ⓘ දෙමළ තරුණ සංවිධානය යනු එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, නෝරවේ, ඕස්ට්‍රේලියාව සහ තවත් රටවල් කිහිපයක ජීවත්වන තරුණ දෙමළ ප්‍රජාව එකතුවී පිහිටුවා ගත් අන්තර්ජාතික සං ..

                                     

ⓘ දෙමළ තරුණ සංවිධානය

දෙමළ තරුණ සංවිධානය යනු එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, නෝරවේ, ඕස්ට්‍රේලියාව සහ තවත් රටවල් කිහිපයක ජීවත්වන තරුණ දෙමළ ප්‍රජාව එකතුවී පිහිටුවා ගත් අන්තර්ජාතික සංවිධානයකි. සංවිධානය විසින් සාමාන්‍යයෙන් විවිධ සංස්කෘතිකමය සහ විවිධ ක්‍රීඩාමය අංගයන් සංවිධානය කරන අතර, ඔවුන් ශ්‍රී ලංකාව තුල ස්වාධීන දෙමළ ඊළමක් තැනීම සඳහාද සහය දක්වන බව පැවසෙයි.

                                     

1. ශ්‍රී ලංකාව විසින් සංවිධානය තහනම් කිරීම

ශී‍්‍ර ලංකාව තුළ වෙනම ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් විදෙස් රටවල සිට කි‍්‍රයාත්මක වන සංවිධාන 16 ක් ශ්‍රී ලංකා රජය විසින් 2014 අප්‍රියෙල් මසදී තහනම් කල අතර, ඊට දෙමළ තරුණ සංවිධානයද ඇතුලත් වී තිබිණි. 2001 වසරේ ජගත් ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කරගත් 1373වන යෝජනාව අනූව, එම සංවිධාන සමග කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව මෙරට නීතිය යටතේ කටයුතු කිරීමට හැකිවන බව පැවසේ.

දෙමළ තරුණ සංවිධානය ඇතුළුව අනෙකුත් අදාල සංවිධාන තහනම් කිරීමට හේතුව නම්, ත‍්‍රස්තවාදය මැඩලීම සහ ඔවුන්ගේ මූල්‍ය කටයුතු නැවැත්වීම සඳහා බවට, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින්ද පැහැදිලි කරන ලදී.