ⓘ හෙළබස. සිංහල ප්‍රාකෘත භාෂාව යනු මධ්‍ය ඉන්දු ආර්ය භාෂාවකි.එය පසුකාලිනව හෙල හෝ එළු ප්‍රාකෘත ලෙස සරලව හදුන්වා ඇත.මුල් කාලයේදී සෙල්ලිපි සකස් කිරීම උදෙසා මෙම සිංහල ප ..

                                     

ⓘ හෙළබස

සිංහල ප්‍රාකෘත භාෂාව යනු මධ්‍ය ඉන්දු ආර්ය භාෂාවකි.එය පසුකාලිනව හෙල හෝ එළු ප්‍රාකෘත ලෙස සරලව හදුන්වා ඇත.මුල් කාලයේදී සෙල්ලිපි සකස් කිරීම උදෙසා මෙම සිංහල ප්‍රකෘතය භාවිතා කර ඇති අතර එහි සම්භවය බටහිර ඉන්දීය ප්‍රාකෘත ප්‍රභවයක් ලෙස හදුනා ගැනේ.

මහින්දාගමනයෙන් පසුව මෙහිනැ⁣ගෙනහිර ප්‍රකෘත ලක්ෂණ වර්ධනය වී වර්ථමාන සිංහල භාෂාව දක්වා ක්‍රමිකව පරිනාමය වී ඇති අතර එම නිසාම මහින්දාගමනයෙන් පසු රචනා කර ඇති සෙල්ලිපි වල සිංහල ප්‍රාකෘතය පාලි භාෂාවට වඩාත් සමාන ලක්ෂණ දක්වයි.

                                     

1. ලිහිසි

ස්වර

එළු බසෙහි ප්‍රධාන විශේෂාංගයක් වනුයේ කෙටි ස්වර පාවිච්චිය සහ දික් ගතකුරු අත්හැර දැමීමයි.

පාලි බසට සාපේක්ෂව ශබ්ද වෙනස්වීම්

  • පාලි සංස්කෘත ච් ශබ්දය ස් හෝ හ් වීම.
උදා: චන්‍ද්‍ර → සඳ, හඳ
  • ප් හඬ ඉවත් නොවන විට දී ව් බවට පත්වීම.
උදා: රූප → රුව උදා: දීප → දීව උදා: උපාංග → උවඟ

දික් ගතකුරු වෙනස්වීම

වදනක මුලට එක් ගාත්‍රාක්ෂරයක් පමණක් ඉතිරි වීම. ගතකුරු පිල්ලම් නොමැති වීම.

උදා: ධර්ම → දම් උදා: ප්‍රාණ → පණ

වචනයක මැදදී ද ර් හා න් වැනි හල් ගතකුරු ඉවත් වීම.matha

උදා: අර්ථ → අරුත් උදා: දන්ත → දත්