ⓘ ජාතීන්ගේ සංගමය. පළමුවන ලෝක සංග්‍රාමයෙන් පසු ලෝකයේ සාමය ආරක්‍ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සංගමයක අවශ්‍යතාව බලවත්ව දැනෙන්නට විය. ඊට ප්‍රධාන වශයෙන් ම දායකත්‍වය සැපැයූය ..

                                     

ⓘ ජාතීන්ගේ සංගමය

පළමුවන ලෝක සංග්‍රාමයෙන් පසු ලෝකයේ සාමය ආරක්‍ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සංගමයක අවශ්‍යතාව බලවත්ව දැනෙන්නට විය. ඊට ප්‍රධාන වශයෙන් ම දායකත්‍වය සැපැයූයේ එවකට ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවූ වුඩ්රෝ විල්සන් මහතා ය.

                                     

1. ජාතීන්ගේ සංගමය පිහිටුවීමේ අරමුණු

  • ආර්ථික සම්බාධක පැනවීම මඟින් ආක්‍රමණ වැළැක්වීමට කටයුතු කිරීම.
  • ජාතීන් අතර ඇතිවන ආරවුල් සාකච්ඡා මඟින් විසඳාගැනීම.
  • ජාත්‍යන්තර සහයෝගය සහ අවබෝධය ගොඩනැංවීම.
  • කුඩා රාජ්‍යයන්ගේ නිදහස හා ස්වාධීනත්‍වය ආරක්‍ෂා කරගැනීම.
  • මානව වර්ගයාගේ සාමකාමී පැවැත්ම සඳහා අවශ්‍ය වෙනත් පියවර ගැනීම.
                                     

2. සාමය සඳහා දැරූ ප්‍රයත්න

  • ඔස්ට්‍රියාව, හන්ගේරියාව හා ග්‍රීසිය යන රටවලට ආර්ථික ආධාර ලබාදුන් අතර සරණාගතයන් පුනුරුත්ථාපනය කෙරිණි.
  • ලෝක යුඬයෙන් පසු පැතිරුණු ලෙඩරෝග මර්දනය හා නීති විරෝධී හා මත්ද්‍රව්‍ය වෙළඳාම මර්දනය කිරීම.
  • සංගමය පිහිටුවීමෙන් පසු ඉදිරියට වසර 20ක් පමණ කාලයක් යුඬ ඇතිවීම වළක්වා ගැනීම.
  • ජාතික සංගමයේ භාරකාරත්‍වයට පත්කොට තිබූ යටත්විජිතවල පරිපාලන කටයුතු සාර්ථකව අධීක්‍ෂණය කිරීම.
  • ග්‍රීසිය හා ඉතාලිය අතර ඇතිවූ මතභේද විසඳීමට මැදිහත්වීම.
                                     

3. ජාතීන්ගේ සංගමය අසාර්ථකවීමට හේතු

  • මෙම සංගමය නිමැවීමට මුල්වූ ඇමරිකාව පවා මෙහි සමාජිකයෙකු නොවිණි.
මහා බලවතකු වුව ද ඇමරිකානු සෙනට් සභාවේ අනුමැතිය නොමැතිව ඇමරිකාව මීට එක්කරවා ගැනීමට වුඩ්රෝ විල්සන් අපොහොසත් විය. ඊට හේතුව වූයේ මෙම සංගමයේ ඇතැම් කොන්දේසි සඳහා එය එකඟ නොවීමයි.
  • ව්‍යවස්ථාව අනුව තීරණ ගැනීමේදී ඒකමතික තීරණයන්ට එළඹීමේදී අපොහොසත් වීම.
  • අභ්‍යන්තර ආරක්‍ෂාවට පමණක් ආයුධ පවත්‍වා ගැනීමට රටවලට අවසර දුන්න ද එය ක්‍රියාත්මක කිරීමට අවැසි නිරායුධ කොමිසමක් කිසිදිනෙක පත් නොකෙරුණි.
  • සාමාජික රටවල ආක්‍රමණික කටයුතු වැළැකීමට අවශ්‍ය හමුදා ශක්තියක් සංගමය සතු නොවීය.
  • රටවල් 55ක් පමණ මීට අයත්ව තිබුණ ද පළමු ලෝක යුඬයේ වැරදිකරුවූ ජර්මනියට ද රුසියාවට ද සාමාජිකත්‍වය අහිමිවිය.
  • ඉතාලිය ඇබිසීනියාව ආක්‍රමය කළ අවස්ථාවේ සංගමය සම්බාධක පැනැවූව ද ඉතාලියට විරුඬව ඇබිසීනියාවට ආධාර කිරීමට සංගමය අපොහොසත් විය.