ⓘ අංගන භීතිකාව යනු කාංසා අක්‍රමිකතාවයන් දක්වන මානසික රෝගයකි. විවෘත ස්ථනවලට ඇති බිය මෙහි ප්‍රධාන ලක්ෂණයකි. විවෘත ස්ථාන පොදු ජනයා ගැවසෙන මාර්ග වෙළද මධ්‍යස්ථාන මෙන්ම ..

                                     

ⓘ අංගන භීතිකාව

අංගන භීතිකාව යනු කාංසා අක්‍රමිකතාවයන් දක්වන මානසික රෝගයකි. විවෘත ස්ථනවලට ඇති බිය මෙහි ප්‍රධාන ලක්ෂණයකි. විවෘත ස්ථාන පොදු ජනයා ගැවසෙන මාර්ග වෙළද මධ්‍යස්ථාන මෙන්ම තමාගේ නිවසෙන් පිටතට යාමට පවා අංගන භීතිකා රෝගීන් බියවේ. මෙම ස්ථනවලදී ඔවුන් අසාමාන්‍ය හැසිරීම් දක්වයි. මෙම රෝග තත්වයන් නිතර ඇතිවීම මෙන්ම ඇතැම්ටිට මාස කිහිපයකට පසු හෝ යම් කාලයක් යටපත්වී සිට යලි හදිසියේ ඇතිවීමට ඉඩ ඇත. මෙම තත්වය නිසා මෙම රෝගීන් නිවසෙන් පිටතට යාමට බියවේ.

මෙම රෝග තත්වය ප්‍රෙව්ණිගත සාධක නිසා හෝ පාරිසරික බලපෑමක් නිසා ඇතිවිය හැක. ඇතැම් සිදුවීම් වලට මුහුණ දුන් පසුද මෙවන් තත්වයන් ඇතිවේ. උදාහරණ ලෙස මවුපියන් ගිණිඅවි ප්‍රහාරයකින් මියයෑම ආදී නිවසින් පිටදී සිදුවූ භයංතාර සිදුවීමක් හේතුවෙන් ඇතිවන මානසික කම්පනයන් මත මෙවන් මානසික තත්වයන් ඇතිවිය හැක. DSM-5 මානසික රෝග වර්ගීකරණය අනුව මෙය විශේෂ භීතිකා තත්වයක් මෙන්ම සමාජ භීතිකා තත්වයක් ලෙසත් හදුන්වාදෙයි. වියෝග කාංසාව ආතතිය විශාදය යන මානසික තත්වයන් හේතුවෙන්ද අංගන භීතිකාව ඇතිවිය හැක.

මේ සදහා නිසි ප්‍රතිකාර ගැනීමෙන් පමණක් යහපත් තත්වයක් අපේක්ෂා කර හැකිය. මේ සදහා ප්‍රතිකාර ලෙස ප්‍රධාන වශයෙන් මනෝ විද්‍යාත්මක උපදේශනය යොදාගනී. විශේෂයෙන් cognitive behavioral therapy CBT නම් ප්‍රතිකාර ක්‍රමය යොදාගනී. අංගන භීතිකාව වැඩිහිටියන් අතර දක්නට ලැබෙතත් ප්‍රතිශතයක් ලෙස ළමුන් අතර විරලය. ඉංග්‍රීසි බසින් අංගන භීතිකාව හදුන්වන "agoraphobia" යන වචනය ග්‍රීක භාෂාවේ ἀγορά,යන වචකයෙන් බිදී ආවකි. එහි තේරුම පොදු චතුරස්‍රය යන්නයි. -φοβία, -phobia, යනු භීතිකාව යන අරුතයි.

                                     

1. රෝග ලක්ෂණ

අංගක භීතිකාව යනු විවෘත ස්ථාන මින්සුන් සමූහ වශයෙන් රැස්වන ස්ථාන ගමනාගමනය ඇතැම්විට කුඩා දුරක් වුවද කිරීමෙදී වැනි අවස්ථවලදී ඇතිවන කාංසා ජනක තත්වයකි. අංගන භීතිකාව නිතරම නොව ඇතැම් විට විද්‍යමාන වේ. විශේෂයෙන් ජනයා බහුල වශයෙන් ගැවසෙන පොදු ස්ථානවලදී ක්‍රියාත්මක වේ. බොහෝ විට අංගන භිතිකාව ඇති පුද්ගලයන් මෙවන් ස්ථාන මගහරී. එවන් ස්ථාන වලදී ඔවුන්ට ආරක්ෂාව නැතිබව මෙම මානසික තත්වය ඇති පුද්ගලයින් විශ්වාස කරති. ඇතමුන් විවෘත ස්ථාන වලදී අසාමාන්‍ය චර්‍යයා පෙන්වයි

අංගන භීතිකාව ඇතිවීම කෙරෙහි ඇතැම්විට නිවසෙන් පිටදී සිදුවූ හදිසි පහරදීමක් හෝ එවන් හදිසි බියවීමක් වැනි ලොමුලැහැගැන්වෙන යමක් සිදුවීමද හේතුවිය හැක. මෙහිදී පුද්ගලයින් ඇතැම් ස්ථාන එනම් තමා භයානක සිදුවීමට මුහුනදුන් ස්ථානය හෝ ඊට සමාන ස්ථාන වෙත යාම හෝ දැකීම පවා ඇවිට බියවෙයි. ඔවුන් තමා පෙරදී භයානක සිදුවීමට මුහුණ දුන් ස්ථානයට ගියවිට නැවත තමාට එවන් දෙයක් සිදුවේය යන බියක් ඇතිවේ, ඇතමුන් තම නිවසෙන් පිටවීයාමට පවා බියක් දක්වයි

අංගන භීතිකා තත්වයෙන් පෙළෙන පුද්ගලයින් තමා මීට පෙර ත්‍රාසජනක සිදුවීමට මුහුණදුන් ප්‍රදේශයට යැමට බියක් දක්වයි මෙය බොහෝවිට ග්‍රස්ථීය අක්‍රමිකතා ආබාධ යක ස්වරූපයක් ගනී.තම නිවසෙන් පිටවීයාමට දක්වන අහේතුක බිය මෙහි ප්‍රධාන රෝග ලක්ෂණයයි

ඇතැමිවිට අංගන භීතිකාවෙන් පෙළෙන පුද්ගලයින් තනිව නිවසෙන් පිටවී යාමට බියක් දක්වයි.එවන් පුද්ගලයෙකු තනිව නිවසෙන් පිටව ගියහොත් ඔහුගේ කාංසාජනක තත්වයන් උග්‍රවීමට ඉඩ ඇත.

ඇතැම් විට අංගන භීතිකාව මරණ භීතිකාව හා ඥාතීත්වයක් දරයි.කාංසාජනක තත්වයන් නිවසෙන් පිටදී ඇතිවීම කෙරේ රෝගියා තුල ඇති අනාරක්ෂිතබාවය පිළිබද අහේතුක සැකය බලපායි.සවිංඥානිකව හෝ අවිංඥානිකව නිවසෙන් පිටදී තමා අනාරක්ෂිත බවත් එම නිසා තමාට හද්සි අනතුරකට හෝ මරණයට පත්වීමට ඉඩ ඇතැයි යන සැකය රෝගියාතුල ඉස්මතුවේ. අංගන භීතිකාව පිළිබද මනෝවිශ්ලේෂණවාදීන් පවසන්නේ අංගන භීතිකාව ලිංගික උත්තේජනය පිළිබද බිය සංකේතවත් කරන බවයි.එනම් පුද්ගලයෙකු විවෘත ප්‍රසිද්ධ ස්ථානයකට ගියවිට තම ලිංගය ප්‍රාණවත් වුවහොත් එම සිදුවීම නිසා තමාට ඇතිවන ලැජ්ජාව පිළිබද බියකින් පසුවීමද අංගන භීතිකාවට හේතුවක් වන බවයි.තවද ඇතැම් පුද්ගලයන්ට බැහැරදී තම ලිංගික ආවේගයන් පාලනය කරගැනීමට නොහැකිවේය යන බිය නිසා විවෘත ප්‍රසිද්ධ පිරිස් රැස්වූ ස්ථානවලට යාමට බියක් දක්වයි.

                                     

1.1. රෝග ලක්ෂණ සංත්‍රාස භීතිකාව

අංගන භීතිකා රෝගීන් ඔවුන් පෙර භයානක සිදුවීමකට මුහුණදුන් ස්ථානයට හෝ එයට සමාන ස්ථානයකට ගියවිට හදිසි අනතුරක් පිළිබද මායාවක් අද්දකින්නට සිදුවිය හැක.මෙම සංත්‍රාස භීතිකා තත්වයේ දී නෘදය ස්පන්දනය වේගවත් වීම සිරුරේ ඇන්ඩ්‍රලීන් හෝමෝන ප්‍රශිශතය ඉහළ යාම හා කෝටිසොල් හෝමොනයේ ඉහළ යාමක්ද ඇතිවන බව වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාතවී ඇත.ඇතැම් විට ඔවුන්ට පාලනය කරගත නොහැකි ආවේගයන් මතුවීම හෘදය ස්පන්දනය ක්ෂණිකව වැඩිවීම,තිගැස්මකට ලක්වීම, දහඩිය දැමීම,වෙව්ළුම,වමනය ඔක්කාරය,කරකැවිල්ල,උගුර වියලීම තදගතිය,සහ හුස්ම ගැනීමේ අපහසුතා ආදිය ඔවුන් අත්විදී.මීට අමතරව අංගන භීතිකා රෝගීන් මෙම අවස්ථාවන්හි තමාට මරණය පිළිබද භීතිකාවක් ඇතිවූබව සදහන් කරයි.

                                     

2. හේතුව

අංගන භීතිකාව ඇතිවීමට හේතුව සොයා ගැනීමට අපහසු වුවද ඇතැම් චිකිස්සකයන් ඔවුන් විසින් උපකල්පනය කරන රෝගී තත්වයන්ට ප්‍රතිකාර ලබාදෙයි.අංගන භීතිකාවට හේතුව වර්තමාන හෝ අතීත සිදුවීමක් බලපෑ හැක.එසේම කංසාමය ආබාධ පීඩාකාරී පරිසර සාධක අංගන භීතිකාව ඇතිවීමට බලපායි.

පර්යේෂකයන් අනාවරණය කරන ආකාරයට අංගන භීතිකාව හා අවකාශය දිසානතීන් අතර සම්බන්ධයක් ඇත. අංගන භීතිකා රෝගීන්ගේ අහේතුක බිය පාලනය කිරීමට ඔවුන්ගේ දෘෂ්ටිය වෙනස් කිරීමෙන් සිදුකල හැක.ඇතැම් අංගන භීතිකා රෝගීන්ට දෘෂ්ටි මායාවන් දක්නට ලැබේ.ඇතැම් විට බාහිර පරිසරයේ සිදුවූ සාමාන්‍ය සිදුවීමක් ඔවුන් පෙර මතකයන් හා සම්බන්ධ කරගනිමින් ව්‍යාජ භීතියක් ඇතිකර ගනී.මෙවන් අවස්තාවක ඔවුන් ඔවුන්ගේ සාමාන්‍ය හැසිරීම වෙනුවට අසාමාන්‍ය චර්‍යා ප්‍රදර්ශනය කරයි. ඇතැම්විට කුඩා අවධියේදී දෙමාපියන් හා වැඩිහිටියන් විසින් තම දරුවන් නිවසෙන් පිටවයාමට බියක් ඇතිකිරීම සදහා විවිධ කතා කියමින් ඔවුන් බියගන්වයි.මෙවැනි සිදුවීම් මගින් දරුවන් තාවකාලිකව තම මතයන්ට අවනතකර ගැනීමට දෙමාපියන්ට හැකිවුවද පසු කාලීනව මෙම බිය අවිඥානිකව ඉස්මතුවිය හැක.ඇතැම්විට ජනවහරේ එන ත්‍රාසජනක මිත්‍යා කතා ඇසීම නිසාද පුද්ගලයා ගේ අවිඥානය තුල බිය තැන්පත්වේ.සොහොන්පිටි,ජනශූන්‍ය පෙදෙස් වැනි ස්ථානවලට දක්වන බිය මෙයට උදානරණවේ.



                                     

2.1. හේතුව පෙළඹිම් ඇතිකරන වස්තු

කල් ඉකුත්වූ බෙන්සොඩියසෙපින්ස්benzodiazepines වැනි නිදිපෙති භාවිතය අංගන භීතිකාවට ඇතිකිරීමට හේතුනව බව පර්යේෂකයන් පෙන්වාදෙයි. මෙම නිද්‍රා ඖෂධය භාවිතකළ රෝගීන් 10 දෙනකු ක්‍රමයෙන් මෙය භාවිතයෙන් ඉවත් කිරීම සමග ඔවුන්ගේ රෝග ලක්ෂණ අඩුවූ බව පර්යේෂකයන් සදහන් කරයි. ඇතැම් මධ්‍යසාර භාවිත කරන්නන්ට විවෟත ස්ථානවලදී හදිසි භීතිකා තත්වයන්ට ගොදුරුවේ;මෙය අංගන භීතිකා රෝගී තත්වයක් නිසා නොව දීර්ෂ කාලයක් තිස්සේ ඇල්කොහොල් භාවිතය නිසා මොළයේ ඇතිවන රසායනික විකෘතිතා නිසාය. මධ්‍යසාර මෙන්ම දුම්කොළ ආශ්‍රිත මත්කාරක දුම්වැටි ආදියද අංගන භීතිකාව සමග සම්භන්ධය.දම්වැටිවල පවතින රසායනික ද්‍රව්‍ය නිසා මොළයට ඇතිවන හානි හේතුවෙන් මෙසේ අංගන භීතිකා රෝග ලක්ෂණ පහළවීමට ඉඩ ඇත.

                                     

2.2. හේතුව ඈදුම් මත

ඇතැම් පර්යේෂකයන් අදහස් දක්වන ආකාරයට අංගන භීතිකාව සදහා නිවසෙන් පිටදී තමාට ආරක්ෂාව නැතැයි යන අවිඥානිකව ඇතිවන ස්වංයොජනා හේතුවන බවයි. පශ්චාත් ව්‍යසන ක්ලමත අක්‍රමිකතා ද අංගන භීතිකාව ඇති කිරීම කෙරේ බලපායී.උදාහරණ ලෙස ක්‍රියාන්විත රාජකාරී වලදී රණවිරුවකු අද්දකින අද්දැකීම් නිසා ඇතිවන කාංසා ජනක තත්වයන් දැක්විය හැකිය.

                                     

2.3. හේතුව අවකාශ සිද්ධාන්තය

අංගන භිතිකාව ඇතිවීම කෙරෙහි සමාජ විද්‍යාත්මක සාධක බලපානබව පර්යේෂකයන් පෙන්වාදෙයි විශේෂයෙන් මිනිසා භූගෝලීය වශයෙන් සුන්දර පරිසරයන්හි වාසය නූතන සංකීර්ණ ගොඩනැගිලි සහිත කාර්‍යබහුල නාගරික පරිසරයන්ට වඩා ප්‍රියකරයි.ප්‍රසිද්ධ හා පොදු කාර්‍යබහුල ජනාකීර්ණ විවෘත ප්‍රදේශයන්ට යාමට ඇති අකමැත්ත බිය මෙම හේතු බදනම් කරගෙන ඇතිවේ. වර්තමාන සමාජයේ වේගයෙන් ජනාකීර්ණ වීම නිසා පරිසර දූශනය වයු දූශනය ශබ්ධ දූශනය හා රථවාහන අනතුරු ආදී බහුල පොදු විවෘත ස්ථාන වලට යාමට ඇතමුන් තුල ඇත්තේ බියක් හා අකමැත්තකි.මේ ආකාරයට මනොවිද්‍යාත්මක සාධකයන්ට අමතරව සමාජ විද්‍යාත්මක සාධකද පොද හා විවෘත ස්ථාන කෙරේ මිනිසා තුල බිය හා අකමැත්ත ජනිත කිරීමට හේතුවෙයි.



                                     

2.4. හේතුව පරිණාමීය මනෝ විද්‍යාව

පරිණාමීය මනෝ විද්‍යාඥයන්ට අනුව අදිකාලීන මිනිසා විවෘත ස්ථාන වල ගැවසීමට බියවිය මන්ද මෙවන් විවෘත ස්ථාන වලදී සතුරකු ගෙන් සැගවී යාමට ඇති නොහැකියාවයි.විවෘත භූමි වලදී විලොපිකයන්ගේ ආක්‍රමණයකට පහසුවෙන් ගොදුරුවීමට ආදී මානවයාට සිදුවිය.එසේම ස්වභාවික ආපදා වලදී පවා විවෘත භුමි අනාරක්ෂිතබවක් දැක්වීය.විවෘත භූමි කෙරේ ආදී මානවයා දැක්වූ බිය වර්තමාන මානවයාටද පරිණාසීය හා ජනමය වශයෙන් උරුමවී ඇත.

                                     

3. රෝග විනිශ්චය

අංගන භීතිකා රෝගීන් බොහෝමයක් රෝග ලක්ෂණ පහළවූවිට ප්‍රතිකාර සදහා මනෝ චිකිස්සකයන් වෙත යොමුවෙයි. අංගන භීතිකාව විවෘත හෝ පොදු ස්ථානයකදී ඇතිවන අනාරක්ෂිත බවක් හෝ අකමැත්තක් නිසා ඇතිවන කාංසා ජනක තත්වයක් හෝ අසාමාන්‍ය චර්‍යාරටාවන් ඇතිවීම ලෙස හදුනාගත හැක.මෙම නිසා අංගන භීතිකා රෝගීන් විවෘත හෝ පොදු ස්ථාන වලය යාම හෝ ඇතැම් විට නිවසින් පිටතට යාමට පවා බියක් හෝ අකමැත්තක් දක්වයි. රෝග ලක්ෂණ ඇතිවූවිට ඉක්මනින් ප්‍රතිකාර ගැනීම මගින් අයහපත් තත්වයක් දක්වා වර්ධනය වීම පාලනය කරහැකිය. එහෙත් බොහෝ විට අංගන භීතිකාව නිවැරදිව විනිශ්චය අරම්භක අවධියේ අපහසුව.බොහෝ රෝගීන් චිතිස්සකයෙකු මුන ගැසෙනවිට ඔවුන් තදබල ලෙස කාංසා සහ විෂාද තත්වයන්ට පත්වී හමාරය.

                                     

4. ප්‍රතිකාර

අංගන භීතිකාව සදහා විවිධ ප්‍රථිකාර ක්‍රම භාවිත කරයි.මේ අතර මනෝවිද්‍යාත්මක ප්‍රථිකාර ප්‍රධානය.අතීතයේදී මේ සදහා ස්වාප්න ප්‍රථිකාර ක්‍රමය යොදාගැනුනි.සිග්මන් ෆ්‍රොයිඩි විසින් හදුන්වාදුන් මනෝවිශ්ලේෂණ ප්‍රතිකාරයක් වන නිදහස් සංඝටන ප්‍රතිකාර ක්‍රමයද මේ සදහා යොදාගත හැක.මනෝවිද්‍යාත්මක උපදේශනයට අමතරව ඇතැම්විට ඖෂධ ප්‍රථිකාරද ලබාදෙයි.

විකල්ප ප්‍රතිකාර

තමාට බියක් ඇතිවූ විට එය තවෙකෙකුට පැවසීම ඉතා සුදුසුය.තමාට ඇතිවන බිය පිළිබද දුරකථන පණිවිඩයක් ලබාදී අන් අය සමග තොරතුරු හුවමාරු කරගත හැක.එසේම තමාට බියක් ඇතිවූවිට තමා අසල යම් අයුධ උපකරණ වැනි යමක් තබා ගැනීම ඇතමුන් සිදුකරයි.මීට අමතරව විවිධ ආගම් හා විශ්වාස මත පදනම්වූ අභිවාර පවතී.බිය ඇතිවූවිට පවසන විවිධ ආගමික පාඨ බොහෝ ආගම්වල පවතී.

                                     

5. ලිග භේදය

අංගන භීතිකාව වැඩි වශයෙන් ස්ත්‍රින් තුල දක්නට ලැබෙන රෝගයකි. මෙම තත්වය සදහා සංස්කෘතික කාරනාද බලපා ඇත.පුරුෂයෙකු තුල බියගුළු බාවය සංස්කෘතියතුල අනුමත නොකරයි.පුරුෂයන් නිර්භීත මෙන්ම අභියෝග අමුවේ ඔරොත්තු දෙන බලවත් පෞරුෂයක් පිරිමියාට තිබිය යුතුබව සමාජ සම්මතයයි.එබැවින් පුරුෂයන්ට බියක් ඇතිවුවද එය ප්‍රකාශ කිරීමට බොහෝ පුරුෂයන් ලැජ්ජාවෙයි.එහෙත් ස්ත්‍රියට එසේ නොවේ.ඇයට ඕනෑම අවස්තාවක තම බිය චකිතය ප්‍රකාශ කිරීමට හැකියාව ඇත.එබැවින් ස්ත්‍රින් තමාට ඇතිවන බිය එවලේම ප්‍රකාශනය කරයි.පුරුෂයන් බොහෝවිට තමාට ඇතිවන බිය පිටතට ප්‍රකාශ කිරීම වෙනුවට මත්පැන් මත් ද්‍රව්‍ය ආදිය භාවිතාකර තමාට ඇතිවන බිය අමතක කිරීමට පෙළඹේ. කෙසේ වෙතත් ලිංග භේදය මත අංගන භීතිකාව වෙනස් අයුරින් බලපාන බව පර්යේෂකයින් තහවුරු කර නැත.

                                     

6. මේවාත් බලන්න

  • Enochlophobia: විශාල පිරිසක් රැස්වූ ස්ථානයකට යාමට දක්වන බිය
  • Agyrophobia, පාර හරහා පැනීමට දක්වන බිය
  • Obsessive compulsive disorder, which can feature specific fears that cause one to become homebound
  • Hikikomori
  • Ochlophobia: පිරිසක් රැස්වී ඇති තැනකට යාමට දක්වන බිය
  • List of films featuring mental illness: Agoraphobia
  • Specific social phobia
  • Generalized anxiety disorder
  • Xenophobia, ආගන්තුකයන්ට දක්වන බිය