ⓘ කොඩිගහකන්ද ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතට අයත් ප්‍රදේශයකි. එරට වානිජ අගනගරය වන කොළඹ නගරයට කිලෝමීටර30 ක් පමණ ආසන්නව පිහිටා ඇති කොඩිගහකන්ද පරිසර පද්ධතිය ස්වභාවික සුන ..

                                     

ⓘ කොඩිගහකන්ද

කොඩිගහකන්ද ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතට අයත් ප්‍රදේශයකි. එරට වානිජ අගනගරය වන කොළඹ නගරයට කිලෝමීටර30 ක් පමණ ආසන්නව පිහිටා ඇති කොඩිගහකන්ද පරිසර පද්ධතිය ස්වභාවික සුන්දරත්වය, ඡෛව විවිධත්වය සහ ‍ඓතිහාසික වටිනාකමද කැටිවු අතිශය සුන්දර පරිසර පද්ධතියකි. කොඩිගහකන්ද පරිසර පද්ධතිය තුළ අපට පෙනෙන්නට ඇති දේ මෙන්ම සැඟවි ඇති දේ බොහෝය. තවද මෙහි වඳවීමේ තර්ඡනයට ලක්ව ඇති ශාක වර්ග මෙන්ම සත්ව වර්ගද රාශියක් ඇත. ඒ අතර ශ්‍රී ලංකාවට ආවේනික වු ශාක හා සත්ව වර්ගද වෙයි. සාපේක්ෂව කුඩා පැළෑටි ‍හා කුඩා තෘණ වර්ග බහුල ප්‍රදේශ තිබීම හා ස්වාභාවික දිය පාරවල් මගින් මෙහි සුන්දරත්වය ඔප් නංවා ඇත. ශ්‍රී ලංකාව ප්‍රමාණාත්මකව කුඩා වූද සාගරයකින් වටවු කුඩා දිවයිනක් වීමත් ස්වාභාවික වර්ෂාපතනයන්ට ලක් වීමත් හේතුවෙන් මෙවැනි විශේෂිත වු පරිසර පද්ධති සකස් වීමට හේතු වී ඇත. නමුත් අද මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ මුඛයට පැමිණෙමින් පවතින මෙම ස්වාභාවික පරිසර පද්ධතිය රැක ගැනීම අප සතු යුතුකමකි.

                                     

1. කොඩිගහකන්දේ ඓතිහාසික වටිනාකම

කොඩිගහකන්ද යන නාමය ලැබීම

ඉංග්‍රීසි පාලන සමයේ මිනින්දෝරු දෙපාර්තම්න්තුව මඟින් පිහිට වු කොඩිගල නිසා මෙම නාමය ලැබී ඇතැයි සැළකේ. එහි වු කොඩිය ප්‍රදීපාගාර නොමැති යුගයේ නැව් ගමනාගමනයට මග පෙන්වීය.

                                     

2. කොඩිගහකන්දේ ස්වභාව සෞන්දර්ය

බටහිරින් පෙනෙන මහ සයුරත් ඒ මත පාවෙන දැවැන්ත නෞකාවනුත්,අහස් තලය සඹින ගොඩනැගිලිත් ඔරුවල වානේ සංස්ථාවත් සපුගස්කන්දේ තෙල් පිරිපහදුවේ නොනිමෙන ගිනි සිළුවත් පනාගොඩ හමුදා කඳවුරත් කළුතර චෛත්‍යය සහ අනෙක් පසින් මධ්‍යම කඳුකරය තෙක් දිවෙන කඳු පන්තියත් දිස්වේ. අපට හැඟි යන්නෙ මධ්‍යම කඳුකරයත් ඉන් දකුණු පසට විහිදෙන මුළු නිරිත දිග තැනිතලාවත් අප ඉදිරියේ මැවී ඇත්තා සේය. ඉහතින් සඳහන් වනුයේ කොඩිගහකන්ද තරණය කළ ගවේශකයෙකු අතින් ලියැවුනු වදන් පෙළකි.කොඩිගහකන්දේ ස්වභාව සෞන්දර්ය මේ ආකාරයෙන් දිස්වේ.

                                     

3. කොඩිගහකන්දේ භුගෝලීය පසුබිම

පහතරට තෙත් කලාපීය පඳුරු ගණයට අයත් වන අක්කර 33ක භුමි භාගයකි. මෙම ප්‍රදේශයේ පිහිටි කුඩා ප්‍රමාණයේ වනාන්තර ‍‍ බොහෝමයක් මේ වන විට විනාශය මුඛයට පැමිණියද කොඩිගහකන්දට අයත් භුමි ප්‍රමාණය තවමත් සුරැකි ති‍බේ. උතුරු අක්‍ෂාංශ 46 හා නැගෙනහිර දේශාංශ 80 01 අතරෙහි පිහිටා ඇත. කළුතර හා කොළඹ දිස්ත්‍රික් මායිම් 2 ටම අයත් වුවද වැඩි ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයට අයත්ය. ඔල‍බොඩුව ගෝනපල හා කෝරළඉම යන ගම්මාන වලින් මෙ‍ම වනාන්තරය වටවි ඇත. වනයේ ඊශාන සහ නිරිත දෙසින් සුන්දර දියපහර 2 ක් ගලා යයි.

                                     

3.1. කොඩිගහකන්දේ භුගෝලීය පසුබිම භුරූපනය

1 මුහුදු මට්ටමේ සිට අඩි 344 ක් පමණ උසින් පිහිටා ඇත.

2 උසම ස්ථානය අඩි 378 ක් උස කොඩිගල කන්දය.

3 කොළඹ නගරය නැරඹිය හැකි වීම විශේෂ කරුණකි.

                                     

3.2. කොඩිගහකන්දේ භුගෝලීය පසුබිම දේශගුණය

1 වාර්ෂික වර්ෂාපතනය 3200mm-3500mmකි.

2 ඊශාන දිග සහ නිරිත දිග මෝසම් වැසි දෙවර්ගයම ලැබේ.

3 පෙබරවාරි සහ මාර්තු මාස වල සාමාන්‍යයෙන් වියළි කාළගුණයක් පවති.

4 සාමාන්‍ය උෂ්ණත්වයසෙල්සියස් අංශක 27-30 වේ.

                                     

4. ජල වහනය

ස්වාභාවික දිය දහර 2කි. ඊශාන හා නිරිත දෙසින් කුඩා ඇළවල් ආකාරයට ගලා බසින මේවා මහඔයට එක්වේ.පසුව බොල්ගොඩ ගඟට සම්බන්ධ වේ. අවුරුද්ද පුරාම නොසිඳි පවතින දිය කඩිත්තක් කොඩිගලේ පිහිටා ඇති අතර විශ්කම්භය 1.5 ක් පමණ වේ.



                                     

5. කොඩිගහකන්ද ගවේශණය

මුලින්ම ඝන වනයක්ව තිබු මෙම පෙදෙස හෙලි පෙහෙලි කර කෝපි වගා කොට ඇත.එම නිසා අදත් මෙම කන්දේ පහළ කොටස කෝපිකන්ද ලෙස හඳුන්වයි.1986 දි කොළඹ විශ්ව විද්‍යාලයේ සංවිධානයක් "සංරක්‍ෂණය සඳහා පානගමු" නමින් කොඩිගහකන්ද පිළිබඳව පාරසරික ගවේශණයක් කර ඇත. එසේම 1955 දි "රත්මලාන පාරිසරික අධ්‍යනය සංගමය" මඟින් කොඩිගහකන්ද පිළිබඳව විධිමත් අධ්‍යනයක් කර ඇත. එළිසබෙත් රැජින, ජපානයේ ඔටුන්න හිමි අකිහිතෝ කුමරු, රවින්ද්‍රනාත් තාගෝර් වැනි වියතුන්ද මෙහි පැමිණ ඇත.