ⓘ භෞතික විද්‍යාව ..

කළු කුහර

කළු කුහරයක් යනු කිසිදු පදාර්ථයකට මෙන්ම ආලෝකයට පවා පිටවිය නොහැකි අභ්‍යවකාශයේ ප්‍රදේශයකි. එය ඉතාමත් ඝන වූ ස්කන්ධයක් විසින් අවකාශ-කාල විරූපී කිරීමේ ප්‍රතිඵලයකි. කළු කුහරය වටා පවතින්නේ හඳුනා ගත නොහැකි, සිද්ධි ක්ෂිතිජය යනුවෙන් හැඳින්වෙන, නැවත නොපැමිනී‍මේ සීමාව ලකුණු කරන මතුපිටයි. එය කළු ලෙස හඳුන්වන්නේ එය මතට පතිත වන කිසිදු විද්‍යුත් චුම්භක තරංගයක් හෝ අංශුවක් පරාවර්තනය නොකර සම්පූර්ණයෙන් අවශෝෂණය කරගන්නා නිසාය. වැනිය). ක්වොන්ටම් විද්‍යාවට අනුව කළු කුහර, සීමිත උෂ්ණත්වයකින් යුතු වස්තුවක් මෙන්, හෝකින් කිරණ විහිදුවයි. මෙම උෂ්ණත්වය කළු කුහරයේ ප්‍රමාණය අනුව අඩු වන බැවින් විශාල ස්කන්ධයකින් යුතු කළු කුහර ...

ඩොප්ලර් ආචරණය

මෝටර් රථ එන්ජිමක් හෝ සයිරන් නලාවක් නිරීක්ෂකයකු දෙසට ළඟා වන විට, නිරීක්ෂකයාගෙන් ඉවතට යන විට දී ට වඩා එහි ශබ්දයෙහි තාරතාවය උස් වී ශ්‍රවණය වීමට ඩොප්ලර් ආචරණය හේතු වන අන්දම මෙම චලන චිත්‍රය මගින් නිරූපණය කරයි. රෝස පැහැ චාප ධ්වනි තරංග යි. රථය වම් පසට යත් ම, කිසියම් ස්ථානයක දී නිකුත් කරන ලද අනුයාත තරංග දෙකකින් පළමු වැන්න වම් පසට ගමන් කරන දුරට වඩා දුරක් දෙවැන්න වම් පසට ගමන් කරයි. එමනිසා මෝටර් රථයට ඉදිරියෙන් සිටින නිරීක්ෂකයකු දෙසට එන සෑම තරංගයක් ම ඔහු වෙත ඒමට ගන්නා කාලය ඊට පෙර තරංගය ඔහු වෙත ඒමට ගන්නා කාලයට වඩා සුළු වශයෙන් අඩු වේ. මෙලෙස තරංගවල එකට කැටිවීම, ‍අනුයාත තරංග පෙරමුණු දෙකක් නිරීක්ෂකයා වෙත ළ ...

න්‍යෂ්ටික භෞතික විද්‍යාව

පරමාණුක න්‍යෂ්ටීන් හි මූලික තැනුම් ඒකක සහ ඒවා අතර ප්‍රතික්‍රියා පිළිබඳ හදාරන භෞතික විද්‍යාවට අයත් උප විෂයය න්‍යෂ්ටික භෞතික විද්‍යාව නම් වෙයි. න්‍යෂ්ටික භෞතික විද්‍යාව, පරමාණුක භෞතික විද්‍යාව සමඟ පටලවා නො ගත යුතුය: පරමාණුක භෞතික විද්‍යාවේදී සිදු වන්නේ සම්පූර්ණ පරමාණුව අධ්‍යයනය කිරීමයි. න්‍යෂ්ටික ශක්තිජනනය සහ න්‍යෂ්ටික අවි සෑදීම වෙනුවෙන් යොදා ගැනීම නිසා මෙම විෂයය වඩාත් ප්‍රචලිත වී ඇත. එහෙත් මෙම ක්ෂේත්‍රයෙහි යෙදීම් න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව, චුම්භක අනුනාද ප්‍රතිරූපණය, ද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාව, කාබන් කාල නිර්ණය, භූවේදය, සහ පුරා විද්‍යාව වැනි ‍ක්ෂේත්‍ර වල භාවිතා වේ. අංශු භෞතික විද්‍යාව, න්‍යෂ ...

භෞතික රසායන විද්‍යාව

භෞතික රසායන විද්‍යාව යනු මහේක්ෂීය, අන්වීක්ෂීය, පරමාණුක, අණු පරමාණුක සහ අංශුමය රසායනික ක්‍රියාවලියක කොටස් හැදෑරීමට භෞතික විද්‍යාවේ යොදා ගැනීම යි. මේ සඳහා භාව්තික විද්‍යාවෙහි එන තාප ගති විද්‍යාවේ, කොන්ටම් රසායනික විද්‍යවේ, ස්ථිතිමය ක්‍රියාවලියේ සහ චාලක විද්‍යාවේ මූලිකාංග සහ යෙදවීම් උපයෝගී කරගනියි. එය බොහෝ විට පෙන්නුම් කරන්නේ රසායන විද්‍යාවේ ඉතා පුළුල් ක්ෂේත්‍රයක් ලෙසය. එහදී බොහෝ උප මූලිකාංග යොදාගනී. කොන්ටම් ක්‍රියාවලිය භෞතික රසායන විද්‍යාවේ යොදාගනු ලබන්නේ පරමාණුක සහ විශේෂ අංශුමය රසායනික අන්තර්ක්‍රියා හෝ පර්යේෂණ සඳහා ය. භෞතික රසායනික විද්‍යාව බොහෝ විට බහු අණුක විද්‍යාවක් ලෙස ද හඳුන්වනු ලබයි. ...

අංශු භෞතික විද්‍යාව

සාමාන්‍යයෙන් පදාර්ථය හෝ විකිරණය ලෙසින් හැඳින්වෙන දේවල්හී සංරචකයන් වන අංශූන්හී පැවැත්ම හා ඒවා අතර අන්තර්ක්‍රියාවන් පිළිබඳ අධ්‍යයනය සිදු කෙරෙන භෞතික විද්‍යාවේ ශාඛාව අංශු භෞතික විද්‍යාව ලෙසින් හැඳින්වේ. වර්තමාන අවබෝධය අනුව, අංශූන් යනු ක්වොන්ටම් ක්ෂේත්‍රයන්හී සැකෙබුම් වන අතර ඒවායේ ගතිකයන් ප්‍රකාර එකිනෙක අතර අන්තර්ක්‍රියා ඇති කර ගනිති. මෙම අධ්‍යයන සරියෙහි බෙහෙවින් අභිමත අධ්‍යයනරුචියන් වන්නේ මූලික ක්ෂේත්‍රයන් පිළිබඳව වන අතර, එයින් ගම්‍ය වන්නේ අනෙකුත් ක්ෂේත්‍රයන්ගේ පර්යන්ත අවස්ථා ලෙසින් විස්තර කළ නොහැකි බවෙකි.

අනුවර්තී පරිමන්දිත එළවුම් දෝලකය

මෙය පහත සමීකරණය තෘප්තිමත් කරයි. m d 2 x d t 2 + r d x d t + k x = F 0 cos ⁡ ω t. {\displaystyle m{\frac {\mathrm {d} ^{2}x}{\mathrm {d} t^{2}}}+r{\frac {\mathrm {d} x}{\mathrm {d} t}}+kx=F_{0}\cos\omega t.} පොදු විසඳුම ආරම්භක තත්වයන් මත රඳා පවතින අනිත්‍යයන්හි ඓක්‍යයක් පරිමන්දි,ත නොඑළවුම් අනුවර්තී දෝලකය, සමජාතීය ODE සඳහා විසඳුම හෝ ආරම්භක තත්වයන්ගෙන් ස්වායත්ත වන අතර එලවුම් සංඛ්‍යාතය, එලවුම් බලය, ප්‍රකෘති බලය, පරිමන්දිත ‍වීමේ බලය මත පමණක් රඳා පවතින ස්ථිර අවස්ථාවක් වේ. අසමජාතීය ODE ක විශේෂ විසඳුම අනවරත නොසැලෙන අවස්ථාවේදී විසඳුම් x t = F 0 Z m ω sin ⁡ ω t − ϕ {\displaystyle xt={\frac {F_{0}}{Z_ ...

                                     

Fifth force

භෞතික විද්‍යාවේ fundamental forces සතරක් ගැන කියවේ. එසේමුත් සමහර න්‍යායන් පස්වන බලවේගයක් ගැන මත පල කරයි. ඒ පෙරදී සඳහන් බලවේග සතර මගින් පැහැදිලි කරගත නොහැකි සංසිද්ධීන් පැහැදිලි කිරීම සඳහායි.

                                     

Fundamental interaction

භෞතික විද්‍යාවේ දී මූලික බලවේග, fundamental interactions හෝ fundamental forces යනු තවත් කුඩාවට බිඳලිය නොහැකි අන්තර්ක්‍රියා වේ. එවැනි අන්තර්ක්‍රියා සතරක් පවතී යැයි සැලකේ.

                                     

දුස්ස්‍රාවිතාවය

දුස්ස්‍රාවිතාව යනු සරලම බසින් නම් ද්‍රව පෘෂ්ඨ අතර පවතින ඝර්ෂණ බලය ලෙස අර්ථ දැක්විය හැක. මෙයට මුලිකම හේතුව වන්නේ ද්‍රව අංශු අතර පවතින ආකර්ෂණ බලයි. අනාකුල ලෙස ගලා යන ද්‍රව ප්‍රවාහයක දී මෙය සිදුවන බව මුලික උපකල්පනයි.

                                     

න්‍යෂ්ටික විඛණ්ඩනය

ඉහළ ස්කන්ධ ක්‍රමාංකයක් සහිත පරමාණුක න්‍යෂ්ටියක් පහළ ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණුක න්‍යෂ්ටි දෙකකට බිඳී යාමේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා න්‍යෂ්ටික විඛණ්ඩනය ලෙස න්‍යෂ්ටික භෞතික විද්‍යාව සහ න්‍යෂ්ටික රසායන විද්‍යාව යන ක්ෂේත්‍ර තුළ හැඳින්වේ. මෙම ප්‍රතික්‍රියා වලදී පදාර්ථයෙහි ස්කන්ධ වෙනසක් සිදු වන අතර ඒ අනුව විශාල ශක්තියක් මුක්ත වේ. ඊට අමතරව න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාවලදී බොහෝ විට නියුට්‍රෝන සහ ෆෝටෝන මුක්ත කරයි.

                                     

පරමාණුක වාදය

රසායන විද්‍යාවෙහි සහ භෞතික විද්‍යාවෙහි, පරමාණුක වාදය යනු පදාර්ථයෙහි ස්වභාවය පිළිබඳ වාදයක් වන අතර, අභිමතානුකූල ඕනෑම කුඩා ප්‍රමාණයකට පදාර්ථය බිඳිය හැකි බවට වූ දක්වන දැනට අභාවිත සංකල්පය ලෙසින් නොව එයට ප්‍රතිවිරුද්ධ ලෙසින්, පදාර්ථය සමන්විත වන්නේ පරමාණු නම්වූ වියුත ඒකකයන්ගෙන් බව එය විසින් දක්වා සිටියි.

                                     

ප්‍රත්‍යාස්ථතාව (භෞතික විද්‍යාව)

භෞතික විද්‍යාවෙහි, ප්‍රත්‍යාස්ථතාව යනු, ඒවා විකෘත කිරීමෙන් පසුව මුල් හැඩයට යළි පැමිණීමට ඝන ද්‍රව්‍යයන් සතුව පවතින ප්‍රවණතාව වෙයි. ඒවා මත බලයන් යෙදූ විට, ඝන වස්තූන් විරූපණයට භාජනය විය හැක.

                                     

යාන්ත්‍ර විද්‍යාව

යාන්ත්‍ර විද්‍යාව, භෞතික වස්තූන් බලයකට හෝ විස්ථාපනයට ලක් වූ කල සිදු වන දෑ පිලිබඳ අධ්‍යයනය කරයි. මෙම විෂයය භෞතික විද්‍යාවේ උප විෂයයක් වේ. යාන්ත්‍ර විද්‍යාවේ මූලය පුරාතන ග්‍රීසියේ විසූ ඇරිස්ටෝටල් සහ ආකිමිඩීස්ගේ ලේඛණයන් ය. ඉන් පසුව මෑත අතීතයේදී ගැලීලියෝ, කෙප්ලර්, සහ විශේෂයෙන් නිව්ටන් විසින් යාන්ත්‍ර විද්‍යාවේ මූලික පදනම ගොඩ නගන ලදී.

                                     

විලයන එන්තැල්පිය

සම්මත අවස්ථාවේ පවතිඝන සංයෝග මූලද්‍රව්‍ය මවුලයක්, ද්‍රව සංයෝග මූලද්‍රව්‍ය මවුලයක් බව පත් කිරීමේ දී සිදු වන එන්තැල්පි විපර්යාසයයි. උදාහරණය: Al s → Al l ; ∆H ∅ fus = 10.7 KJmol -1 ∆H ∅ fus Al = 10.7 KJmol -1

                                     

විශිෂ්ට පරිමාව

ν = V m = 1 ρ {\displaystyle \nu ={\frac {V}{m}}={\frac {1}{\rho }}} විශිෂ්ඨ පරිමාව යනු පදාර්ථයක ඒකක ස්කන්ධයක් මඟින් අයත් කර ගන්නා පරිමාවයි. එය ඝනත්වයේ ප්‍රතිලෝමයට සමාන වේ. විශිෂ්ට පරිමාව පහත ලෙස ප්‍රකාශ කළ හැක. මෙහි V පරිමාව වන අතර m හා ρ යනු පිළිවෙලින් අදාල පදාර්ථයේ ස්කන්ධය හා ඝනත්වයයි. පරිපූර්ණ වායුවක් සඳහා මෙහි R යනු විශිෂ්ඨ වායු නියතයයි, M යනු මෞලික ස්කන්ධය, T යනු උෂ්ණත්වය හා P යනු වායුවේ පීඩනය වේ. සමහරක් විට විශිෂ්ඨ පරිමාව යන්න මෞලික පරිමාව යනුවෙන් හැඳින්වීමට යෙදේ.

                                     

සාපේක්ෂතා වාදය

සාපේක්ෂතා වාදය යනු ඇල්බට් අයින්ස්ටයින් විසින් හඳුන්වාදුන් භෞතික විද්‍යාව හා බැඳි න්‍යායකි. සාපේක්ෂතා න්‍යාය සාමාන්යයෙන් ඇල්බට් අයින්ස්ටයින් විසින් සිද්ධාන්ත දෙකක් ඇතුළත් ය. 1. General Relativity 2. Special Relativity මෙහිදී ගුරුත්වය Gravity, කාලයේ ගුප්ත හැසිරීම Time Dilation හා දිග කොට වීම Length Contraction යන කරුණු ගැන කතා වෙනවා.

                                     

සාරස විද්‍යාව

මිරිදිය ජලය හා එහි කාබනික දිවිය අධ්‍යයනය කිරීමේ ශාස්ත්‍රය. මෙය ජල විද්‍යාවහි ශාඛාවක් වන අතර ගොඩදිය ජලයේ ජීව විද්‍යාත්මක, කායික, රසායනිත භූ විද්‍යාත්මක ජල විද්‍යාත්මක පැති කඩ සලකයි. මෙයින් ස්වභාවික හා මිනිසා විසින් නිෂ්පාදිත වැව්, පොකුනු, ගංඟා, ඇල දොල තෙත් බිම් වගුරු බිම් පිළිබඳ අධ්‍යයනය කරයි. මෙය ජල ජීව විද්‍යාවට සමීප සම්බන්ධකම් කියති. (ජල ජීව විද්‍යාවෙන් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, භූ විද්‍යාව හා භූ ගෝල විද්‍යාව පරිසර විද්‍යාවෙහි ප්‍රශ්නවලට බලපාන ආකාරය අධ්‍යයනය කරයි.

                                     

හිග්ස් බොසෝනය

හිග්ස් බොසෝනය හෝ හිග්ස් අංශුව යනු, මුලින්ම 1964දී කල්පිතයක් වශයෙන් ඉදිරිපත් කෙරුණු, සහ ඒවායේ පැවැත්ම 2013 මාර්තු 14 දිනදී යාවකාලික ලෙසින් සහතික කෙරුණු මුලිකාංශුවකි. මෙම සොයාගැනුම "අනුස්මරණීය" ලෙසින් දැක්වෙන්නේ, අංශු භෞතික විද්‍යාව තුල අනෙකුත් සිද්ධාන්තයන්ට සහ සම්මත ආකෘතියට විවර්තනීය වන, හිග්ස් ක්ෂේත්‍රය පවතින බවට සහතික කරන බවක්, එයින් පෙනී ගිය බැවිනි.