ⓘ ඩී.එන්.ඒ.. ඩිඔක්සිරයිබෝනියුක්ලෙයික් අම්ල යනු දැනට හඳුනාගෙන ඇති සියලුම ජීවීන්ගේ සහ බොහෝ වෛරසවල වර්ධනය,විකසනය, ක්‍රියාකාරිත්වය හා ප්‍රජනනය සඳහා අවශ්‍ය වන ප්‍රවේණි ..

                                     

ⓘ ඩී.එන්.ඒ.

ඩිඔක්සිරයිබෝනියුක්ලෙයික් අම්ල යනු දැනට හඳුනාගෙන ඇති සියලුම ජීවීන්ගේ සහ බොහෝ වෛරසවල වර්ධනය,විකසනය, ක්‍රියාකාරිත්වය හා ප්‍රජනනය සඳහා අවශ්‍ය වන ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණයට දායක වන, එකිනෙක වට ද්විත්ව හෙලික්සීය හැඩයකින් එතුණු දාම දෙකකින් යුක්ත අණුවකි. DNA සහ රයිබෝනියුක්ලෙයික් අම්ල න්‍යෂ්ටික අම්ල වේ; එමෙන්ම, සියලු ජීවී ආකාරවල පැවැත්මට අත්‍යවශ්‍ය වන ප්‍රධාන මහාඅණු වර්ග හතර වනුයේ ද ප්‍රෝටීන, ලිපිඩ, සංකීර්ණ කාබෝහයිඩ්‍රේට සහ න්‍යෂ්ටික අම්ල යි.

නියුක්ලියෝටයිඩ නම් සරල ඒකාවයවක ඒකක වලින් තැනී ඇති බැවින් DNA දාම දෙක පොලිනියුක්ලියෝටයිඩ ලෙස හැඳින්වේ. එක් නියුක්ලියෝටයිඩයක් සමන්විත වන්නේ, නයිට්‍රජන් අඩංගු නියුක්ලියෝභස්ම සයිටොසීන් වර්ග හතරෙන් එකක්, ඩිඔක්සිරයිබෝස් සීනි අණුවක්, සහ පොස්පේට කාණ්ඩයකිනි. නියුක්ලියෝටයිඩ, දාමයක් ලෙස එකිනෙක හා සම්බන්ධ වී ඇත්තේ එක් නියුක්ලියෝටයිඩයක සීනි ඇනුව හා ඊළඟ නියුක්ලියෝටයිඩයේ පොස්පේටය අතර සහසංයුජ බන්ධන ඇතිවීමෙනි, එමඟින් මාරුවෙන් මාරුවට පිහිටන සීනි-පොස්පේට කොඳුනාරටියක් ඇති වේ. ද්විත්ව-දාම DNA සෑදීම සඳහා වෙනස් පොලිනියුක්ලියෝටයිඩ දාම දෙකක නියිට්‍රජනීය භස්ම එකට බැඳෙනුයේ, භස්ම යුගලන නීති A සමඟ T සහ C සමඟ G වලට අනුකූලව, හයිඩ්‍රජන් බන්ධන මගිනි.

අනුපූරක නයිට්‍රජනීය භස්ම පිරිමිඩීන හා පියුරීන ලෙස කාණ්ඩ දෙකකට බෙදේ. DNA වලදී, තයිමීන් හා සයිටොසීන් භස්ම පිරිමිඩීන වේ; ඇඩිනීන් හා ගුවැනීන් භස්ම පියුරීන වේ.

DNA ජීව විද්‍යාත්මක තොරතුරු ගබඩා කරගනී. DNA වල කොඳුනාරටිය බිඳවැටීම්වලට ප්‍රතිරෝධී වන අතර ද්විත්ව-දාම ව්‍යුහයේ දාම දෙකේම එකම ජීව විද්‍යාත්මක තොරතුරු අන්තර්ගත වේ. DNA වලින් විශාල කොටසක් මිනිසාගේ 98% කටත් වඩා කේත-රහිත DNA non-coding DNA වේ. එනම්, එම කොටස් තුළ ප්‍රෝටීනවල ඇමයිනෝ අම්ල අනුපිළිවෙළ අඩංගු නොවේ.

DNA වල දාම දෙකක එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන්ට එනම්, ප්‍රතිසමාන්තරව ගමන් කරයි. නියුක්ලයෝභස්ම හෙවත් භස්ම වර්ග හතරෙන් එකක්, එක් සීනි අණුවක් සමග බැඳී ඇත. කොඳුනාරටිය දිගේ මෙම නියුක්ලියෝභස්ම පිහිටන අනුපිළිවෙළ තුළ ප්‍රවේණික තොරතුරු ගබඩා වී ඇත. DNA දාම පිටපත් කර RNA සෑදෙන අතර එම ක්‍රියාවලිය ප්‍රතිලේඛනය ලෙස හැඳින්වේ. ප්‍රවේණික කේතය genetic code අනුව, මෙම RNA දාම මගින් ප්‍රෝටීන තුළ ඇමයිනෝ අම්ලවල අනුපිළිවෙළ සවිස්තරව දැක්වීම සඳහා එය පරිවර්තනයට ලක්වන අතර එම ක්‍රියාවලිය පරිවර්තනය ලෙස හැඳින්වේ.

සූන්‍යෂ්ටික සෛලවල ඇති DNA සංවිධානය වී ඇත්තේ වර්ණදේහ නැමැති දිගු ව්‍යුහ ලෙසිනි. සාමාන්‍ය සෛල විභාජනයකට පෙර මෙම වර්ණදේහ DNA ප්‍රතිවලිත වීම නැමැති ක්‍රියාවලියක් මගින් පිටපත් වන අතර එමගින්, එක් දුහිතෘ සෛලයකට එක් සම්පූර්ණ වර්ණදේහ කට්ටලයක් බැගින් ලැබේ. සූන්‍යෂ්ටික ජිවීන් ඔවුන්ගේ DNA වලින් බොහෝ ප්‍රමාණයක් සෛලීය න්‍යෂ්ටිය තුළද සමහරක් මයිටකොන්ඩ්‍රියා සහ හරිතලව වැනි ඉන්ද්‍රයිකා තුළ ද ගබඩා කෙරේ. එහෙත්, ප්‍රාග්න්‍යෂ්ටිකයින් බැක්ටීරියා සහ ආකියාවන් තම DNA ගබඩා කරනුයේ සෛල ප්ලාස්මය තුළ පමණි. සූන්‍යෂ්ටික වර්ණදේහ තුළ ඇති හිස්ටෝන වැනි ක්‍රොමැටින් ප්‍රෝටීන මගින් DNA සංයුක්ත කිරීම හා සංවිධනය කිරීම සිදුවේ. මෙම සංයුක්ත ව්‍යුහ මගින් DNA හා අනෙකුත් ප්‍රෝටීන අතර අන්තර්ක්‍රියා මෙහෙයවනු ලබන අතර, එමගින් DNA වල ප්‍රතිලේඛනය කළ යුත්තේ කුමන කොටස්ද යන්න පාලනය කිරීමට උපකර වේ.

DNA මුල්වරට නිස්සාරණය කරනු ලැබුවේ 1869 දී ෆ්‍රීඩ්‍රික් මීෂර් නම් විද්‍යාඥයා විසිනි. එහි අණුක ව්‍යුහය මුල්වරට හඳුනාගනු ලැබුවේ 1953 දී ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රික් නම් විද්‍යාඥයින් විසින් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කැවෙන්ඩිෂ් විද්‍යාගාරයේ දී ය, ඔවුන් මූලාකෘති තැනීමට පාදක කර ගනු ලැබුවේ එවක රොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලීන් යටතේ පශ්චාත්-උපාධිය හදාරමින් සිටි ශිෂ්‍යයෙක් වූ රේමන්ඩ් ගොස්ලින්ග්ගෙන් ලබාගත් X-කිරණ විවර්තන දත්තයන්ය. පරීක්ෂකයන් විසින් ශක්තිපථ වාදය හා ප්‍රත්‍යාස්ථතා සිද්ධාන්තය වැනි භෞතික විද්‍යාත්මක නියම හා සිද්ධාන්ත ගවේෂණයේ දී, DNA අණුක උපාංගයක් ලෙස භාවිතා කරයි. DNA වල විශිෂ්ට අමුද්‍රව්‍යමය ගුණ නිසා එය අමුද්‍රව්‍ය පිළිබඳ විද්‍යාඥයන් ද මයික්‍රො- හා නැනෝ-ගෙත්තම්කරණය පිළිබඳ උනන්දුව දක්වන ඉංජිනේරුවන් ද අතර ආකර්ෂණීය අණුවක් බවට පත්වී ඇත. ක්ෂේත්‍රයේ වැදගත් දියුණුවීම් අතර DNA ඔරිගාමි හා DNA-මූලික දෙමුහුම් අමුද්‍රව්‍ය ප්‍රධාන වේ.

                                     

1. ගුණාංග

DNA නියුක්ලියෝටයිඩ නැමැති පුනරාවර්ත ඒකක වලින් තැනුණු බහුඅවයවිකයකි. DNA වල ව්‍යුහයට පදනම් වන්නේ එහි දිග, තදින් බැඳුණු වළලු වැනි ව්‍යුහ හා වෙනත් හැඩවලට දඟර ගැසීමට ඊට ඇති හැකියාව ආදී කරුණු ය. සියලුම විශේෂවල, DNA තැනී ඇත්තේ හයිඩ්‍රජන් බන්ධන වලින් එකිනෙක හා බැඳුණු ද්විත්ව හෙලික්සීය දාම දෙකකිනි. දාම දෙඑකම අක්ෂයක් වටා දඟර ගැසී ඇති අතර දාම දෙකේම pitch දුර හෙලික්සයේ එක් සම්පූර්ණ වටයක දුර සමාන වේ, එම දුර ångström 34 කි නැනෝමීටර 3.4. දාම යුගලයට ångström 10ක 1 nm අරයක් ඇත. වෙනත් අධ්‍යයනයකට අනුව, වෙනස් ද්‍රාවණයක් තුළදී මනිනු ලැබූ අවස්ථාවක DNA දාමයක් ångströms 22 සිට 26 2.2 සිට 2.6 nanometres දක්වා පළලකින් යුක්ත බවත්, එක් නියුක්ලියෝටයිඩ ඒකකයක දිග 3.3 Å 0.33 nm පමණ බවත් වාර්තා විය. එක් පුනරාවර්ත නියුක්ලියෝටයිඩ ඒකකයක් ඉතාමත් කුඩා වුවද, DNA බහුඅවයවික නියුක්ලියෝටයිඩ මිලියනයේ සිට මිලියන සියය දක්වා ප්‍රමාණයක් සහිත ඉතා විශාල අණු වේ. උදාහරණයක් ලෙස, මිනිසාගේ විශාලතම වර්ණදේහය වන, වර්ණදේහ අංක 1 තුදළ වශයෙන් භස්ම යුගල මිලියන 220ක් පමණඅන්තර්ගත වේ. එනම්, දිගු කළහොත් 85 mm පමණ දිගකින් යුක්තය.

ජීවීන් තුළ ද, DNA තනි අණුවක් ලෙස සාමාන්‍යයෙන් නොපවතින අතර තදින් බැඳුණු අණු යුගලයක් ලෙස පවතී. මෙම දාම දෙක වැලක් මෙන් වෙලී ද්විත්ව හෙලික්සීය හැඩයකින් යුතුව පවතී. නියුක්ලියෝටයිඩයක් තුළ අණුවේ කොඳුනාරටියේ දාමය එකට බැඳ තබා ගන්නා කොටසේ කොටසක් සහ නියුක්ලියෝභස්මයක් හෙලික්සයේ අනෙක් DNA දාමය සමග අන්තර්ක්‍රියා කරන කොටස අඩංගු වේ.සිනි කාණ්ඩයක් සමග බැඳුණු නියුක්ලියෝභස්මයකට, නියුක්ලියෝසයිඩයක් යැයි කියනු ලබන අතර සීනි කාණ්ඩයක් හා පොස්පේට කාණ්ඩ එකක් හෝ වැඩි ගණනකින් යුක්ත බහුඅවයවකයක්, DNA වලදී පොලිනියුක්ලියෝටයිඩයක් ලෙස හැඳින්වේ.

DNA දාමයේ කොඳුනාරටිය සමන්විත වන්නේ මාරුවෙන් මාරුවට පිහිටි පොස්පේට හා සීනි කොටස්වලිනි. DNA හි අඩංගු වන සීනි 2-ඩිඔක්සිරයිබෝස් වේ, එය පෙන්ටෝස කාබන්-5 සීනි වර්ගයකි. සීනි කොටස් සම්බන්ධ වී ඇත්තේ යාබද සීනි මුදුවේ තෙවන හා පස්වන කාබන් පරමාණු සමග පොස්පේට කාණ්ඩ ඇති කරගන්නා පොස්පොඩයිඑස්ටර් බන්ධන මගිනි, එම පරමාණු 3 හා 5 ලෙස හැඳින්වෙන අතර ඒ භස්ම සමග ග්ලයිකොසිඩික බන්ධනයකින් බැඳෙන ඩිඔක්සිරයිබෝස්හි කාබන් පරමාණු වලින් වෙන්කර හඳුනාගැනීමටය. DNA සම්බන්ධව උපකල්පනය කිරීමේ දී, පොස්පොරිල් කොටස "අයත් වන්නේ" 5 කාබන් පරමාණුව සමග බන්ධනය සහිත නියුක්ලියෝටයිඩයටය. එමනිසා, ඕනෑම DNA දාමයකට ඇත්තේ රයිබෝස්හි 5 කාබන් පරමාණුවට බැඳුණු 5′ පොස්පොරිල් එක් අන්තයකි, අනෙක් අන්තය රයිබෝස්හි 3 කාබන් පරමාණුවට බැඳුණු නිදහස් හයිඩ්‍රොක්සිල් කාණ්ඩයකින් යුක්තය 3′ හයිඩ්‍රොක්සිල්. සීනි-පොස්පේට කොඳුනාරටිය ඔස්සේ 3′ වල 5′ කාබන් වල දිශාව ලබාදෙනුයේ DNA දාම දෙක එකිනෙකට දිශ්‍ය වන පරිදිය. ද්විත්ව හෙලික්සයේ දී, එක් දාමයක නියුක්ලියෝටයිඩවල දිශාව අනෙක් දාමයේ නියුක්ලියෝටයිඩවල දිශාවට ප්‍රතිවිරුද්ධව පිහිටයි: දාම දෙක ප්‍රතිසමාන්තර ය. DNA හි අසමාන අන්ත දෙකෙන් 5 අන්තයට පර්යන්ත පොස්පේට කාණ්ඩයක් ද, 3 අන්තයට පර්යන්ත කාබොක්සිල් කාණ්ඩයක් ද ඇති අතර ඒවාට 5′ සහ 3′ දිශ්‍යතාවක් ඇති බව කියවේ. DNA සහ RNA අතර ඇති එක් ප්‍රධාන වෙනස්කමක් නම් සීනි වර්ගයයි, DNA හි 2-ඩිඔක්සිරයිබෝස් RNA හි දී විකල්ප පෙන්ටෝස සීනි වර්ගයක් වන රයිබෝස් මගින් ප්‍රතිස්ථාපනය වී තිබීමයි.

DNA ද්විත්ව හෙලික්සය මූලිකවම ස්ථාවරව පවත්වා ගනු ලබන්නේ බල දෙකක් මගිනි: නියුක්ලියෝටයිඩ අතර පවතින හයිඩ්‍රජන් බන්ධන සහ ඇරෝමැටික නියුක්ලියෝභස්ම අතර base-stacking අන්තර්ක්‍රියා මගිනි. සෛල තුළ පවතින ජලීය පරිසරයේදී, නියුක්ලියෝටයිඩ භස්ම සංයුග්මක π බන්ධන DNA අණුවේ අක්ෂයට ලම්බකව පිහිටයි, එමගින් ඒවායේ සද්‍රාවණ කවචය සමග අන්තර්ක්‍රියා අවම කරගැනීමට හැකියාව ලැබේ. DNA වල හමුවන භස්ම හතර වන්නේ ඇඩිනීන්, හා තයිමීන් T වේ. මෙම භස්ම වර්ග හතර ඇඩිනොසීන් මොනොපොස්පේට්වල මෙන්, සම්පූර්ණ නියුක්ලියෝටයිඩයක් තැනීමට සීනි-පොස්පේටය සමග සම්බන්ධ වේ. ඇඩිනීන්-තයිමීන් සමග ද, ගුවැනීන් සයිටොසීන් සමග ද සම්බන්ධ වේ. A-T සහ G-C භස්ම යුගල මගින් එය සංකේතවත් කෙරේ.

                                     

2. ඩී එන් ඒ DNA අම්ලයක භෞතික සහ රසායනික ගුණ

සෛල තුළ DNA ප්‍රවේණි ද්‍රව්‍ය ලෙස සංවිධානය වී ඇත. DNA පිටපත්වීම නමින් හඳුන්වන ක්‍රියාවලිය මඟින් මෙම ප්‍රවේණි දේහ සියල්ලේ කොපියක් සෛල මඟින් විභාජනයට පෙර දෙගුණ කර ගනී. සෛල න්‍යෂ්ටිය තුළ යුකැරියෝටාවනුත් සෛල ප්ලාස්මයේ ප්‍රෝ‍කැරියෝටාවනුත් මෙම ගබඩා කර ඇත. හිස්ටොන් නමින් හැඳින්වෙන ක්‍රොමැටින් ප්‍රෝටීන DNA මඟින් ප්‍රවේණි ද්‍රව්‍යයේ DNA හොඳින් අසුරා සංවිධානය කරයි. DNA වල කුමන කොටසක් ප්‍රෝටීන බවට පරිවර්තනය කරන්නේ ද යන්න මඟින් DNA හා අනෙකුත් ප්‍රෝටීන අතර අන්තර්ක්‍රියාවලට මඟ පෙන්වීම මෙම හොඳින් ඇසුරණු කොටසක් තීරණය කරයි.

ඩී එන් ඒ යනු නියුක්ලියෝමයිඩ් ජනක එකට බන්මිනය වී නිර්මාණය වු බහුඅයවය කි. ඩී. එන් ඒ බන්ධයන් ඇන්ස්ට්‍රම් 2.2 – 2.6 පළල් 2.2-2.6 නැනෝමිටර් අතර එක් නියුක්ලියොමයිඩ් ඒකකයක් අණුවක් කුඩා වුවත් මෙවැනි කුඩා විුක්ලියෝමයිඩ් ඒකක මිලියන ගණනක් එකට බන්ධනය විමෙන් ඩී.එන් ඒ නිර්මාණය වන නිසා ඩී එන් ඒ යනු ඉතා විශාල අණු සංඛ්‍යාවන් සහිත බදු අයවයවකි. උදාහරනයක් වශයෙන් මනුෂ්‍යාගේ විශාලතම වර්ණදේහය වන වර්ණ දේහ අංක 1 දළ වශයෙන් බේස් පෙයාර් මිලියන 220 දිගය.

ජීවි අයයන් තුළ සැමවිටම ඩී.එන් අණු දෙදක් එකිනෙකට තදින්ම සම්බන්ධ වි ද්විත්ව පවති. මෙලෙස ඉතා දිගු රටවල් දෙකක් වැල් මෙන් එකට එකි ද්විත්ව සර්පිල හැයෙන් පවති. මෙහිදි නියුක්ලියෝමයිඩ් ඩි.එන් බන්ධනයට එකය පවත්වාගෙයන අතර ද්විතය සර්පිලයේ ඇති අනෙක් ඩි එන් එහි බන්ධනය හා සම්බනධතා පැවැත්විමට නියුක්තියොමයිඩ් සිදු කරයි

ඩි.එන් ඒ පටකය ප්‍රාණ නලාළිය පොස්පේට් සහ සිනි අවශේෂයන් තුළින් නිර්මාණය වි ඇත. ඩී.එන්.ඒ නිර්මාණය වි ඇති පෙන්ටෝස් සීනි ලෙසින් හදුන්වනු ලබයි. පොස්පේට් ඛාණ්ඩ තුළින් සිනි අංශු එකට බැදි පවතින අතර ඒවා තුළින් පොස්පාඩිස්ටර් බන්ධනය නිර්මාණය වි ඇත මෙම අවස්ථිත බන්ධනය තුළින් ඩී.එන්.ඒ පටයකින් හට නිශ්චිත දිශාවන් ඇති බව පෙන්නුම් කරයි. ද්විතව සර්පිලයක එක් ඩී.එන් ඒ පටකයක ඇති නියුක්ලියොමයිඩ් ඒකකයන්හි දිශව අනෙක් ඩි.එන් ඒ පටයේ ඇති නුයක්ලියොමයිඩ් ඒකකටන් හි දිශාව වඩා වෙනස් ට. ඩි එන් ජී තුළ ඇති විශේෂ සැලකිම ප්‍රතිසමාන්තර ලෙසින්ද හදුන්වනු ලබයි. අස්මිතික ඩි.එන් ඒ අග්‍ර ප්‍රයිම් 5 සහ ප්‍රයිම් 3 ලෙස මැදින්වේ. අග්‍රය පොස්පෙට් ඛණ්ඩයික් අවසන් වන පටක ප්‍රයිම් 5 ලෙසින් ද අග්‍රය හයිඩ්‍රොක්සිල් වල අවසන් වන පටය ප්‍රයිම් 3 ලෙසින් ද හදුන්වනු ලැබේ. ඩී.එන්.ඒ වල අඩංගු වෙන්ටෝස් සිනි වෙනුවට ආර් එන් ඒ රීබොස් වලින් නිර්මාණය වි තිබිම ආර්.ඒ.ජ් දසහ ඩී එන් ඒ වල ප්‍රධාන වෙනස් වේ.

ඩී.එන් ඒ ද්විත්ව සර්පිලය හයිඩ්‍රජන් බන්ධන මගින් ස්ථිර බන්ධනය වි පවති. ඩි.එන් ඒ පටයන් දෙක සම්බන්ධ වි ඇති පාදම මත මෙම හයිඩ්‍රජන් බන්ධන පිහිටා ඇත. ඩී.එන් ඒ බන්ධන තුළ ඇති පාදම ඇඩෙනි සිඩොසින් ගුහන්නි සහ තීමි ලෙසින් හදුන්වනු ලබයි. මෙම පාදම විනි පොස්ටේස් අණු සමග සම්බන්ධව පවතින අහිතකර නිුක්ලෝමයිස් අණුව සම්පූර්ණ කිරිම එමගින් සිදු කරයි.

                                     

3. DNA ප්‍රතිවලිත වීම

DNA අණුවක් පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙකකින් සමන්විත වේ. පොලිනියුක්ලියෝටයිඩ දාම දෙක එකිනෙක සම්බන්ධ වී ඇත්තේ එක් එක් පොලිනියුක්ලියෝටයිඩ් දාම වල නියුක්ලියෝටයිඩ වල අනුපූරක භෂ්ම යුගල් අතර හයිඩ්‍රජන් බන්ධන ඇතිවීම මගිනි. DNA ප්‍රතිවලිත වීමේදී මෙම හයිඩ්‍රජන් බන්ධන DNA අණුවේ එක් කෙලවරෙක සිට බිඳ වැටීම සිදුවේ.මෙසේ සිදු වීමට හිස්කෝස් එන්සයිම දායක වේ.හයිඩ්‍රජන් බන්ධන බිඳ වැටීම නිසා මාතෘ පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙක එකිනෙකින් ඈත් වේ. මේ නිසා මාතෘ පොලිනියුක්ලියොටයිඩ් දාමයේ භෂ්ම පිටතට විවර වේ. වෙන් වූ මාතෘ පොලිනියුක්ලියෝටයිඩ් දාම ඉදිරියේ අනුපූරක නයිට්‍රජනීය භෂ්ම සහිත නියුක්ලියෝටයිඩ් එකතු වී ඒවා පොස්පොඩයිඑස්ටර බන්ධන වලින් බැඳීමෙන් දුහිතෘ පොලිනියුක්ලියෝටයිඩ් දාම කොටස් සෑදේ. මේ සඳහා DNA පොලිමරේස් එන්සයිමය වැදගත් වේ.

                                     

4. ඩී.එන්.ඒ. පරීක්ෂණවල ඉතිහාසය

ඩී.එන්.ඒ මුල් වරට හදුනා ගන්නා ලද්දේ ස්විස්ජාතික වෛද්‍යවරයෙකු වූ ෆේඩ්රික් මිස්චර් විසින් 1869 දී ඉවත දමන ලද සැරහුමක තිබී හදුනාගන්නා ලද අන්වීක්ෂීය ද්‍රව්‍යයක් මගිණි. එය සෛලවල න්‍යෂ්ටියෙහි අන්තර්ගත වූ බැවින් ඔහු එයට" නියුක්ලේයින්” යයි හදුන්වන ලදී. 1919 දී මෙම සොයාගැනීම් අනුව යමින් ෆෝබියස් ලෙවින් විසින් නියුක්ලියෝටයිඩ ඒකකයක අන්තර්ගත භෂ්ම, සීනි, සහ පොස්පේට කාණ්ඩ හදුනා ගන්නා ලදී. ලෙවින් යෝජනා කළ අන්දමට ඩී.එන්.ඒ සෑදී ඇත්තේ පොස්පේට් කාණ්ඩ මගින් එකිනෙක සම්බන්ධ වූ නියුක්ලියෝටයිඩ ඒකක ද‍ාමයකිනි. කෙසේ වුවද ලෙවින් විශ්වාස කරන ලද්දේ මෙම දාමය ඉතා කෙටි වන බවත් භෂ්ම වර්ග යම්කිසි නියමිත පිළිවෙලකට අනුව පුණරාවර්තී වන බවත්ය. 1937 දී විලියම් ඇස්ට්බරි මුල්ම වරට එක්ස් කිරණ විවර්ථනයට භාජනය කරමින් ඩී.එන්.ඒ වලට ක්‍රමවත් ව්‍යුහයක් ඇති බව පෙන්නුම් කරන ලදී.

1928 දී ෆේඩ්රික් ග්‍රිෆික් කරන ලද සොයා ගැනීමකට අනුව මරණයට පත් වූ මෘදු බැක්ටීරියාවන් ජීවී රළු බැක්ටීරියා ප්‍රභේද සමග මිශ්‍ර කළ විට නියුමෝ කොකස් බැක්ටීරියා විශේෂයෙහි මෘදු යන ගති ලක්ෂණය එම විශේෂයම බැක්ටීරියාවන්ගේ රළු ගති ලක්ෂණය බවට හුවමාරු කළ හැකි බවයි. මෙමසොයා ගැනීම මගින් ඩී.එන්.ඒ ප්‍රවේනි තොරතුරු රැගෙයන බවට හෙලිවුණු අතර 1943 දී ඔස්වල්ඩ් ඇවේරි, කොලින් මැක්ලියොයිඩ් සහ මැක්ලින් මැකාටි විසින් ඩී.එන්.ඒ තොරතුරු පරිණාමය කරන මුලධර්මය ලෙසට හදුනා ගන්නා ලදී. 1952 දී ප්‍රවේනිය සදහා ඩී.එන්.ඒ වල කෘත්‍ය තහවුරු කරන ලද අතර ඇල්ප්‍රඩ් හර්ෂේ සහ මාර්තා චේස් විසින් සිදු කළ හර්ෂේ සහ චේස් පරික්ෂණ මගින් ඩී.එන්.ඒ යනු ප්‍රවේනික ද්‍රව්‍ය වන බව පෙන්වන ලදී. 1953 දී රොසලින්ට් ෆෑන්ක්ලින් විසින් සිදු කරන ලද එක්ස් කිරණ විවර්ථන ප්‍රතිභිම්බ වලින් ලද තොරතුරු මත පදනම්ව සහ භෂ්ම යුගලනය විය හැකි බව සොයාගැනීමත් සමගම ජේම්ස් ඩී වොට්සන් සහ ෆැන්සිස් ක්‍රික් විසින් නූතනයේදී පවා පිළිගැනෙන මුල්ම ඉතා නිරවද්‍ය ඩී.එන්.ඒ වල ආකෘතිය Nature නම් සගරාවෙහි පල කරන ලදී. එම සගරාවෙහිම ලිපි 5 ක වොට්සන් සහ ක්‍රික් විසින් සොයා ගන්නා ලද ආකෘතිය සදහා පරීක්ෂණාත්මක සාක්ෂි සදහන්ව ඇත. ෆ්‍රැන්ක්ලින් සහ රේමන් ගොස්ලින් විසින් ප්‍රකාශයට පත් කරන ලද මුල්ම ලිපිවල වොට්සන් සහ ක්‍රික් ආකෘතිය සදහා සහාය දෙන එක්ස් කිරණ විවර්ථන දත්ත සදහන්ව ඇත. මෙහි මොරිස් විල්කින්ස් සහ ඔහුගේ සමකාලීනයන් විසින් සොයා ගන්නා ලද ඩී.එන්.ඒ හි ආකෘතිය පිළිබදව ලිපියක් ද අන්තර්ගත වේ. 1962 දී ෆ්‍රෑන්ක්ලින්ගේ මරණයෙන් පසුව වොට්සන්, ක්‍රික් සහ විල්කින්ස් එක්ව භෞතික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව සදහා නොබෙල් ත්‍යාගය හිමිකර ගත්හ. කෙසේ නමුදු මෙම සොයා ගැනීම හා සම්බන්ධ කීර්තිය කා සදහා හිමි විය යුක්තක් ද යන්න තව දුරටත් මතභේදාත්මකය.

1957 දී අණුක ජීව විද්‍යාව පිළිබදව ක්‍රික් විසින් සිදුකරන ලද ඉදිරිපත් කිරීමක් අනුව ඔහු ඩී.එන්.ඒ, අ‍ාර්.එන්.ඒ සහ ප්‍රෝටීන අතර සම්බන්ධතාවයක් ඇති බවට පූර්විකාවක් සිදුකළ අතර අනුවර්තනය පිළිබදව උපකල්පනයක් ද ගොඩ නගන ලදී. 1958 දී සිදුකරන ලද පරීක්ෂණ මගින් ඩී.එන්.ඒ වල ද්විත්ව හේලිප්සීය ව්‍යුහය සොයා ගැනීමත් සමගම එහි ගුණනය වීමේ ක්‍රියාවලිය අවසාන වශයෙන් තහවුරු කරන ලදී. ක්‍රික් සහ ඔහුගේ ගෝලයන් විසින් ප්‍රවේනි කේත කෝඩෝන හෙවත් එකිනෙකට අතිපිහිත නොවන භෂ්ම ත්‍රිත්වයකින් සෑදි ඇති බව සොයා ගන්නා ලදී. මෙමගින් හර් ගෝබින්ඩ් ක්හෝරානා, රොබට් හෝලි සහ මාෂල් වොරන්ට් සදහා ජාන ප්‍රවේනි කේත කියවා තේරුම් ගැනීමේ හැකියාව ලබාදුනි. මෙම සොයා ගැනීම මගින් අණුක ජීව විද්‍යාවෙහි උපත සිදුවේ.