ⓘ මහාකාලී, සාහිත්‍යමය පරිවර්තනය ශ්‍රේෂ්ඨ කාලී, යනුවෙන් හැඳින්වෙන්නේ කාලයට සහ මරණයට අධිපති හින්දු දෙවඟනයි. ඇය යතාර්ථය සහ පැවැත්මට පදනම වන සිහියට අධිපති මහාකාල දෙවි ..

                                     

ⓘ මහාකාලී

මහාකාලී, සාහිත්‍යමය පරිවර්තනය ශ්‍රේෂ්ඨ කාලී, යනුවෙන් හැඳින්වෙන්නේ කාලයට සහ මරණයට අධිපති හින්දු දෙවඟනයි. ඇය යතාර්ථය සහ පැවැත්මට පදනම වන සිහියට අධිපති මහාකාල දෙවියන්ගේ භාර්යාව ලෙස සැලකේ. සංස්කෘත වාග්විද්‍යානුකූලව මහාකාලී යනු හින්දු ආගමේ ශිවගේ විරුද නාමයක් වන මහාකාල හෙවත් මහා කාලය යන්නෙහි ස්ත්‍රී ස්වරූපය ලෙස ගැනේ. මහාකාලී යනු කාලයට සහ අවකාශයට ඔබ්බෙන් වූ ආදි පරාශක්තිගේ ස්වරූපයකි. ආදි පරාශක්තියගේ කෝපයේ බලවේගය කාලී බැවින් ඇගේ වර්ණය කළු ය. බොහෝ හින්දූන් දිව්‍යමය මාතාව ලෙස සලකන කාලීගේ ශ්‍රේෂ්ඨතම ස්වරූපය මැයයි.