ⓘ අම්පාර යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අග නගරයයි. අතීතයේදි අම්බරගම ලෙස හදුන්වා ඇති අතර පසුව එය අම්බර වි පසුව අම්පාර වි ඇත. ජනගහනය 20.309 ව ..

                                     

ⓘ අම්පාර

අම්පාර යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අග නගරයයි. අතීතයේදි අම්බරගම ලෙස හදුන්වා ඇති අතර පසුව එය අම්බර වි පසුව අම්පාර වි ඇත. ජනගහනය 20.309 වු අතර එයින් බහුතරය සිංහල ජාතිකයන්ය. අම්පාර නගරය, ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග පිහිටා ඇත. නගරයේ සිට දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසටද වැඩි දුරක් නොපවතී. කොළඹ නගරයේ සිට අම්පාරට 350 km පමණ දුරක් ඇත. මහනුවර සිට දුර 250 km පමණ වේ.

                                     

1. ඉතිහාසය

අම්පාර එතරම් පැරණි නගරයක් නොවේ. 1949 දී ගල්-ඔය බහු කාර්ය යෝජනා ක්‍රමය ඇරඹීමට පෙර මෙහි නවීන නගරයක් නොවී ය. කෙසේ වුවද, දුටුගැමුණු රජ සමයේදී පවා ක්‍රි. පූ. 2 වන සිය වස මෙම ප්‍රදේශය ජනාවාස වී තිබූ බවට සාධක ඇත. එකල, දිගාමඩුල්ල ප්‍රදේශය කෘෂි කර්මාන්තයට නම් දැරූ ප්‍රදේශයක් විය.

                                     

2. දේශගුණය

අම්පාර නගරය ශ්‍රී ලංකාවේ වියලි කලාපයට අයත් වේ. අවුරුද්දේ බොහෝ කාළවල ප්‍රදේශයට වර්ෂාව නොලැබේ. මාර්තු-සැප්තැම්බර් මාසවල එතරම් වර්ෂාව නොලැබේ. නගරයට වැසි ලැබෙන්නේ ඊසානදිග මෝසම් වර්ෂා සමයෙහි, එනම් ඔක්තෝම්බර්-පෙබරවාරි කාලයේදී ය.

                                     

3. සංචාරක ආකර්ෂණ

  • සාම චෛත්‍යය, අම්පාර - අම්පාරේ පිහිටා ඇති සාම චෛත්‍යය, දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ලෝක ප්‍රජාව අතර අවිහිංසාවාදය ඇතිකිරීම සහ ලෝක සාමය සොයා යන ගමන තුල ඔවුන් එක්සත් කිරීම අරමුණු කර ගනිමින් ලොව පුරා ඉදිකරන ලද සාම චෛත්‍යය අතුරින් එකක් වෙයි.
  • අම්පාර වැව - නගරයට සෘජුවම සම්බන්ධ වී අම්පාර වැව පිහිටා තිබේ.
  • බුද්ධංගල ආරණ්‍ය සේනාසනය - අම්පාර නගරයට ආසන්නව අක්කර 1280 ක පමණ වපසරියක් පුරාවට පිහිටා ඇති බුද්ධංගල ආරණ්‍ය සේනාසනය මීට වසර 2300 කට වඩා පැරණි ඉතිහාසයක් සහිත පුද බිමකි. සේනාසනයෙහි වූ අඩි 500 ක් පමණ උස්වූ ගල් මස්තකයක ඉදි කරන ලද ස්ථූපයෙහි, ගෞතම බුදුන් වහන්සේගේ සහ උන්වහන්සේගේ අග්‍රශ්‍රාවක වහන්සේලා දෙනම වූ සැරියුත් රහතන් වහන්සේගේ හා මුගලන් රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිදන් කොට තිබේ.
                                     

ශ්‍රී ලංකාවේ මහඔය කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ මහඔය කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය මහඔය හා පදියතලාව යන අධ්‍යාපන කොට්ඨාශවලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් දැක්විය හැකිය.

                                     

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාව වෙත කරුණු ඉදිරිපත් කිරීම් එවූ අයගේ ලැයිස්තුව

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ වූ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව වෙත ලැබුණු ලිඛිත කරුණු ඉදිරිපත් කිරීම් ගණන 266කි. ඒවා එවූ අයගේ නාම ලැයිස්තුව පහත දැක්වෙයි.