ⓘ සෛලය, ජීව විද්‍යාව. සෛල යනු සියළුම ජීවීන්ගේ මූලික ව්‍යුහමය, කෘත්‍යමය සහ ජෙෙවීය ඒකක වේ. ජීවයේ කුඩාම ඒකකය වන සෙෙලයට ස්වාධීනව ප්‍රතිවලිත වීමේ හැකියාව පවතීින අතර, ස ..

                                     

ⓘ සෛලය (ජීව විද්‍යාව)

සෛල යනු සියළුම ජීවීන්ගේ මූලික ව්‍යුහමය, කෘත්‍යමය සහ ජෙෙවීය ඒකක වේ. ජීවයේ කුඩාම ඒකකය වන සෙෙලයට ස්වාධීනව ප්‍රතිවලිත වීමේ හැකියාව පවතීින අතර, සෙෙලය "ජීවයේ තැනුම් ඒකකය" ලෙසද හැඳින්වෙි. සෙෙල පිළිබඳව හැදෑරීම සෙෙල ජීව විද්‍යාව නම් වේ.

පටලයකින් ආවරණය වූ සෛලප්ලාස්මයකින් සෙෙල සමක්විත වේ. ඒ තුල ප්‍රෝටීන හා න්‍යෂ්ටික අම්ල වැනි විවිධ ජීව අණු රැසක් අන්තර්ගතය. ජීවීන් ප්‍රධාන වශයෙන් ඒකසෛලීය එක් සෙෙලයකින් පමණක් සමන්විත ජීවීන්; බැක්ටීරියාවන් හා බහුසෛලීය ශාක සහ සතුන් වශයෙන් කොටස් දෙකකට වර්ගීකරණය කල හැකි වේ. ශාක සහ සතුන්ගේ දේහ තුල අන්තර්ගත වන සෙෙල සංඛ්‍යාව ජීව විශේෂයෙන් විශේෂයට වෙනස් වේ. පරිණත මිනිස් දේහයක් තුල සෙෙල ට්‍රිලියන 100 ක් පමණ ඇතැයි සැළකෙයි. බොහොමයක් ශාක සහ සත්ව සෙෙල දැකගත හැකි වන්නේ අන්වීක්ෂ භාවිතයෙන් පමණක් වන අතර, සෙෙවල විශාලත්වය මයික්‍රොමීටර 1 - 100 ත් අතර පමණ වේ.

සෙෙලය ප්‍රථම වරට සොයාගන්නා ලද්දේ 1665 වසරේදී රොබට් හුක් විසිනි. 1839 වසරේදී මුල්ම වරට සෙෙල වාදය, මතායස් ජේකොබ් ශ්ලයිඩන් සහ තියඩෝර් ශ්වාන් විසින් දියුණු කොට, සියළුම ජීවීන් සමන්විත වන්නේ තනි සෙෙලයකින් හෝ සෙෙල විශාල ගණනකින් බවත්, එම සෙෙල ඇතිවන්නේ පෙර පැවති සෙෙල වලින් බවත්, ජීවියෙකුගේ ජෙෙවීය ක්‍රියාවලීන් සෙෙල තුල සිදුවන බවත්, සියළුම සෙෙල තුල එහිලා වූ කෘත්‍යයන් පාලනය කිරීම සඳහා සහ තොරතුරු ඊලඟ පරම්පරාවේ සෙෙල වෙත සම්ප්‍රේෂණය කිරීමට අදාල ප්‍රවේණික තොරතුරු අන්තර්ගත වන බවත් ප්‍රකාශ කරන ලදී. මීට වසර බිලියන 3.5 කට පමණ පොරාතුව, පෘතුවිය මත මුල්ම සෙෙලය ඇතිවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

                                     

1. ව්‍යුහ විද්‍යාව

ප්‍රධාන වශයෙන් ජීවී සෛල දෙවර්ගයක් ඇත. ඒවා නම්, ‍ප්‍රාග්න්‍යෂ්ටිකයින් ප්‍රෝකැරියෝටා හා සූන්‍යෂ්ටිකයින් යූකැරියෝටා වේ. සූ න්‍යෂ්ටිකයින් සතුව සංවිධානය වූ න්‍යෂ්ටියක් පවතී. ප්‍රාග්න්‍යෂ්ටිකයින් සතුව එවැන්නක් නොමැත. ප්‍රාග් න්‍යෂ්ටිකයින් සාමාන්‍යයෙන් ඒක සෙෙලික ජීවීන් වේ. සූ න්‍යෂ්ටිකයින්, ඒක සෙෙලික හෝ බහු සෙෙලික ජීවීන් යන දෙයාකාරයෙන්ම දැකගත හැකි වේ.

                                     

2. ප්‍රාග්න්‍යෂ්ටික සෙෙල

මිහිතලය මත සම්භවය වූ ප්‍රථම ජීවී ආකාරය ප්‍රාග්න්‍යෂ්ටික සෙෙල වේ. ඔවුන් සූන්‍යෂ්ටිකයින්ට සාපේක්ෂව සරල හා කුඩා වන අතර, න්‍යෂ්ටියක් වැනි පටලමය ඉන්ද්‍රයිකා නොදරයි. ප්‍රාග්න්‍යෂ්ටිකයින් වර්ග දෙකකි. ඒවා නම් බැක්ටීරියා සහ ආකියා වේ. ප්‍රාග්න්‍යෂ්ටිකයින් තුල අන්තර්ගත වන DNA, එක් වර්ණදේහයක් තුල අඩංගු වන අතර එය සෙෙල ප්ලාස්මය හා සෘජුවම සම්බන්ධ වී පවතී. සෙෙල ප්ලාස්මයේ වූ න්‍යෂ්ටික කලාපය, නියුක්ලොයිඩය ලෙස හැඳින්වේ. සියළුම ජීවීන් අතුරින් බොහොමයක් ප්‍රාග්න්‍යෂ්ටිකයින් කුඩාතම වේ. ඔවුන්ගේ විශාලත්වය 0.5 සිට 2.0 µm දක්වා පමණ වෙයි.

ප්‍රාග්න්‍යෂ්ටික සෙෙලයක දැකගත හැකි ප්‍රධාන ව්‍යුහාංග 3 කි:

  • සෙෙලයේ මතුපිට සිට භාහිරයට විහිදී යන කෂිකා සහ පිලයි - මෙම ව්‍යුහයන් සියළුම ප්‍රාග්න්‍යෂ්ටිකයින්ගේ දැකගත නොහැකි වේ ප්‍රෝටීන වලින් තැනී ඇති අතර, සෙෙල අතර සන්නිවේදනයට සහ සෙෙවල චලනයට උපකාරී වේ.
  • සෙෙලය ආවරණය කරන සෙෙල කොපුව – සාමාන්‍යයෙන් ප්ලාස්ම පටලය ආවරණය කරමින් පවතින සෙෙල බිත්තියකින් සමන්විත වේ. නමුත් සමහර බැක්ටීරියාවන් සතුව කැප්සියුලය නමින් තවත් ආවරණයක් පවතී. සෙෙල කොපුව මගින් සෙෙල වෙත දැඩි භාවයක් ලබා දෙන අතරම, සෙෙල අභ්‍යන්තරය භාහිර පරිසරයෙන් වෙන් කරමින්, ආරක්ෂිත පෙරහනක් සේද ක්‍රියා කරයි. බැක්ටීරියාවන්ගේ සෙෙල බිත්තිය පෙප්ටිඩෝග්ලයිකෑන් වලින් සමන්විත වන අතර එය භාහිර බලපෑම් වලට එරෙහි බාධකයක් ලෙස ක්‍රියාකිරීමේදී වැදගත් වේ. එසේම උපාභිසාරක මාධ්‍යයකදී ආස්‍රැති පීඩනය නිසා සිදුවන සෙෙල විදාරණය පිපිරී යාමටඇති හැකියාව සෙෙල බිත්තිය මගින් වලක්වනු ලබයි. සමහර සූන්‍යෂ්ටික සෙෙල සතුවද ශාක සෙෙලය සහ දිලීර සෙෙල සෙෙල බිත්ති පවතී.
  • සෙෙලයේ අභ්‍යන්තර සෙෙල ප්ලාස්මීය කලාපය තුල ජීනෝමය DNA, රයිබොසෝම සහ විවිධ වර්ගයේ අන්තර්ගත ද්‍රව්‍යයන් පවතී. ප්‍රාග්න්‍යෂ්ටිකයින් තුල පවතින වර්ණදේහය සාමාන්‍යයෙන් චක්‍රීය අණුවක් වේ. ප්‍රාග්න්‍යෂ්ටිකයින් සතුව කෙසේ නමුදු න්‍යෂ්ටියක් නොමැති වන අතර, DNA නියුක්ලොයිඩ කලාපයේ සාන්ද්‍රණය වී පවතී. මීට අමතරව ප්ලැස්මිඩ ලෙස හඳුන්වන අතිරේක චක්‍රීය වර්ණදේහමය DNA බැක්ටීරියාවන් තුල දැක ගත හැකි වන අතර, ඒවා හීද ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවයට හේතුවන ජාන වැනි අතිරේක ජාන පිහිටා ඇත.
                                     

3. සූන්‍යෂ්ටික සෙෙල

ශාක, සතුන්, දිලීර, ප්‍රෝටසෝවාවන්, සහ ඇල්ගාවන් සියළුදෙනාම සූන්‍යෂ්ටිකයෝ වේ. සූන්‍යෂ්ටික සෙෙල, ප්‍රාග්න්‍යෂ්ටික සෙෙල පළල මෙන් පහලොස් ගුණයක් පමණ විශාල වන අතර, පරිමාව සැළකීමේදී දහස්වාරයක් පමණ විශාල විය හැකිවේ. ප්‍රාග්න්‍යෂ්ටික සෙෙල සමග සසඳන විට සූන්‍යෂ්ටික සෙෙවල දැකගත හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ, සූන්‍යෂ්ටික සෙෙලය පටල මගින් තවත් කොටස් වලට බෙදී ඒවා තුල විශේෂිත පරිවෘත්තීය ක්‍රියාවන් සිදුවීමයි. ඒ අතුරින් සූන්‍යෂ්ටික සෙෙලයක් තුල DNA ගබඩා කොට පවත්වා ගන්නා සෙෙල න්‍යෂ්ටිය විශේෂ කොට දැක්විය හැකිවේ.

                                     

4.1. උප සෙෙලීය සංරචක සෛල ප්ලාස්ම පටලය

සෛල පටල පිලිබද පැහැදිලි කරන්නා වූ නිවරදිම ආකෘතිය තරල විචිත්‍ර ආකෘතිය යි.මෙය ඉදිරිපත් කරන ලද්දේ සිංගර් හා නිකල්සන් විසිනි.සෛල ප්ලාස්ම පටලය යනු, සෛලයක් වෙනත් සෛලයකින් හෝ බාහිර පරිසරයෙන් වෙන් කරන බාහිරයේ පවතින ක්‍රියාකාරී පටලය හෙවත් බාහිර ආවරණය වේ. ගනකම මයික්‍රෝ මීටර් 0.1කි. ඉලෙක්ට්රෝන අන්වීක්ෂයෙන් බැලූ විට තද පැහැති කලාපයට අතර මැදිව ලා පැහැති කලාපයක් ලෙස පවතී. සෛල පටල ප්‍රධාන ද්‍රව්‍ය තුනකින් සෑදී ඇත.එනම්:

  • ප්‍රෝටීන ------> 1.පාරපටල/සම්පූර්ණ ප්‍රෝටීන
  • පොස්පො ලිපිඩ ------> පොස්පො ලිපිඩ අණු වලට ජලකාමී හිසක් ධ්‍රැවීය කොටස සහ ජල භීතික වල්ගයක් ධ්‍රැවීය නොවන කොටස පවතී.

2.වාහක ප්‍රෝටීන 3.පර්යන්ත ප්‍රෝටීන ප්‍රෝටීන අණුවලටද ජලකාමී සහ ජල භීතික කොටස් පවතී.

  • කාබෝහයිඩ්‍රේට

ප්ලාස්ම පටලයේ බාහිර පෘෂ්ඨයේ අතු බෙදුනු කෙටි පොලිසැකරයිඩ දාම ලෙස පවතී. වැඩිපුරම පවතින්නේ ග්ලයිකෝප්‍රෝටීන යම් පොලිසැකරයිඩ දාම කිහිපයක් සමග සම්බන්ධවයි.සෛල ප්ලාස්ම පටලයේ බාහිර පෘෂ්ඨයේ පවතින කාබෝහයිඩ්‍රේට අණු සියලේ එකතුව ග්ලයිකො කැලික්සය වේ. මෙය අර්ධ පාරගමය නොහොත් වරනීය පාරගමය පටලයකි සෛල පටලය හරහා තෝරාගත් ද්‍රව්‍ය වලට පමනක් ගමන් කිරිමට හැක

කාර්යයන්:

  • සෛල තුලට ද්‍රව්‍ය ඇතුල්වීම හා පිටවීම පාලනය
  • සෛලය වලට බාහිරව එන උත්තේජ හදුනා ගැනීම.
  • සෛලලයේ ගතික ආවරණය
  • සෛලය තුල ආස්‍රැති තුල්‍යතාව පවත්වා ගැනීම.
  • ප්‍රාක් ප්ලාස්මයේ බාහිර සීමාව ලෙස ක්‍රියා කිරීම.


                                     

4.2. උප සෙෙලීය සංරචක සූන්‍යෂ්ටික

  • සෙෙල න්‍යෂ්ටිය
  • මයිටොකොන්ද්‍රියා සහ හරිතලව
  • අන්ත:ප්ලාස්මීය ජාලිකාව
  • ගොල්ගි දේහය
  • ලයිසොසෝම හා පෙරොක්සිසෝම
  • කේනද්‍රදේහ
  • රික්තකය