ⓘ ජීව විද්‍යාව ..

අක්මාව

අක්මාව මිනිස් දේහයේ පවතින දෙවන විශාලතම ඉන්ද්‍රියයි. නමුත් අන්තරංග අවයව වලින් විශාලතම අවයවයි. මෙය දේහයේ වූ විශාලතම ග්‍රන්ථියයි. අක්මාවට රුධිරය සැපයෙන්නේ මහා ධමනියේ ශාකාවක් වන සීලියක් ධමනිය 2 ට බෙදීමෙන් ඇතිවන යාකෘතික ධමනිය මගිනි. අමාශය, අග්න්‍යාශය, අන්ත්‍ර වලින් හටගන්නා කේශනාලිකා වලින් සැදෙන යාකෘතික ප්‍රතිහාර ශිරාව මගින් ද අක්මාවට රුධිරය සපයයි. එය ඔක්සිජන් විමුක්ත රුධිරය වුවද පෝෂක ද්‍රව්‍ය වලින් පොහොසත්ය. මේ අතර අක්මාවේ භාවිතා කරන ලද රුධිරය ශිරාවක් මගින් ඉවත් කර අධර මහා ශිරාවට සපයයි. ප්‍රෝටීන වල පරිවෘත්තියට දායක වේ. පිත සංස්ලේෂණය සහ ශ්‍රාවය සිදු කරයි. රුධිර ප්ලැස්ම ප්‍රෝටීන් සංස්ලේෂණය කරයි. ...

අධ්‍යාපන මනෝවේදය

අධ්‍යාපන මනෝවේදය යනු මිනිසා අධ්‍යාපන පසුබිමක ඉගෙන ගන්නා ආකාරය, අධ්‍යාපනික වෙනස්කම්වල ඵලදායීතාව ඉගැන්වීමේ මනෝ විද්‍යාත්මක පසුබිම සහ පාසල් සමාජ මනෝ විද්‍යාත්මක පසුබිම ගැන කරන විග්‍රහයකි. නමුත් අධ්‍යාපනික මනෝවිද්‍යාව සහ පාඨශාලීය මනෝවිද්‍යාව එකිනෙකට බැඳුණ ද ගවේශකයින් සහ මතවාදීන් අධ්‍යාපනික මනෝ විද්‍යාඥයින් ලෙසද පාසල් හා ඒවා ආශ්‍රීත මනෝ විද්‍යාඥයින් පාඨශාලීය මනෝවිද්‍යාඥයින් ලෙස ද හැඳින්විය හැක. අධ්‍යාපනික මනෝ විද්‍යාව මගින් ශිෂ්‍යයා ඉගෙනීම සහ තම බුද්ධිය වැඩි දියුණු කරන ආකාරය ගැන අවධානය යොමු කර ඇති අතර විශේෂයෙන්ම මෙහිදී අධිමානසිකත්වයක් ඇති සිසුන් සහ අබාධිත සිසුන් ගැන වැඩි අවධානයක් යොමු කරයි. අධ් ...

අන්තරාසර්ග පද්ධතිය

අන්තරාසර්ග පද්ධතිය යනු හෝර්මෝන නැමැති බහිස්සෛලීය‍ පණිවිඩකාරක අණු ශ්‍රාවය කිරීමට සහභාගී වන කුඩා ඉන්ද්‍රියයන් සංකලිත වූ පද්ධතියකි. අන්තරාසරග පද්ධතිය උපකාරී වන්නේ, පරිවෘත්තීය ක්‍රියා පාලනය, වර්ධනය සහ විකසනය, ලිංගික පරිනතිය, පටක ක්‍රියාකාරීත්වය යන ක්‍රියා සඳහාය. එමෙන්ම මනෝභාවයන් තීරණය කිරීමෙහිලා ද ක්‍රියාකාරී වෙයි. අන්තරාසර්ග පද්ධතියේ ආබාධ සමඟ සම්බන්ධ වන වෛද්‍ය ක්ෂේත්‍රය අන්තරාසර්ග විද්‍යාව ලෙස හැඳින්වේ. මෙය අභ්‍යන්තර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ක්ෂේත්‍රයේ එක් අංශයකි.

අන්තරාසර්ග විද්‍යාව

මෙය වෛද්‍ය විද්‍යාවේ ශාඛාවක් වන අතර එය මඟින් පද්ධතියේ ලෙඩ රෝග ගැනත් හෝමෝයන ස්‍රාවයන් පිළිබඳවත් සොයා බැලේ. අන්තරාසර්ග පද්ධතියේ ඉන්ද්‍රයින්, හෝමෝන හා රිසෙප්ටෝන එක් සෛලයක් මඟින් අනෙකුත් සෛලයක් වෙත ගෙයන පණිවිඩකරුවෙකු හෙවත් සංඥා ලෙස හෝමෝන හැඳින්විය හැක. රුධිරය මඟින් බොහෝ හෝමෝන ඔවුන්ගේ ඉලක්ක වෙත ගෙන යැවේ. සෑම බහු සෛලික ජීවියෙකුටම සෛලවල ක්‍රියාකාරීත්වය එකට එකතුකරන හා පාලනය කරන නියාමක පද්ධති අත්‍යවශ්‍යයි. උසස් සත්වයින්ගේ මෙම ක්‍රියාකාරීත්වය ක්‍රියාවලි 2ක් මඟින් කෙරේ. මෙම පද්ධතියෙන් බොහෝ විට රුධිරය වෙත රසායන ද්‍රව්‍ය නිදහස් කෙරෙන අතර ජීවීන්ගේ ඉතා ‍හොඳ වර්ධනයකට හා ක්‍රියාකාරීත්වයකට මෙය අත්‍යාවශ්‍යයි ...

අභ්‍යාවකාශ ජීව විද්‍යාව

Astrobiology යන ග්‍රීක වචනයේ තේරුම වන්නේ යන්නයි. එය විශ්වයේ ජීවය සෙවීම සඳහා තාරකා විද්‍යාව, භූ විද්‍යාව හා ජීව විද්‍යාව සංයෝජනය කෙනෙ ක්ෂේත්‍රයකි. එය ප්‍රධාන වශයෙන් නාභිගත වන්නේ ජීවයේ සම්භවය, ප්‍රචාරණය හා පරිණාමය මතයි. වෙනත් තාරකා වටා පවතින ග්‍රහ මණ්ඩල පිළිබඳ තොරතුරු ආමනයන් සමඟ එහි අණසක බහිර් ජීව විද්‍යාව දක්වා පුළුල් වී ඇත. අභ්‍යවකාශ ජීව විද්‍යා පර්යේෂණ මාතෘකා අතරින් සටහන් වන්නේ වෙනත් ග්‍රහලෝකවල ජීවය පවතී නම් අප එය හඳුනාගන්නේ කෙසේද? ජීවය යනු කුමක්ද? පෘථිවිය මත ජීවයේ වර්තමානය හා අනාගතය පිළිබඳ අජටාකාශ භෞතික විද්‍යා නිරීක්ෂණ පවසන්නේ මොනවාද? එය DNA හා කාබන් මත හෝ වෙනත් යමක් මත පදනම් වූවක් ද? ප ...

අශ්මිත ලාංඡන විද්‍යාව

ජීව විද්‍යාවේ ශාඛාවක් වන අශ්මිත ලාංඡන විද්‍යාව ජීව හැසිරීම්වල සලකුණු අධ්‍යයනය කරයි. පුරා තත්ත්ව විද්‍යාවෙහි ශාඛාවක් ලෙස ද සාමාන්‍යයෙන් හැඳින්වුව ද අශ්මිත ලාංඡන විද්‍යාවෙහි එකම ශාඛාවක් වන පුරා අශ්මිත ලාංඡන විද්‍යාව පොසිල සලකුණු පිළිබඳ අධ්‍යයනය කරයි. නව අශ්මිත ලාංඡන විද්‍යාව විසින් නවතම සලකුණු පිළිබඳව අධ්‍යයනය කරයි. නව සලකුණු හා පොසිල සලකුණු අතර ඉහත ලෙස සමාන්තර අධ්‍යයනයන් පවතින අතර එමඟින් විද්‍යාඥයයින් ‍ෛඑතිහාසික ජීවී ආකාරවල ජීව රූපාකාර දැන් නොපවතිය ද එම විද්‍යාව මඟින් ඔවුන්ගේ හැසිරීම් හා රූපාකාර පිළිබඳව සලකුණු සොයා ගනී. මෙම ක්ෂේත්‍රයේ අධ්‍යයනයන් හා පරීක්ෂණ කරන විද්‍යාඥයින් අශ්මිත ලාංඡන විද් ...

                                     

T සෛල

T සෛල යනු සුදු රුධිර සෛල වලට අයත් වසා සෛල වර්ගයකි. මෙමගින් සෛල මගින් ඇති කරන ප්‍රතිශක්තිකරණය සදහා කැපීපෙනෙන කෘත්‍යයක් ඉටු කරයි. මේවා අනෙකුත් වසා සෛල වන B සෛල සහ NK සෛල වලින් වෙන්කොට හදුනාගත හැක්කේ එම සෛවල මතුපිට පෘෂ්ටයෙහි T ‍ෛසල ප්‍රතිග්‍රාහක යනුවෙන් විශේෂ ප්‍රතිග්‍රාහක පිහිටා ඇති බැවිනි. මෙම සෛල වලට T සෛල යැයි හැදින්වනුයේ ඒවා හටගන්නා තයිමසය නම් ග්‍රන්ථිය නමිනි.

                                     

අලෝක-පරායත්ත ප්‍රතික්‍රියා

ආලෝක-පරායත්ත ප්‍රතික්‍රියා, හෝ අලෝක ප්‍රතික්‍රියා, යනු ප්‍රභාසංස්ලේෂණයෙහි පළමු අදියර වන අතර, මෙම ක්‍රියාවලිය ඔස්සේ ශාක විසින් සූර්යා‍ලෝකයෙන් ශක්තිය ග්‍රහණය කොට ඒවා ගබඩා කර ගනිති. මෙම ක්‍රියාවලියේදී, රසායනික ශක්තිය බවට ආලෝක ශක්තිය පරිවර්තනය වනුයේ, ශක්ති-වාහක අණු වන ATP සහ NADPH උපයෝගී කොට ගෙනය. ආලෝක-ස්වායත්ත ප්‍රතික්‍රියා වලදී, ඉහතදී සැදුනු NADPH සහ ATP විසින් විසින් CO 2 ඔක්සිහරණයක් වෙත මෙහෙයවමින් ග්ලූකෝස් වැනි වඩාත් ප්‍රයෝජනවත් කබෙනික සංයෝග තනවයි.

                                     

ආලෝක ජීව විද්‍යාව

ආලෝකය හා ජීව සංවිධාන වල අතර ඇති අන්තර්ක්‍රියා පිළිබඳ අධ්‍යනය කරයි. ප්‍රභාසංස්ලේෂණය, ප්‍රකාශ රූපනය, සර්කෙඩියානු රිද්ම හා අල්ට්‍රාවයලට් විකිරණ ඵල පිළිබඳවද අධ්‍යනය කරයි. ආලෝක ජීව විද්‍යාව පිළිබඳ වූ ඇමරිකානු සංගමය නමි වූ වෘත්තිය මට්ටමින් වූ ඉතා වැදගත් ප්‍රභා ජීව විද්‍යාව පිළිබඳ සංගම් ඇති අතර ඉහත සංගමය මගින් නිකුත් කරන සඟරා නම් ප්‍රභාරසායනය හා ප්‍රභා ජීව විද්‍යාව ද යුරෝපීය සංගමය විසින් ප්‍රභාරසායනික හා ප්‍රභා ජීව විද්‍යාව නම් වූ සඟරාද නිකුත් කරයි.

                                     

ගහණය

ගහණය යනු පරිසරයක හමුවන දෙවැනි සංවිධාන මට්ටම යි. නිශ්චිත කාල සීමාවකදී යම් ප්‍රදේශයක් තුළ එකිනෙකා අතර අන්තර් ක්‍රියා දක්වමින් ජීවත්වන එක ම විශේෂයකට අයත් ජීවීන් සමූහයක් ගහනයකි.

                                     

ව්‍යාධි විද්‍යාව

ව්‍යාධි විද්‍යාව යනු ඉන්ද්‍රියන්, පටක, ජීව තරල හා සියලුම ශාරීරික කොටස් පරීක්ෂා කර බලා යම්කිසි රෝගයක් හඳුනාගැනීමක් හා අධ්‍යයනය කිරීමකටය. යම්කිසි රෝගයක් පිළිබද විද්‍යාත්මක අධ්‍යයන යන්නද එම වචනය තුලින් අන්තර්ගත කරයි. මෙය සාමාන්‍ය ව්‍යාධිවේදය ලෙස හදුන්වයි. වෛද්‍ය විද්‍යාවේ ව්‍යාධිවේදය, ව්‍යවිච්චේදක ව්‍යාධිවේදය හා ශායනික ව්‍යාධිවේදය ලෙසශාඛා දෙකකට බෙදේ. සත්ත්ව විද්‍යාත්මක වෛද්‍යවේදය මගින් සතුන්ගේ රෝග සම්බන්ධයෙන් කතා කෙරෙන අතර ශාඛ ව්‍යෛධිවේදය යනු ශාක රෝග පිළිබද අධ්‍යයනයයි.

                                     

සත්ත්‍ව වංශ

ත්‍රිප්‍රස්තර සතුන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ පරිණාමය වී තිබේ. එනම් Protostomia සහ Deuterostomia ලෙසටයි.