ⓘ කැරන් හෝනි. ජර්මානු ජාතික මනෝ වෛද්‍යවරියකි 1885 සප්තැම්බර් මස 16 වන දින ජර්මනිෙය්දී උපත ලැබීය ඇගේ පියා නැවක කපිතාන්වරෙයකු වූ අතර දැඩි ආගමික මතධාරියෙකු විය ඔහුට ..

                                     

ⓘ කැරන් හෝනි

ජර්මානු ජාතික මනෝ වෛද්‍යවරියකි 1885 සප්තැම්බර් මස 16 වන දින ජර්මනිෙය්දී උපත ලැබීය ඇගේ පියා නැවක කපිතාන්වරෙයකු වූ අතර දැඩි ආගමික මතධාරියෙකු විය ඔහුට විවාහ දෙකක දරුවන් සිටියහ කැරන් හෝනි ගේ මව ඔහුගේ දෙවන බිරිද වූවාය කැරන් හෝනිට වැඩිමල් සහොදරයන් හතර දෙනකුවිය ඔවුන් සියල්ල ඇගේ පියාගේ පෙර විවාහයේ දරුවන් විය හොනිගේ පියා සැරපරුෂ ගති ඇති තැනැත්තෙක් විය ඇගේ පියාගෙන් ඇයට ආදරය නොලැබුණ බව ඇය පවසා ඇත එම නිසා ඇය තම පියාට වඩා මවට ඇලුම් කළාය හොනිගේ පියාගේ දරදඩු භාවය නිසාම 1904 දී ඇගේ මව පියාගෙන් වෙන්විය එහෙත් ඔවුන් නීතියෙන් දික්කසාදවී නොමැත මවගේ වෙන්වීමත් සමග ඇය තම වැඩිමහල් සොයුරාට සමීප විය එහෙත් ඇගේ වැඩිමහල් සොයුරාගෙන්ද ඇයට ආදරය අහිමි වූබව සදහන්වේ

                                     

1. අධ්‍යාපනය හා විවාහය

තම දෙමාපියන්ගේ අකමැත්ත මැද කැරන් හොනි ෆ්‍රෙයිබග් විශ්වව විද්‍යාලයටThe University of Freiburg ඇතුළු වූයේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමටයි පසුව ඇය ගොටින්බර් සරසවියටත්University of Göttingenබර්ලින් විශ්ව විද්‍යාලයටත්University of Berlin පිළිවෙලින් ඇතුලත් විඅය වෛද්‍ය ශිෂ්‍යාවක ලෙස සිටින කාලයේ දී ඇයට තම පෙම්වතා මුනගැසිණ ඇය 1909 දී විවාහවිය ඇයට විවාහ‍යෙන් දැරියන් තිදනෙකු ලැැබුවාය ඇගේ පළමු දැරිය පසු කලෙක දක්ෂ නිලියක විඇය 1913 දී වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළායˌහෝනිගේ පළසු දරුවාට වයස අවුරුද් 13 වන විට හෝනිගේ සොහොයුරා මිය ගියහ.ඇගේ සැමියාගේ ව්‍යාපාර බංකොලොත් වී ගියහ.මෙම අභාග්‍ය සම්පන්න සිදුවීම් දාමය නිසා වරක් ඇය මුහුදේ පිහිනන අතරතුර සියදිවි නසා ගැනීමටද තැත්කළාය.1930 දී එක්සත් ජනපදයවෙත් සංක්‍රසණය වන ඇයට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගේ අනුගාමිකයන් වූ එරික් එරික්සන් හැරී සුරීවාන් වැනි උගතුන් හමුවේ.ඉන්පසු ඇගේ අවදානය මනෝ විශ්ලේෂණවාදය වෙත යොමුවන අතර මනෝ විශ්ලේෂණවාදී ගුරු කුලයේ ප්‍රබල අනුගාමිකයෙකු බවට පත්වේ.එහෙත් ෆ්‍රොයිඩ්ගේ ඇතැම් අදහස් එකහෙලා පිළි නොගත් ඇය මනෝවිශ්ලේෂණවාදය ප්‍රතිශෝධනය කිරීමට දායක විය.

                                     

2. මනෝ විශ්ලේෂණවාදය ප්‍රතිශෝධනය කිරීම

සිග්මන්ඩ් ෆොයිඩ් ගේ ප්‍රබල අනුගාමිකයෙකු වූ කැරන් හෝනි ගේ අවදාවය වැඩි වශයෙන්ම යොමුවන්නේ න්‍යුෙරා්සීය ස්වභාවය මනෝ චිකිස්සාව හා කාන්තා ලිංගිකත්වය යන මාතෘකා කෙරෙහිය.ෆොයිඩ් ගේ ප්‍රබල අනුගාමිකයෙකු වුවද ඇය ෆ්‍රොයිඩ් ගේ ඇතැම් ඉගැන්වීම් ප්‍රතික්ෂේප කළාය.විශේෂයෙන් ලිංගික ප්‍රේරණ හා පෞරුෂය පිළිබද ෆ්‍රොයිඩියානු මතවාද ඇය ප්‍රතික්ෂේප කළාය.ශිෂ්න මාත්සරවය කාන්තාව සම්භන්ධයෙන් ප්‍රබල මනෝ විද්‍යාත්මක සාධකයක් නොවන බවට ඇය මත පල කළාය.ඇය ෆොයිඩ් ගේ ශිෂ්න මාත්සර්වය වෙනුවට ගර්භාෂ මාත්සර්වය හදුන්වා දුන්හ.ස්ත්‍රීන් පුරුෂ ලිංගය කෙරෙහි ඊර්ෂ්‍යෙවන් සිටින තමාට එවැන්නක් නැතැයි ලිංගික අතෘප්තියෙන් පසුවන ලිංගික අසහනකාරියන් නොවනබව ඇය තරයේ කියා සිටියාය.එහෙත් පුරුෂයන් සිත්‍රීන්ගේ දරුවන් වැදීමේ හැකියාව කෙරේ ඊර්ෂ්‍යාෙවන් පසුවන බව පැවසුවාය.ඇය කාන්තා මනෝ විද්‍යාවේ පදනම ලෙස අසීමිත විශ්වාසය ප්‍රේම සබදතා ඔනෑවට වඩා අගය කොට සැළකීම යන කරුණු කෙරේ අවධානය යොමුකලයුතු බව පැවසුවාය.