ⓘ බුධ. මීට අවුරුදු 5000 පෙර ග්‍රීකයන් විසින් සුමේරියන් යුගයේදී මෙම ග්‍රහයා හඳුනාගන්නා ලදී. හිරුට ආසන්නයේම පිහිටා අති මෙය කි.මි.4.887 ක විශ්කම්භයකින් යුක්තය.අධික උ ..

                                     

ⓘ බුධ

මීට අවුරුදු 5000 පෙර ග්‍රීකයන් විසින් සුමේරියන් යුගයේදී මෙම ග්‍රහයා හඳුනාගන්නා ලදී. හිරුට ආසන්නයේම පිහිටා අති මෙය කි.මි.4.887 ක විශ්කම්භයකින් යුක්තය.අධික උෂ්ණත්වයකින් යුතු මෙම ග්‍රහයා තුල ජලය නොමැත.දිවාකාලයේ උෂ්ණත්වය කෙල්වින් 673කි.එය රාත්‍රියට 175 කි. මෙහි ජීවී වාසයක් නොමැත. මෙහි චුම්බක ක්ෂේත්‍රය පෘථිවිය මෙන් 1%කි.අභ්‍යන්තර මදය ද්‍රව යකඩවලින් සමන්විත වීම එයට හේතුවයි. ඉලිප්සාකාර කක්ෂයක සූර්යයා වටා ගමන් කරන බුධ ග්‍රහයා තමා වටා භ්‍රමණය වීමට පෘථිවි දින 59ක් ගත වන අතර සූර්යයා වටා එක් වරක් භ්‍රමණය වීමට දින 88ක් ගත වේ.

භෞතික ලෙස බුධ ග්‍රහයාගේ පෙනුම චන්ද්‍රයාගේ පෙනුමට සමාන වේ. එය ආවාට විශාල ප්‍රමාණයකින් සමන්විත අතර ස්වභාවික චන්ද්‍රිකා හෝ එහි වායුගෝලයක් ඇති බව සනාථ වී නැත. බුධ ග්‍රහයා සතුව විශාල යකඩ හරයක් ඇති අතර එමඟින් පෘථිවි‍යේ චුම්බක ක්ෂේත්‍රයෙන් 1% ක් පමණ වන චුම්බක ක්ෂේත්‍රයක් උත්පාදනය කරයි. එය අසාමාන්‍ය ලෙස ඝන ග්‍රහයක් වී ඇත්තේ එහි හරය විශාල වීම නිසාය. බුධ ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය 90 – 700 k -180 සිට 430 සෙල්සියස්දක්වා වන අතර සුර්යයාට පහලින් ඇති ලක්ෂය උණුසුමින් වැඩිම ස්ථානය වන අතර ධ්‍රැව අසල ඇති ආවාටවල පතුල සීතලම ස්ථානය වේ.

බුධ ග්‍රහයා පිළිබඳ සිදුකර ඇති වාර්තාගත නිරීක්ෂණ ක්‍රිස්තු පූර්ව පළමු සහශ්‍රය දක්වා දිව යන අතර ක්‍රිස්තු පූර්ව හතරවන සියවසට පෙර ග්‍රීක තාරකා විද්‍යාඥයින් විසින් විශ්වාස කලේ එම ග්‍රහයා වස්තුන් දෙකක් බවය.

උදෑසන ඉර නැගෙන විට පමණක් දුටු ග්‍රහයා ඇපලෝ ලෙසටත් ඉර බැස යන විට දුටු ග්‍රහයා හර්මිස් ලෙසත් ඔවුන් විසින් නම් කරන ලදි. Mercury නමැති බුධ ග්‍රහයාගේ ඉංග්‍රීසි නම රෝමානු ජාතිකයන් විසින් තබන ලද අතර ඔවුහු එය නම් කළේ රෝමානු දෙවි මර්කරි සිහිපත් වීමට ය. ඔවුහු එය ග්‍රීක දෙව් හර්මිස්ට සම කළහ. බුධ ග්‍රහයාගේ තාරකා ලකුණ ලෙස භාවිතා වන්නේ නවීකරණය කරන ලද හර්මිස්ගේ Caduceus එකය.

බුධ ග්‍රහයාට උප ග්‍රහයන් නැත.මතුපිට ගිනි කන්ද පිපිරීමෙන් නිර්මාණය වූ ආවාට cratersවලින් යුක්තය.වායු ගෝලයක් නොමැති බැවින් ග්‍රහක සහ උල්කාපාත කඩා වැටීමේ අවදානම වැඩියි.බුධ ග්‍රහයා අභ්‍යන්තර ග්‍රහලෝකයක් ලෙස හැදින්⁣වේ.

                                     

1. අභ්‍යන්තර ව්‍යුහය

පෘථිවිය වැනි පාෂාණමය දේහයක් සහිත බුධ ග්‍රහයා භෞමික ග්‍රහයින් හතරෙන් එකකි. කුඩාම භෞමික ග්‍රහයා මෙය වන අතර එහි සමකය හරහා විෂ්කම්භය 4879 km වේ. බුධ ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ස්වභාවික චන්ද්‍රිකා වන ගැනීමීඩ් සහ මයිටන් වලට වඩා විශාල වේ. බුධ ග්‍රහයා 70% ක් ලෝහ වලින් සහ 30% ක් සිලිකාමය ද්‍රව්‍ය වලින් සමන්විත ‍වේ. මෙම ග්‍රහයාගේ ඝනත්වය 5.43 g/cm3, සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන්ගෙන් දෙවැනියට වැඩිම ඝනත්වය වේ. එය පෘථිවියේ ඝනත්වයට වඩා අඩු වන්නේ ස්වල්ප වශයෙනි. ගුරුත්වාකර්ෂණ සංකෝචන බලපෑම ඉවත් කළහොත් බුධ ග්‍රහයා සෑදි ඇති ද්‍රව්‍ය තවත් ඝනත්වයෙන් වැඩි වන අතර සංකෝචනය නොවු ඝනත්වය 5.3g/cm3 වන අතර එවිට පෘථිවියේ ඝනත්වය 4.4g/cm3 වේ.

1.ක‍බොල්ල - 100 – 200 km ඝනකමින් යුක්තය

2.මැන්ටලය - 600 km ඝනකමින් යුක්තය

3.හරය - 1800 km අරයක් සහිතය

බුධ ග්‍රහයාගේ ඝනත්වය මඟින් එහි අභ්‍යන්තර ව්‍යුහය පිළිබඳ නිගමන ලබා ගත හැකිය. පෘථිවියේ වැඩි ඝනත්වයට හේතුව ගුරුත්වාකර්ෂණ සංකෝචනය වන අතර බුධ ග්‍රහයා ඊට වඩා ඉතා කුඩා වන අතර ඇතුලු ප්‍ර‍දේශ එතරම් තදින් සංකෝචනය වී නැත. ‍එබැවින් එයට මෙතරම් ඉහළ ඝනත්වයක් හිමිවන්නට නම් එහි හරය විශාලවීම සහ යකඩ වලින් පිරී තිබිය යුතුය. භූ විද්‍යාඥයින් විසින් ඇස්තමේන්තු කර ඇති ආකාරයට බුධ ග්‍රහයාගේ හරය එහි පරිමාවෙන් 42% ක් වන අතර පෘථිවිය සදහා මෙම ප්‍රතිශතය 17% කි. මෑත කාලීන පර්යේෂණ වලින් හෙළි වන්නේ බුධ ග්‍රහයා සතුව ද්‍රව වූ හරයක් ඇති බවයි.

හරය වටා කි.මී. 600 ක මැන්ටලය ඇති අතර ඉතිහාසයේ දී බුධ ග්‍රහයා සමග විශාල දේහයක් ගැටීමෙන් එහි මුල් මැන්ටල ද්‍රව්‍ය බොහොමයක් ඉන් ඉවත් වී විශාල හරයට සාපේක්ෂව තුනී මැන්ටලයක් ඉතිරි වන්නට ඇත.

බුධ ග්‍රහයාගේ ක‍‍‍බොල්ල කි.මී. 100 -200 දක්වා ඝනකමකින් යුක්තය. බුධ ග්‍රහයාගේ මතුපිට පෘෂ්ඨයේ ඇති එක් විශේෂ ලක්ෂණයක් වන්නේ කිලෝමීටර ගණනාවක් දුරට විහිදෙන හෙල්වැටි දක්නට ලැබීමය. බුධ ග්‍රහයාගේ කබොල්ල ඝන තත්වයේ පවතින අවස්ථා‍වේදී එහි හරය සහ මැන්ටලය සීතලවී සංකෝචනය වීම නිසා මෙම හෙල්වැටි සෑදෙන්නට ඇති බව විශ්වාස කෙරේ.

සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අනෙකුත් ප්‍රධාන ග්‍රහයන් සැමට වඩා වැඩි යකඩ සංයුතියක් බුධ ග්‍රහයා සතුය. මෙය පැහැදිලි කිරීමට මත බොහොමයක් ඉදීරිපත් වී ඇත. බොහෝ දෙනා විසින් පිලිගත් මතය වන්නේ මුල් කාලයේ දී බුධ ග්‍රහයාගේ ලෝහ - සිලිකා අනුපාතය සාමාන්‍ය කොන්ඩ්‍රයිට් ධූම කේතු වලට සමාන වන්නට ඇති බවය. මෙම අනුපාතය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සාමාන්‍ය පාෂාණ ද්‍රව්‍ය වල ලක්ෂණයක් බවට විශ්වාස කෙ‍රේ. කෙසේ නමුදු සෞරග්‍රහ මණ්ඩලයේ මුල් ඉතිහාසයේ දී බුධ ග්‍රහයා සමග ඇති වූ ගට්ටනයකින් එහි මුල් මැන්ටලය සහ කබොල්ලෙන් වැඩි ප්‍රමාණයක් ගැලවී ගොස් හරය වැඩි වශයෙන් ඉතිරිවන්නට ඇත. පෘථිවි චන්ද්‍රයා සෑදුනු අයුරු පැහැදිලි කිරීමටත් මෙවැනිම ක්‍රියාවලියක් යෝජනා වී ඇත.

                                     

2. පෘෂ්ඨයේ භූ විද්‍යාව

බුධ ග්‍රහයාගේ මතුපිට පෘෂ්ඨය චන්ද්‍රයාගේ පෘෂ්ඨයට සමාවන අතර, විශාල තැනිතලා සහ ගැඹුරු ආවාට වලින් සමන්විත ය. ඉන් පෙනී යන්නේ එය වසර බිලියන ගණනක් තිස්සේ භූ විද්‍යාත්මකව නිෂ්ක්‍රීයව තිබී ඇති බවය. බුධ ග්‍රහයාගේ භූ විද්‍යාව පිළිබඳ අපගේ දැනුම 1975 මරිනර් යානය මත හා භෞමික නිර්ක්ෂණ මත තීරණය ‍වී ඇති බැවින් භෞමික ග්‍රහයින්ගෙන් අවම ලෙස තේරුම් ගෙන ඇති ග්‍රහයා මෙය වේ. මෑතක දී ගුවන්ගත කල Messenger ගුවන් යානයෙන් ලැබෙන දත්ත මඟින් මේ පිළිබඳව දැනුම වැඩි දියුණු වනු ඇත. උදාහරණ ලෙස මකුලුවෙක් Spider ලෙස හඳුන්වන විහිදී යන ද්‍රෝණිකා සහිත අසාමාන්‍ය ආවාටයක් විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇත.

වසර බිලියන 4.6 කට පෙර බුධ ග්‍රහයාගේ බිහිවීමෙන් ඉතා කෙටි කලක් තුල වල්ගාතරු හා ග්‍රහකවලින් බරපතල ප්‍රහාර එයට එල්ල වී තිබේ. ඉන්පසුව ද වරින් වර බරපතල ප්‍රහාරවලට එය ලක් වී තිබේ.

එම කාලයේදී ඉතා දරුණු ලෙස ග්‍රහ පෘෂ්ඨය මත ආවාට සෑදී ඇති අතර එය වෙත පැමිණෙන වස්තූන්ගේ වේගය අඩු කිරීමට හැකි වායුගෝලයක් බුධ ග්‍රහයා සතු නොවීම නිසා එහි මුළු පෘෂ්ඨයෙහිම පාහේ ආවාට සෑදී ඇත. මේ කාලයේ දී එහි ගිනි කඳු ක්‍රියාකාරී වූ අතර ‍ක‍රෝලිස් බේසම වැනි ආවාට සම්පූර්ණයෙන් ම ‍ලෝ දිය මැග්මා වලින් පිරී ගොස් සද තලා බිම් බවට පත් වී ඇත.

                                     

3. වායුගෝලය

දීර්ඝ කාලයක් තිස්සේ සැලකිය යුතු වායු ගෝලයක් රදවා ගැනීමට බුධ ග්‍රහයාගේ ගුරුත්වය ප්‍රමාණවත් නොවෙයි. හයිඩ්‍රජඩන්, හීලියම්, ඔක්සිජන්, සෝඩියම්, කැල්සියම් හා පොටෑසියම් අඩංගු විරල වායුගෝලයක් බුධ සතුය. එහි වායු ගෝලය අස්ථායීය. පරමාණු අඛණ්ඩව ක්ෂය වන අතර විවිධාකාර ප්‍රභව මගින් යලි පිරවේ. හයිඩ්‍රජන් හා හීලියම් පරමාණු ඇතැම් විට පැමිණෙන්නේ අභ්‍යවකාශයට ඇදී යාමට පෙර සුර්යය සුළං බුධගේ චුම්භක ගෝලය තුළට විසරණය වීමෙනි. හීලියම් සෝඩියම් හා පොටෑසියම් සදහා තවත් ප්‍රභවයක් වන්නේ බුධගේ කබෝල්ල තුළ ඇති මූලද්‍රව්‍යයන්ගේ විකිරණශීලි ක්ෂය වීමයි. බුධ මතුපිට උල්කාශ්ම ගැටීම නිසා පැමිණි ජල වාෂ්පද ඇතැම් විට දැක ගත හැක.

චුම්භක ක්ෂේත්‍රය හා චුම්භක ගෝලය දින 59 ක සෙමින් සිදු වන භ්‍රමණයක් පවතී. බුධට සැලකිය යුතු දළ වශයෙන් ගෝලීය චුම්භක ක්ෂේත්‍රයක් ඇත. මැරීනර් 10 මගින් ලබාගත් මිනුම් අනුව එය පෘථිවිය මෙන් 1.1% වාරයක් ප්‍රබල වේ. බුධගේ චුම්භක ක්ෂේත්‍රය ද්වීද්‍රවීය වන අතර ග්‍රහලෝකයේ භ්‍රමණ අක්ෂය සමග ඒක රේඛීය වේ. මෙම ක්ෂේත්‍රයද පෘථිවි චුම්භක ක්ෂේත්‍රය මෙන්ම උත්පාදනය වී ඇති බව පෙනේ. ද්‍රව හර අමුද්‍රව්‍යයන් හෝ අඩ වශයෙන් ඝන හරයක් වටකරගත් ජනකයකින් එය උත්පාදනය වී ඇත. එහි ද්‍රව්‍ය පවත්වා ගැනීමට සැකසී ඇති යාන්ත්‍රණයක් නම් ඉහළ කාක්ෂික විකේන්ද්‍රතාවක් පවතින කාලවලදී ප්‍රබල උදම් ආචරණයන් ඇතිවීමය.

බුධගේ චුම්භක ක්ෂේත්‍රය ග්‍රහලෝකය වටා පවතින සුර්යය සුළං පරාවර්තනයට ප්‍රමාණවත්ය. එමගින් චුම්භක ගෝලය ඇති වේ. එයද චුම්භක ගෝලය තුළදී සුර්යය සුළං ප්ලස්මාවන් රදවා ගැනීමට සමත් වන අතර එය ග්‍රහලෝකයේ කාලගුණ වෙනස්වීම්වලට දායකවේ.



                                     

4. නිරීක්ෂණය කිරිම

බුධ ග්‍රහයාගේ දීප්තිය - 2.0 සිට 5.5 දක්වා වන අතර එය සීරියස්ට වඩා දීප්තිමත් බවින් වැඩිය. බුධ ග්‍රහයා සූර්යයාට ආසන්නව පිහිටන නිසා සුර්යයාගේ දීප්තියට මුවා වීමෙන් එය නිරීක්ෂණය කිරීමට අපහසු වේ. එය නිරික්ෂණය කල හැක්කේ හිමිදිරි පාන්දර හෝ සවස් කාලයේ දී කෙටි කාල පරිච්ඡේදයක දී පමණි. හබල් ස්පේස් දුරදක්නයෙන් එය කිසිලෙසකින්වත් නිරීක්ෂණය කල නොහැකිය. ඒ දුරදක්නය සතුව සූර්යයාට ඉතා සමීපයෙන් එය නාභිගත වීම වළක්වන ආරක්ෂක උපක්‍රමයක් ඇති බැවිනි.

චන්ද්‍රයා මෙන් බුධ ග්‍රහයාද පෘථිවියේ සිට බලන කල විවිධ අවධි පෙන්නුම් කරයි. අධර හමුවීමේ දී එය අලුත් වන අතර උත්තර හමුවීමේ දී එය සම්පූර්ණ වේ. මෙම අවස්ථා දෙකේදීම එය නොපෙනී යයි.

බුධ ග්‍රහයාගේ අධර හමුවීම සෑම දින 116 කට වරක් ම සිදුවේ. නමුත් මෙම කාල පරාසය දින 111 සිට 121 දක්වා විය හැකිය. බුධ ග්‍රහයා පෘථිවියට ආසන්නවම පැමිණෙන විට පෘථිවිය හා එය අතර දුර 82 Gm වේ.

පෘථිවියේ දක්ෂිණ අර්ධගෝලයට වඩා හොඳින් උත්තර අර්ධගෝලයේ සිට බුධ ග්‍රහයා දැකගත හැකිය. වෙනත් ග්‍රහලෝක බොහොමයක් මෙන්ම බුධ ග්‍රහයාද පූර්ණ සූර්ය ග්‍රහණයක දී දැක ගැනීමට පුළුවනි.

බුධ ග්‍රහයා පෘථිවියේ සිට බලන කල වැඩි ම දීප්තියකින් දිස්වන්නේ එහි හතරෙන් පංගුවක අවධියේ සිට සම්පූර්ණ වන අවධිය අතරතුරේ දීය. මේ අවධියේ දී පෘථිවියේ සිට බුධ ග්‍රහයාට ඇති දුර වැඩි නමුත් ග්‍රහ පෘෂ්ඨයේ වැඩි ප්‍රමාණයක් ආලෝකමත් වන බැවින් මේ අවධියේ දී වැඩිම දීප්තියකින් දිස් වේ. නමුත් සිකුරු ග්‍රහයා සැලකු විට නම් වැඩිම දීප්තියක් දක්නට ලැබෙන්නේ පෘථිවියේ සිට අවම දුරකින් පිහිටන අඩ සඳ හැඩැති අවධියේ දීය.

                                     

5. කාක්ෂික හා භ්‍රමණය

ග්‍රහලෝක අතර වඩාත් විකේන්ද්‍රික වන්නේ බුධගේ කාක්ෂිකයයි. සුර්යයාගේ සිට දුර කිලෝමීටර් මිලියන 46 සිට 70 දක්වා විචලනය වන එහි විකේන්ද්‍රිකතාව 0.21 කි. කාක්ෂිකය සම්පුර්ණ කිරීමට දින 88 ක් ගත වේ. ජ්‍යාමිතික වාන්තාකාර කාක්ෂිකය එකම උප ප්‍රධාන අක්ෂ දරයි. උප හේලිකය ආසන්නයේදී ග්‍රහලෝකයේ ඉහළ ප්‍රවේගය සෑම දින 5 ක කාලපරාසයකටම එය ආවරණය කරන විශාල දුරින් පැහැදිලි වේ. ගෝවල ප්‍රමාණයන් ඒවායේ හිරුගේ සිට ඇති දුරට ප්‍රතිලෝමව සමානුපාතික වේ. සුර්යය කේන්ද්‍රික විචලනය වන දුර ප්‍රමාණයන් නිරූපණයට එය යොදා ගනී. භ්‍රමණ කාක්ෂික අනුනාදය 3: 2 වන ග්‍රහලෝකයේ අක්ෂය වටා භ්‍රමණය සුර්යයා ගේ සිට විචලනය වන දුර සමග සංයෝජනය වී ඇති අතර මතුපිට උෂ්ණත්වයේ සංකිර්ණ විචලතාවයන් ඇති කරයි.

බුධගේ කාක්ෂිකය පෘතුවි කාක්ෂික තලයට අංශක 7 ක් ආනත වන අතර එය රූපයේ වම්පස දක්වා ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් සුර්යයාගේ මුහුණත හරහා බුධගේ සම්ප්‍රේෂණයන් ඇති වන්නෙ‍් ග්‍රහලෝකය සුර්යයා හා පෘතුවිය අතර පවතින එහි තලය හරහා යන විට පමණි. මෙය දළ වශයෙන් අවුරුදු 7 කට වරක් ඇති වෙයි.

බුධගේ අක්ෂයේ ආනතිය 0.01 අංශක පමණක් වේ. මෙය බ්‍රහස්පතිට වඩා 300 වාරයක් කුඩා වේ. එය දෙවන කුඩාතම අක්ෂයේ ආනතිය දරණ ග්‍රහලෝකය වන අතර ආනතිය අංශක 3.1 කි. මෙහි අර්ථය වන්නේ ප්‍රදේශීය මධ්‍යන්‍යයේදී බුධගේ සමකයේ සිටින නිරීක්ෂකයෙකුට ශිකරයෙන් උතුරට හෝ දකුණට අංශක 0.01 කට වඩා කිසිදා හිරු දැක ගත නොහැක. විලෝමය වශයෙන් ධ්‍රැවයන් අසලදී සුර්යයා අංශක 0.01 කට වඩා කිසිදා ශිතිජයෙන් ඉහළ නොනගී.

බුධගේ මතුපිට ඇතැම් තැන්වල නිරීක්ෂකයෙකුට හිරු අඩක් නගිනු දැක ගත හැකිය. ඒ අතරම යලිත් හිරු නැගීමට පෙර එය ආපසු බැසීම දැක ගත හැකිය. මේ සියල්ල බුධගේ එක් දිනයක් තුළ දැක ගත හැක. මීට හේතු වන්නේ උපහේලිකයට දින 4 ක‍ට පෙර බුධගේ කෝණික කාක්ෂික ප්‍රවේගය එහි කෝණික භ්‍රමණ ප්‍රවේගයට සර්වසම වන බැවින් උප හේලිකයේදී සුර්යයාගේ දෘෂ්‍ය චලනයක් දැක ගත නොහැකි බැවිනි. බුදගේ කෝණික කාක්ෂික ප්‍රවේගය ඉන් අනතුරුව කෝනික භ්‍රමණ ප්‍රවේගය ඉක්මවා යයි. එබැවින් හිරු දිස් වන්නේ ප්‍රතිගාමි දිශාවලක ගමන් කරන ලෙසය. මෙම ලක්ෂ්‍ය වලදී උපහේලිකයෙන් දින 4 කට පසුව සුර්යයාගේ සාමාන්‍ය දෘෂ්‍ය චලනය යලි ලගා කර ගැනේ.

                                     

6. බාහිර සබැදි

  • Mercury articles in Planetary Science Research Discoveries
  • ‘Messenger’, NASA’s Mercury Mission
  • Gazeteer of Planetary Nomenclature - Mercury USGS
  • Geody Mercury World’s search engine that supports NASA World Wind, Celestia, and other applications.
  • Astronomy Cast: Mercury
  • SolarViews.com - Mercury
  • Atlas of Mercury - NASA
  • ‘BepiColombo’, ESA’s Mercury Mission
  • A Day On Mercury flash animation