝද රථ රියදුරු උප සංස්කෘතිය
  • බන්ධනාගාර උප සංස්කෘතිය
  • රොඩී උප සංස්කෘතිය
  • භික්‍ෂු උප සංස්කෘතිය
  • යාචක උප සංස්කෘතිය

ආදී උප සංස්කෘතීන් ඇතිවේ.

විශ්ව විද්‍යාලය හා ඒ තුළ වෙසෙන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බාහිර ලෝකයෙන් වෙන් වූ උප සංස්කෘතියකට අයත් පිරිසක් ලෙස ඒකරාශි වී සිටිති. විශ්ව විද්‍යාලය ගත් කල එහි භාෂා විලාසය හා සිරිත් විරිත් සෙසු තැන්වලට වඩා වෙනස් ස්වරූපයක් ගනී. මෙම විශ්ව විද්‍යාල උප සංස්කෘතිය සමාජයේ වැඩි දෙනාගේ අවධානයට ලක් වූවකි.මෙහිදී මූලික වශයෙන් මහා සංස්කෘතියෙන් වෙනස් වූ උප සංස්කෘතියක් ඇතිවීම කෙරේ බලපෑ හේතු කීපයකි.

  • බාහිර සමාජයෙන් වෙන් ව පැවතීම.
  • සමාන අධ්‍යාපන සුදුසුකම් ලැබූ පිරිසක් වීම.
  • එකම වයස් පරාසයක පිරිසක් වීම.
  • එකම භූමියක වාසය කිරීම.
  • සමාන ගැටළු වලට මුහණ දීම.
  • සමාන කාර්‍යයන් වල නියැලීම.

විශ්ව විද්‍යාල භාෂාව පිළිබඳ හැදින්වීමේ දී එය මහා සංස්කෘතියේ භාෂාවෙන් පැහැදිලිව වෙනස් වූවකි. විශ්ව විද්‍යාලය තුල පරිමිත භාෂා ව්‍යවහාරයකි.එනම් සමාජයේ විශේෂ වූ කාර්‍යයන් කීපයක් සඳහා පමණක් යෙදෙන්නකි.බොහෝවිට ප්‍රාදේශීය විවිධත්වය ආරක්‍ෂා වීමටත්,බාහිර සමාජයෙන් වෙන්වීමේ අවශ්‍යතාවත් නිසා මෙම විශ්ව විද්‍යාල භාෂාව ඇතිවී තිබේ.

                                     

1. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය

ආදිය මගින් නියෝජනය කෙරේ. ඒ අනුව විශ්ව විද්‍යාල තුළ ව්‍යවහාර වන භාෂාව පිළිබඳ අධ්‍යනය කිරීමේ දී ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියටම ඇතැම් වචන පොදුවේ. සමහර වචන විශ්ව විද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට වෙනස් වේ.

                                     

2. උප භාෂාව

පුද්ගලයින් හැඳින්වීමට විශ්ව විද්‍යාලයන්හි උප භාෂාව තුල පොදුවේ ව්‍යවහාර වන වචන:

  • උප කුලපති - වීසි කාරයා, වී සී මහප්පා
  • නිතරම පාඩම් කරන්නා - ක්‍රෑමා
  • දේශකයා - ලෙචා
  • මහාචාර්යවරයා - ප්‍රොෆා
  • පෙම්වතා හෝ පෙම්වතිය - කොක්ක
  • කණිෂ්ඨ සිසුවා - ජුන්නා
  • බෝඩිමේ හෝ නේවාසිකාගාරයේ තමා සමඟ එක කාමරයේ සිටින්නා - රූමා
  • තමන්ගේ වසරේ සිටින සිසුවා හෝ සිසුවිය - බැචා හෝ බැචී
  • නවක සිසුවිය - ෆ්‍රෙෂී
  • උප කුලපතිනි - ලොකු අම්මා
  • ජ්‍යෙෂ්ඨ සිසුවා - සින්නා
  • නවක සිසුවා - ෆ්‍රෙෂා

විරූපී තරුණියන්ට වෙනම නම් භාවිතා කරයි.

  • යකා - මදක් විරූපී තරුණිය
  • අම්බානක් යකා - අතිශයින්ම විරූපී වූ යකෙක් හා සමාන භයානක පෙනුමක් ඇති තරුණිය
  • සිරා යකා - එයටත් වඩා විරූපී වූ තරුණිය
  • අම්බ යකා - හොඳටම විරූපී තරුණිය
  • සොමි යකා - එයට වඩා විරූපී වූ ඒත් "සොමියක්" ලැබෙන තරුණිය

අධ්‍යයන කටයුතු සම්බන්ධ ව්‍යවහාර වන වචන.

  • කුප්පි දැමීම - විභාග ආසන්නයේදී දක්‍ෂ සිසුන් අනෙක් සිසුන්ට කරුණු කියාදීම "කුප්පි දානවා" නම් වේ.
  • මෙන්ඩිස් ක්‍රෑම - ආත්මාර්ථකාමීලෙස අන් අයට උදව් නොකරමින් පාඩම් කිරීම
  • මෙහි උපවර්ගයක් නම් "කුප්පියේ" ප්‍රයෝජන ලබන්නෝ සියල්ල ශිෂ්‍යාවන් නම් එය "මල් පාත්තියකි".
  • ජංගල් ක්‍රෑම - එළිමහනේ ගස් යටට වී පාඩම් කිරීම
  • ගිරවා දැමීම - කටපාඩම් කිරීම.
  • ජංගම ක්‍රෑම - ඇවිදිමින් එක් තැනක නොසිට පාඩම් කිරීම
  • ක්‍රෑම - පාඩම් කිරීම. කැලණිය විශ්ව විද්‍යාලයේ ක්‍රෑම වර්ග 5කි
  • බොග ක්‍රෑම - වැසිකිලියට වී පාඩම් කිරීම
  • ගරිල්ලා ක්‍රෑම - අන් අයගේ සටහන් සොරකම් කර පාඩම් කිරීම

විෂයයන් සඳහා ව්‍යවහාර නම්: පේරාදෙණිය‍ සරසවියේ එක් එක් විෂයන්ටද නම් පවතී

  • දේශපාලන විද්‍යාව - බෙල්ල කැපීම
  • ඉංග්‍රීසි - කඩ්ඩ
  • මනෝ විද්‍යාව - පිස්සු විද්‍යාව
  • ගණිතය - මීටරය අවුල් කිරීම
  • ආර්ථික විද්‍යාව - සූරා කෑම
  • දර්ශනය - පිස්සු දැකීම
  • සමාජ විද්‍යාව - සමාජ රෝග

සහජ දක්‍ෂතා මත විභාග පාස් වන්නේ මීටරය සහිත පුද්ගලයෝය. කටපාඩම් කර විභාග සමත් වන්නේ "මෝටරය" මගිනි. විභාගය අසමත් වීම ඇණ ගැනීම යි. එවිට "රිපීට්" වීමට සිදුවේ. එනම් ඊ ළඟ වසරේ නැවත ලිවීමට සිදු වේ. තවත් ආකාරයක ඇණ ගැනීමක් ඇත එනම් පෙම්වතා හෝ පෙම්වතිය තමා අතහැරීම යි.

                                     

3. දේශපාලනය සම්බන්‍ධ උප භාෂාව

විශ්ව විද්‍යාලය තුල ක්‍රියාත්මක වන සිසු දේශපාලනය මගින් ද යම් සුවිශේෂී වචන ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ. විශ්ව විද්‍යාලයේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සිසුන් "ජෙප්පෝ" වේ. විශ්ව විද්‍යාලයේ සාරධර්ම කඩකරන පුද්ගලයා "අල වැඩ කරන්නෙකි". මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා හැඳින්වෙන්නේ මහා ශිෂ්‍යයා නමිනි. පේරාදෙණිය‍ විශ්ව විද්‍යාලයේ පැවිදි වී සිට සිවුර හල පුද්ගලයා "ලටෙක්" යනුවෙන් හැදින්වේ.

                                     

4. පේරාදෙණිය‍ සරසවියේ විවිධ පීඨයන් හැදින්වීම සඳහාත් නම්

  • සයිකල් පයිසයිකල් කඩේ - විද්‍යා පීඨය
  • කම්මල් කඩේ - ඉන්ජිනේරු පීඨය
  • බලු මස් කඩේ - පශුවෛද්‍ය පීඨය
  • මස් කඩේ - වෛද්‍ය පීඨය
  • මඩ කඩේ - කෘෂි විද්‍යා පීඨය
  • දත් කඩේ - දන්ත වෛද්‍ය පීඨය
  • පින්තූර කඩේ - ශාස්ත්‍ර පීඨය
  • සාත්තු කඩේ - සම සෞඛ්‍ය විද්‍යා පීඨය

"හැන්ඩියට කෙල්ලො නෑ රූමන්ට ඇඳන් නෑ බ්‍රයිටන්ට ක්ලාස් නෑ" සරසවිය තුල ඇති කියමනකි. සිසුන් නේවාසිකාගාර තුල හා විශ්ව විද්‍යාල තුල පොදුවේ යම් යම් භාණ්ඩ පරිහරණය කිරීම හැඳින්වෙන්නේ "ගජේ දැමීම" නමිනි.ආර්ථික දුෂ්කරතා නිසා ඇදුම් පැළදුම් නිතර "ගජේ ගහන" භාණ්ඩ වේ. සිසුන් බස් හා දුම්රිය ගමන් වලදී මුදල් නොගෙවා යාම "ඉබ්බට යාම" වේ. මුදල් ද නොගෙවා ඉතිරි මුදල් ඉල්ලා සිටීම "කැස්බෑවාට යනවා" ලෙස හඳුන්වයි. පේරාදෙණිය‍ සරසවිය තුල සිසුන්ගේ මරණ ගෙදරකට සහභාගී වීම "කපකට යනවා" ලෙස හැඳින්වේ. මළ ගෙදරත් ඔවුන්ට ආහාර පාන ලබා දෙන කප්රුකකි. මේ නිසා එය කප" ලෙස හැඳින්වේ. සිසුන් කරන බරපතල වැරදි වලට සැඟවී සිට පහර දීම "යකා ගහනවා" යනුවෙන් හැඳින්වේ.

විශ්ව විද්‍යාලය තුල "බකට් කිරීම" ද සුලඹ දෙයකි. ෆ්‍රෙෂ් බකට්,මල් බකට්,කුණු බකට්,යනුවෙන් බකට් වර්ග තුනකි.සමහර සරසවි තුල මෙය "පොන්ඩ් කිරීම" ලෙස හැඳින්වේ. අන් අයගේ වැඩ කිරීම පේරාදෙණිය‍ සරසවිස තුල "ජෝන් වැඩ කරනවා" නම් වුවත් අනෙක් සරසවි වල මෙය කඩේ යාමකි. තරුණ තරුණියන් අන් අය සමඟ කතා නොකර ආඩම්බරයට සිටීම "ගැට්ට" ලෙස හැඳින්වේ. "ලොකු එක දෙනවා" ලෙස මෙය සමහර සරසවි වල භාවිතා වේ. සිනහ වීම විශ්ව විද්‍යාල භාෂාව තුල "පනාව දානවා" නම් වේ. තමා පැමිණි ප්‍රදේශ වල අය සමඟ පමණක් ඇසුරෑ කිරීම "කඩ දානවා" නම් වේ. ගාලු කඩේ, මාතර කඩේ, වැනි ඒ ප්‍රදේශ වලට සීමා වූ කඩ ඇත.



                                     

5. විශ්ව විද්‍යාලය තුල නිදහසේ ප්‍රේම කිරීමට වෙන්වූ ස්ථාන

  • සයිබීරියාව - කැලණිය සරසවිය
  • පූජා බූමිය - රුහුණ සරසවිය
  • සිරීපාදේ - කොළඹ සරසවිය
  • ලවර්ස් ලේන් - පේරාදෙණිය‍ සරසවිය
  • කජු කැලේ - මොරටුව සරසවිය
  • හන්ටින් ඒරියා - රජරට සරසවිය
  • ජුරාසික් පාක් - දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය, රාජගිරිය
  • බරණැස - ජයවර්ධනපුර සරසවිය

මීට අමතරව කලා පීඨයේ ආටා හා ආටිලා ඇත. ඉංජිනේරු පීඨයේ ඉංජා හා ඉංජිලා සිටී. වෛද්‍ය ශිෂ්‍යය ශිෂ්‍යාවන් මෙඩ්ඩා හා මෙඩ්ඩී වන අතර වෛද්‍යවරයා ඩොකා හා ඩොකී වේ. විද්‍යා පීඨයේ සිටින අය සයනා හා සයනී වේ. දන්ත වෛද්‍ය පීඨයේ සිටින්නේ ඩෙන්ටා හා ඩෙන්ටී වේ. මීට අමතරව විභාගයෙන් ඉහළින්ම සමත් වන පුද්ගලයා බැජ් ටොප් ලෙස හැඳින්වේ.

                                     

6. විශ්ව විද්‍යාලයට පැමිණෙන සමහර සිසුන්ට "කාඩ් එකක්"

  • හිච්චා
  • ෂෝටා
  • ලෙන්නා
  • ගොකුවා
  • අම්බුජා
  • ඇටිලා
  • මඩයා

ආදී වශයෙනි.

අන් අයගේ හාස්‍යයට ලක්වෙන ලෙස හැසිරෙන්නා "ගොන් පාට්" වේ. සාමූහික කාර්‍යයන්ගෙන් මගහැර තම පුද්ගලික කරෑණු පමණක් ඉටුකර ගන්නා පුද්ගලයන් "අපතයා/ අලයා"ලෙස හඳුන්වයි. සරසවි ආපන ශාලාවෙන් අඩු මුදලක් ගෙවා කෑම පිගානක් ගැනීම "අඩු කෑම" නම් වේ. සරසවියේ ඇති උප සංස්කෘතියට විරෝධය පාන සිසුන් මැඩ පැවැත්වීමට, මඩ පෝස්ටර් ගැසීම, බ්‍රහ්ම දණ්ඩනය, කුණු බකට් ආදී දේ ප්‍රධාන වේ. විශ්ව විද්‍යාලය තුල අභ්‍යාස පංති භාරව සිටින්නා "ටියුටා"ලෙස හැදින්වේ.මීට අමතරව සෙම් අලයෝ හා සෙම් ජෙප්පෝ ද සරසවිය තුල වෙසේ. එනම් ඔවුන් එකම දේශපාලන පක්‍ෂයකටවත් නිවැරදිව සම්බන්‍ධ නොවූ අයයි.



                                     

7. ප්‍රේමය සම්බන්‍ධ උපභාෂාව

තරුණයෙක් හා තරුණියක් ප්‍රේම සම්බන්‍ධයක් ඇතිකර ගැනීමට "කොක්කක් දාගන්නවා"යැයි කියනු ලැබේ. මෙය කොළඹ විශ්ව විද්‍යාලයේ "ගොඩ යාම" ලෙසද පේරාදෙණිය‍ විශ්ව විද්‍යාලයේ "හිච් වෙනවා" ලෙසද හදුන්වයි. පේරාදෙණිය‍ විශ්ව විද්‍යාලයේ පෙම්වතා පොර ලෙස හැදින්වේ. අනෙකුත් විශ්ව විද්‍යාවල පෙම්වතිය "කොක්ක" ලෙස හැසින්වේ. දෙදෙනා එක්ව පෙම්බස් දෙඩීම කොළඹ විශ්ව විද්‍යාලයේදී "කැරට් කෑම" ලෙස හඳුන්වන අතර ඔවුනට බාධා කිරීම "උදැල්ල දැමීම" ලෙසද හැඳින්වේ. කණිෂ්ඨ සිසුවෙක් ජ්‍යේෂ්ඨ සිසුවියක් හා ප්‍රේම සම්බන්‍ධයක් ඇතිකර ගැනීම "ලැම්බට් වීම" වන අතර ප්‍රේමයෙන් පරාජය වීම හෝ අසාර්ථක වීම "ඇන ගැනීමකි".

මේ ආකාරයට විශ්ව විද්‍යාල පද්ධතිය තුල වෙනම භාෂා ව්‍යවහාරයක් දක්නට ලැබේ.