ⓘ ඉලෙක්ට්‍රෝනය ඍණ විද්‍යුත් ආරෝපණයක් ඇති උප පරමාණුක අංශුවකි. ඊට දන්නා සංඝටක හෝ ව්‍යුහයක් නොමැති බැවින් මූලික අංශුවක් ලෙස සැලකේ. ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය ප්‍රෝටෝනයක ස ..

ප්‍රතිඅංශුව

අංශු භෞතික විද්‍යාව අනුව සෑම උපපරමාණුක අංශුවකටම අදාල ප්‍රතිඅංශුවක් පවතිනවා. සරලව අදාලා උපපරමාණුක අංශුවට ස්කන්ධයෙන් සමාන ඒත් ඊට ප්‍රතිවිරුද්ධ භෞතික ලක්ෂණයක් ප්‍රතිඅංශුව සතුවෙනවා. උදාහරණයක් විදියට ඉලෙක්ට්‍රෝනයට ප්‍රතිසම උපපරමාණුක අංශුව වන පොසිට්‍රෝනයේ ස්කන්ධය ඉලෙක්ට්‍රෝනයට සමාවන අතර ආරෝපණය සංඛ්‍යාත්මක අගයෙන් ඉලෙක්ට්‍රෝනයට සමාන නමුත් ආරෝපණය ධන වන අංශුවක් වෙනවා. ස්වභාවිකව සමහර විකිරණශීලී මූලද්‍රව්‍ය ක්ෂය වීම්වලදී ප්‍රතිඋපපරමානුක අංශු නිපදවෙනවා. නමුත් මේවා ස්වභාවිකව වැඩි කාලයක් පවතින්නේ නෑ. ඉලෙක්ට්‍රෝනය, ප්‍රෝටෝන සහ නියුට්‍රෝනය එකතු වීම පරමාණු නිර්මාණය වන ආකාරයටම පොසිට්‍රෝන, ප්‍රතිප්‍රෝටෝන සහ ප ...

Cathode ray

ඩයලොග් 0K / s 11 80% 09:24 කැටෝඩ කිරණ ඉලෙක්ට්රෝන වල ධාරාවන්ගේ රික්තක නල වල නිරීක්ෂණය කෙරේ. විකාශිත වීදුරු නළ දෙකක් ඉලෙක්ට්රෝඩ දෙකක් සහිතව තිබේ නම් සහ වෝල්ටීයතාවයක් යොදන්නේ නම්, ධ්වනික ඉලෙක්ට්රෝඩය පිටුපස ඇති වීදුරු නිරාවරණය වීමෙන් කැතෝඩයෙන් පිටවන සහ ඉලෙක්ට්රෝනයින් ගමන් කරන විට. 1869 දී ජර්මානු භෞතික විද්යාඥ ජොහෑන් විල්හෙල්ම් හිටට්රෝෆ් විසින් 1868 දී ඒවා නිරීක්ෂණය කරන ලද අතර එය 1876 දී යුගෙන් ගෝල්ඩ්ස්ටීන් කැටොන්ඩ්රැස්ලෙන් හෝ කැදෝඩ කිරණ මගින් නම් කරන ලදි. 1897 දී බ්රිතාන්ය භෞතික විද්යාඥ ජේ. ජේ. තොම්සන් විසින් කැතෝඩ කිරණ කලින් හඳුනා නොගත් ආරෝපිත අංශු වලින් සමන්විත විය. පසුව ඉලෙක්ට්රෝනය ලෙස නම් ...

ශක්ති මට්ටම්

මෙය මනිනු ලබන්නේ ඉලෙක්ට්‍රෝනයක් පරමාණුවක් වෙන් කිරීමට අවශ්‍ය ශක්ති ප්‍රමාණයන් වන අතර සාමාන්‍ය යෙන් ‍එය ඉලෙක්ට්‍රෝන වෝල්ට් යන ඒකකයෙන් මනිනු ලබයි. ක්වෝන්ටම් යාන්ත්‍රික ව්‍යුහයේදී බැඳුණු ඉලෙක්ට්‍රෝනයකට ලබා ගත හැක්කේ න්‍යෂ්ටියේ මධ්‍යගත වූ තත්ත්වයක් පමණි. එමෙන්ම සෑම තත්ත්වයක්ම විශේෂ ශක්තිමට්ටමකට සම්බන්ධව පවතී. බැඳුණු ඉලෙක්ට්‍රෝනයක පහළම ශක්ති මට්ටම භූමි අවස්ථාව ලෙස හැඳින්වේ. ඉහළම ශක්ති මට්ටම උත්තේජිත අවස්ථාව ලෙස හැඳින්වේ. ඉලෙක්ට්‍රෝනයක් වෙනස් මට්ටම් දෙකක් යටතේ සංක්‍රමණය වීමට එය එම මට්ටම්වල විභව ශක්තියේ වෙනස්කම් වලට ගැළපෙන සේ ප්‍රෝටෝනයක් ලබා ගැනීම හෝ පිට කිරීම සිදු කරයි. පිට කරන ලද ප්‍රෝටෝනයේ ශක් ...

අණුක කාක්ෂිකවාදය

මුළු අණුවම ආවරණය කරන අණුක කාක්ෂික සෑදීම සඳහා පරමාණූක කාක්ෂික වාදයේදී පරමාණුක කාක්ෂිකවල රේඛීය සංයුක්තකරණය භාවිතා කරනු ලබයි. මේවා බහුල වශයෙන් බන්ධන කාක්ෂික, ප්‍රතිබන්ධනීය කාක්ෂික හා නිර්බන්ධිත කාක්ෂික ලෙස බෙදා දක්වනු ලබයි.අණුක කාක්ෂිකයක් යනු න්‍යෂ්ටි කිහිපයක් හෝ බොහෝ විට න්‍යෂ්ටි 2 ක් අඩංගු ශ්‍රෝඩිංගර් කාක්ෂිකයක් පමණි. කිසියම් කාක්ෂිකයක අඩංගු ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටි දෙක අතර පැවතීමේ සම්භාවිතාවය අන් තැනක පැවතීමේ සම්භාවිතාවයට වඩා වැඩි නම් එම කාක්ෂික බන්ධන කාක්ෂික නම්වන අතර ඒවා මගින් න්‍යෂ්ටි එකිනෙකට බැඳ තබා ගැනීමක් සිදු කරනු ලබයි. අණුක කාක්ෂිකයේ ඇති ඉලෙක්ට්‍රෝන, න්‍යෂ්ටි දෙක අතර නොවන ස්ථානයක පැවතී ...

                                     

ⓘ ඉලෙක්ට්‍රෝනය

ඉලෙක්ට්‍රෝනය ඍණ විද්‍යුත් ආරෝපණයක් ඇති උප පරමාණුක අංශුවකි. ඊට දන්නා සංඝටක හෝ ව්‍යුහයක් නොමැති බැවින් මූලික අංශුවක් ලෙස සැලකේ. ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය ප්‍රෝටෝනයක ස්කන්ධයෙන් ආසන්න ලෙස 1/1836කි. ඉලෙක්ට්‍රෝනය ෆර්මියෝන සහ ලෙප්ටෝන ගණ වලට වැටෙන අතර එහි ප්‍රති-අංශුව පොසිට්‍රෝනයයි. විද්‍යුත් ආරෝපණය විරුද්ධ ලකුණ වීම හැරුණු කොට පොසිට්‍රෝනය සහ ඉලෙක්ට්‍රෝනය සර්වසම වේ.

වෙනත් පදාර්ථ මෙන්ම ඉලෙක්ට්‍රෝනය ද අංශු සහ තරංග දෙකටම අයත් වන ක්වොන්ටම් යාන්ත්‍රික ලක්ෂණ දරයි. එබැවින් ඊට වෙනත් අංශු සමඟ ගැටීමට මෙන් ම ආලෝකය මෙන් විවර්තනය වීමට ද හැකි ය.

තව දුරටත් නොබෙදිය හැකි ප්‍රමාණයක විද්‍යුත් ආරෝපණයක් එනම්, මූලික ආරෝපණය පිළිබඳ අදහස ක්‍රි.ව. 1838 දී බ්‍රිතාන්‍ය ජාතික දාර්ශනිකයකු වූ රිචර්ඩ් ලේමිං විසින් ඉදිරිපත් කරන ලද්දේ පරමාණු වල රසායනික ලක්ෂණ පැහැදිලි කිරීම සඳහා ය. ඉලෙක්ට්‍රෝනය යන වදන එම විද්‍යුත් ආරෝපණ වෙත දෙන ලද්දේ ක්‍රි.ව. 1894 දී අයිරිෂ් ජාතික භෞතික විද්‍යාඥයෙකු වූ ජෝජ් ජොන්ස්ටන් ස්ටෝනි විසිනි. ඉලෙක්ටෝනය අංශුවක් ලෙස හඳුනා ගන්නා ලද්දේ 1897 දී බ්‍රිතාන්‍ය ජාතික පර්යේෂකයන් වූ ජේ. ජේ. තොම්සන් සහ පිරිස විසින් කරන ලද තෙල් බිංදු පරීක්ෂණය ආධාරයෙනි.

විද්‍යුතය, චුම්භකත්වය, සහ තාප සන්නායකතාවය යන භෞතික සංසිද්ධි වලදී ඉලෙක්ට්‍රෝනය අත්‍යාවශ්‍ය කාර්ය භාරයක් ඉටු කරයි. නිරීක්ෂකයෙකුට සාපේක්ෂව චලිතයෙක යෙදෙන ඉලෙක්ට්‍රෝනයක් චුම්භක ‍ක්ෂේත්‍රයක් ඇති කරනු ලබයි. එසේම එබඳු ඉලෙක්ට්‍රෝනයක් බාහිර චුම්භක ක්ෂේත්‍ර මඟින් විවර්තනයට ලක් කෙරෙනු ඇත. ඉලෙක්ට්‍රෝනයක් ත්වරණය/මන්දනය කළ විට එය ෆෝටෝන අවශෝෂණය/මුක්ත කිරීම මඟින් ශක්තිය පිට කරයි. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලින් සෑදුනු පරමාණුක න්‍යෂ්ටිය වටා කාක්ෂික වලට පිවිසෙමින් ඉලෙක්ට්‍රෝනය පරමාණු තනයි. කෙසේ වුව ද පරමාණුවක මුලු ස්කන්ධයට ඉලෙක්ට්‍රෝනයේ දායකත්වට 006% ටත් වඩා අඩු අගයක පවතිනු ඇත. ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන අතර ඇති වන කූලෝම් ආකර්ෂණ බල නිසා ඉලෙක්ට්‍රෝන පරමාණු සමඟ බන්ධනය වෙයි. ඉලෙක්ට්‍රෝන පරමාණු දෙකක් හෝ කීපයක් අතර හුවමාරුවෙන් හෝ හවුලේ බෙදා ගැනීමෙන් පරමාණු අතර රසායනික බන්ධන තැනෙයි.

සමහර න්‍යායයන්ට අනුව විශ්වයෙහි පවතින බොහෝ ඉලෙක්ට්‍රෝන නිර්මාණය වූයේ මහා පිපිරුම අවස්ථාවේදී ය. එහෙත් ඉලෙක්ට්‍රෝන බීටා ක්ෂය වීම්, සහ කොස්මික් කිරණ මඟින් සිදු වන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මඟින් ද සෑදේ. පොසිට්‍රෝන සමඟ ගැටීමෙන් ඉලෙක්ට්‍රෝන විනාශ වී යා හැකි අතර තාරීය න්‍යෂ්ටිජනනයෙහි දී උරා ගනු ලැබීමට ද පුළුවන.

                                     

සම්මත පළමු වන අයනීකරණ එන්තැල්පිය

සම්මත අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය පරමාණු මවුලයකින් න්‍යෂ්ටියට ලිහිල්වම බැඳී ඇති ඉලෙක්ට්‍රෝනය බැගින් ඉවත් කර වායුමය ඒක ධන අයන මවුලයක් සෑදීමේදී සිදු වන එන්තැල්පි විපර්යාසයයි.