ⓘ එයාර් ලංකා යූඑල්512 පියාසැරිය. එයාර් ලංකා පියාසැරි 512 යනු එයාර් ලංකා සමාගමට අයත්ව තුබූ Lockheed L-1011 Tristar වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානයකි. ගුවන් යානය 198 ..

                                     

ⓘ එයාර් ලංකා යූඑල්512 පියාසැරිය

එයාර් ලංකා පියාසැරි 512 යනු එයාර් ලංකා සමාගමට අයත්ව තුබූ Lockheed L-1011 Tristar වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානයකි. ගුවන් යානය 1986 වසරේ මැයි 3 වන දිනදී, ලන්ඩන් ගැට්වික් ගුවන් තොටුපලෙන් නික්මී, සූරිච් සහ ඩුබායි හරහා ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබැස්සූ අතර පසුව එය, මාලදිවයින වෙත පියාසර කිරීමට නියමිතව තිබුණි. නමුත් බණ්ඩාරනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේදී, යානය තුල අටවා තුබූ බෝම්බයක් පුපුරා යාම නිසා යානය දෙකඩ වී විනාශ වී ගිය අතර, පිපිරීම නිසා පුද්ගලයෝ 21 දෙනෙකු ජීවිතක්ෂයටත් සහ තවත් 41 දෙනෙකු තුවාලත් ලැබූහ. මිය ගිඅය අතර බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙක්, බටහිර ජර්මානුවන් දෙදෙනෙක්, ප්‍රංශ ජාතිකයින් තිදෙනෙක්, ජපන් ජාතිකයින් දෙදෙනෙක්, මාලදිවයින් ජාතිකයෙක් සහ පාකිස්තානු ජාතිකයෙක් විය.

යානය මගින් මාලදිවයින වෙත ප්‍රවාහනය කිරීමට නියමිතව තුබූ මස් සහ එළවළු ඇසුරුම් අතර බෝම්බය අටවා තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. මේ සමයේ ශ්‍රී ලංකා රජය සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි අතර ඇතිව තුබූ සාම සාකච්ඡා කඩාකප්පල් කර ගැනීමට, එල්ටීටීඊ ය විසින් මෙම බෝම්බ ප්‍රහාරය සිදු කර ඇති බව ශ්‍රී ලංකා රජය තහවුරු කරන ලදී. පසු දිනයේ යානය තුල සිදු කල පරික්ෂණ වලදී, එල්ටීටීඊ ත්‍රස්ථ සංවිධානයේ තවත් එක් මිලේච්ඡ පාර්ශ්වයක් වූ මරාගෙන මැරෙන කළු කොටින්ට අයත්, නිළ ඇඳුමක් තිබී හමුවී තිබිණ.