ⓘ සමාජ ඉගෙනුම් වාදය. මනෝ විද්‍යාව තුල දක්නට ලැබෙන ප්‍රධාන ගරුකුලයකි. සමාජ ඉගෙනුම් වාදය එහි නිර්මාතෘ අල්බට් බන්ඩුරා නම් වූ මනොවිද්‍යාඥයාය.සමාජ ඉගෙනුම්වාදය වර්‍යාවා ..

                                     

ⓘ සමාජ ඉගෙනුම් වාදය

මනෝ විද්‍යාව තුල දක්නට ලැබෙන ප්‍රධාන ගරුකුලයකි. සමාජ ඉගෙනුම් වාදය එහි නිර්මාතෘ අල්බට් බන්ඩුරා නම් වූ මනොවිද්‍යාඥයාය.සමාජ ඉගෙනුම්වාදය වර්‍යාවාදී ගුරුකුලය හා ප්‍රජානන මනෝවිද්‍යා ගුරුකුලය ඇසුරින් ගොඩනැගුන නවතම ගුරුකුලයකි.සමාජ ඉගෙනුම්වාදීන් පුද්ගලයාගේ සෑම ඉගෙනුමක්ම අන්තර්සමාජ සම්භන්ධතාමත ගොඩනැගෙන බව පිළිගනිති.සමාජ ඉගෙනුම්වාදයේ මූලාරම්භය දෙවන ලෝක යුධසමය කරා දිවයයි.චර්‍යාවාදී මනෝවිද්‍යා ගුරුකුලයට අයත් සමභ්‍යතා ආරෝපණවාදය හදුන්වාදුන් ඉවාන් පැව්ලොව් එඩ්වඩ් ලී තොණ්ඩයික් ජෝන් බී වොට්සන් බී එෆ් ස්කිනර් යන සම්භාව්‍ය මනොවිද්‍යාඥයන්ගේ ඉගැන්වීම් සමාජ ඉගෙනුම්වාදය බිහිකිරීමට ප්‍රබල බලපෑමක් එල්ලකළේය.නීල් මිලර් සහ ජෝන් ඩොලාඩ් යන විද්‍යාඥයන් උපස්ථම්භය සංකල්පයට පරිබාහිරව සමාජ අනුකරණය සදහා වූ ප්‍රේරණයන් පවතිනබව පෙන්වාදුන්හ.සමාජ ඉගෙනුම්වාදීන් මිනිස් චර්‍යාව කෙරේ බාහිර පරිසරයේ බලපෑම මෙන්ම මිනිස් ප්‍රජානනයේ බලපෑමද පිළිගනී.සමාජ අනුකරණය මගින් වර්‍යාවන් හැඩගැසීම ප්‍රාථමික ගෝත්‍රිකයන්ට මෙන්ම නූතන සංකීර්ණ සමාජයන්හි වෙසෙන මානවයාටද එකසේ වැදගත්බව ඇල්බට් බණ්ඩුරා පවසයි. සමාජයේ පවතිව ඔනෑම සංසිද්ධියක් පුද්ගලයාට සංකේතාත්මක ආදර්ශයක් බව සමාජ ඉගෙනුම්වාදීන් පවසති.මෙවන් ආදර්ශයන් අනුගමනය කිරීමෙන් පුද්ගලයාට ධණ හෝ ඍණ උපස්ථබනයක් ලැබෙයි.තමා ඍජුවම යම් සංසිද්ධියකට භාජන නොවුවද අදාල සංසිද්ධිය නිරීක්ෂණය කිරීමෙන් ලැබෙන ආදර්ශය අනුකරණය කරයි.මෙවන් ඉගෙනුම් නිරීක්ෂණාත්මක ඉගෙනුමක් ලෙස බණ්ඩුරා සදහන් කරයි.