ⓘ තාරකා විද්‍යාඥයන් ..

ආකිමිඩීස්

සයිරාකියුස් හි ආකිමිඩීස් යනු ග්‍රීක ජාතික ගණිතඥයෙක්, භෞතික විද්‍යාඥයෙක්, ඉංජිනේරුවෙක්, නව නිමැවුම්කරුවෙකු සේම තාරකා විද්‍යාඥයෙකි. එමෙන්ම ඔහු සම්භාව්‍ය පුරාතණය පිලිබඳ ප්‍රමුඛ විද්‍යාඥයන්ගෙන් එක් අයෙකු ලෙස සලකනු ලබයි. ඔහු විසින් ද්‍රවස්ථිතිය, ස්ථිතිකය පිලිබඳ සංකල්ප හා ලීවර මූලධර්ම පිලිබඳ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළ අතර ඒවා භෞතික විද්‍යාවේ ප්‍රගමනයේ පදනම බවට පත්විය. එමෙන්ම ඔහු සීජ් එන්ජින්, ආකිමිඩිස් ඉස්කුරුප්පු පොම්පය ඇතුළු නවීන යන්ත්‍ර සැලසුම්කරණයේ කීර්තියක් දිනා ගත් අයෙකි. ප්‍රහාරක නෞකා වතුරෙන් එසවීමට එසවීමට හා දර්පණ භාවිතා කරමින් නැව්වලට ගිනි අවුලවීමට හැකියාව ඇති යන්ත්‍ර, ආකිමිඩිස් විසින ...

ජොහන්නස් කෙප්ලර්

ජොහන්නස් කෙප්ලර් යනු ජර්මානු ජාතික ගණිතඥයෙක්, තාරකා විද්‍යාඥයෙක් හා නක්ෂත්‍ර පිළිබඳ දැනුමක් තිබූ ප්‍රාඥයෙකි. 17වන සියවසේ ඇතිවූ විද්‍යාත්මක විප්ලවයේ කැපී පෙනෙන චරිතයක් වූ මොහුව එයින් මුඋලික වන්නේ ඔහු ඉදිරිපත්කල ග්‍රහවස්තුන්ගේ චලනය පිළිබඳව ඉදිරිපත් කල නීති සංග්‍රහය හේතුවෙනි. මෙම නීති සංග්‍රහය, ඔහු විසින් රචිත Astronomia nova, Harmonices Mundi හා Epitome of Copernican Astronomy පොත් ඇසුරෙන් පසුකාලීනව තාරකා විද්‍යාඥයින් විසින් ක්‍රමානුකුලව සම්පාදනය කරන ලදී. ඔහුගේ මෙම සොයාගැනීම් "අයිසැක් නිව්ටන්ගේ විශ්වය පුරා පවතින ගුරුත්වාකර්ෂණයට" අදාළ සිද්ධාන්ත ඉදිරිපත් කිරීමට මූලික පදනමක් බවට පත්විය. ඔහුගේ ව ...

ලියොනාඩ් ඉයුලර්

ලියෝන්හාඩ් පෝල් ඔයේලර් යනු ස්විස් ජාතික ගණිතඥයකු හා භෞතික විද්‍යාඥයකු වන අතර ඔහු ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ රුසියාවේ හා ජර්මනියේය. කලනය හා ප්‍රස්තාර ප්‍රමේයයන් වැනි විශාල විවිධත්වයකින් යුත් ක්ෂේත්‍රවල වැදගත් සොයා ගැනීම් රැසක් ඉයුලර් විසින් සිදු කොට තිබේ. තවද ඔහු නූතන ගණිතමය පාරිභාෂිතයේ හා අංකනයේ විශාල ප්‍රමාණයක් හඳුන්වා දුන්නේ මොහු විසිනි. එයින් ගණිතමය විශලේෂණය සඳහා කළ දෑ විශේෂ වේ. ගණිතමය විශ්ලේෂණයේ ගණිතමය ශ්‍රිත පිළිබඳ මතය වැනි දේ හඳුන්වා දෙන ලද්දේ මොහුය.එලෙසම ඔහු යාන්ත්‍රික විද්‍යාව, ප්‍රකාශ විද්‍යාව හා තාරකා විද්‍යාව යන ක්ෂේත්‍රවල ඔහුගේ කාර්යයන් සඳහා ද ප්‍රසිද්ධියක් ලබා ඇත. 18 වැනි ශත ...

                                     

නිකොලස් කොපර්නිකස්

මොහු ඉපදී ඇත්තේ 1473 පෙබරවාරි 19 වන දා පෝල්නත් රාජධානියේ ටෝරන් නගරයේ සාන්ත අමර් වීදියේ නිවසකය. ඔහුගේ නම තම පියගේ නම වන නිකලස් ගෙන් තබා ඇත. මොහු පොහොසත් තඹ වෙළෙන්දෙකු වු අතර මෝරන් නගරයේ පිළිගත් වැසියෙක් විය. නිකලස්ගේ මව බාබාරා වොස්ටන් රෝඩ් වන අතර පොහොසත් වෙළඳ පවුලකින් පැමිණි ඇය 1995 දි මිය ගියාය. නිකලස්ගේ පියා 1483 හා 1485 අතර මිය ගිය අතර ඔහුගේ මාමා වන ලුකස් වොට්සන් රෝඩ්ස් ඔහුව තම භාරයට ගත් අතර, ඔහුගේ අධ්‍යාපනය හා අනාගතය එමඟින් පෑදුනේය.

                                     

පියර් ජැන්සන්

සාමාන්‍යයෙන් ප්‍රංශ භාෂාවෙන් ජූල් ජැන්සන් ලෙසින් හැඳින්වෙන, පියර් ජූල් සීසර් ජැන්සන් යනු, හීලියම් වායුව සොයාගැනීම පිළිබඳ ගෞරවය, ඉංග්‍රීසි විද්‍යාඥ ජෝසප් නෝර්මන් ලෝකියර් හා සමගින් හවුලේ හිමි, ප්‍රංශ තාරකා විද්‍යාඥයෙකි.