ⓘ හේමාල් රණසිංහ. 1984 අගෝස්තු 25 වන දින මෙරට මාතලේ හීදී උපත ලත් හේමාල්, පිරිමි දරුවන් සිව්දෙනෙකුගෙන් යුතු පවුලේ තුන්වැනියා විය. ඔහුගේ පියා ආයුර්වේද වෛද්‍යවරයෙකු බ ..

                                     

ⓘ හේමාල් රණසිංහ

1984 අගෝස්තු 25 වන දින මෙරට මාතලේ හීදී උපත ලත් හේමාල්, පිරිමි දරුවන් සිව්දෙනෙකුගෙන් යුතු පවුලේ තුන්වැනියා විය. ඔහුගේ පියා ආයුර්වේද වෛද්‍යවරයෙකු බව සඳහන් වේ. සිය අධ්‍යාපන කටයුතු මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් හැදෑරූ ඔහු, පසුව සිය වෘත්තීය ලෙස මෙරට කලා ක්ෂේත්‍රය තෝරා ගන්නා ලදී.

                                     

1. වෘත්තීය දිවිය

2009 වසරේ ස්පාඤ්ඤයේ පැවැත්වූ බෙස්ට් මේල් ඇන්ඩ් ෆීමේල් මොඩ්ල් ඔෆ් දි වර්ල්ඩ් BEST MALE & FEMALE MODEL OF THE WORLD තරඟයේදී ශ්‍රී ලංකාව නියෝජනය කල හේමාල්, එහිදී 2009 වසරේ නිරූපණ ශිල්පියා Male Model Of the World 2009 යන සම්මානය හිමිකරගත් බව සඳහන් වෙයි.

2010 වසරේදී ඔහු මිස්ටර් ශ්‍රී ලංකා බවට පත්වෙමින්, කොරියාවේ පැවැති 2010 මිස්ටර් වර්ල්ඩ් තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව හිමිකර ගති. මෙරට පැවැත්වෙන කොළඹ විලාසිතා සතිය සහ ශ්‍රී ලංකා මෝස්තර උළෙල Sri Lanka Design Festival සඳහාද ඔහු වාර්ෂිකව සහභාගී වෙයි.

                                     

2. රංගනයන්

නිරූපණ වෘත්තියට අමතරව රංගන ක්ෂේත්‍රයේ විවිධ වැඩකටයුතු සඳහාද පසුකාලීනව සිය දායකත්වය එක්කල හේමාල්, 2012 වර්ෂයේදී තිරගත වූ සුපර් සික්ස් චිත්‍රපටිය හරහා, මෙරට සිනමා ක්ෂේත්‍රයටද පය තබන ලදී.