ⓘ ලංකා ඩොමීනියන් රාජ්‍යය. වර්තමානයෙහි ශ්‍රී ලංකාව ලෙසින් හැඳින්වෙන, ලංකාව, යනු පොදු රාජ්‍ය මණ්ඩලය තුල 1948 සිට 1972 දක්වා පැවැති ඩොමීනියන් රාජ්‍යයකි. 1948දී, බ්‍ර ..

                                     

ⓘ ලංකා ඩොමීනියන් රාජ්‍යය

වර්තමානයෙහි ශ්‍රී ලංකාව ලෙසින් හැඳින්වෙන, ලංකාව, යනු පොදු රාජ්‍ය මණ්ඩලය තුල 1948 සිට 1972 දක්වා පැවැති ඩොමීනියන් රාජ්‍යයකි. 1948දී, බ්‍රිතාන්‍ය ලංකාවට නිදහස ප්‍රදානය කෙරුනේ ලංකාව ලෙසිනි. 1972දී, පොදු රාජ්‍ය මණ්ඩලය තුල ජනරජයක් බවට ලංකාව පත්වූ අතර, එහි නම "ශ්‍රී ලංකාව" බවට වෙනස් කෙරිනි. ලංකාව, ඉන්දියාවේ දකුණු දිග වෙරළෙන් කිමී 31 පමණ දුරකින් පිහිටි දකුණු ආසියාවේ, දිවයින් රාජ්‍යයක්ව පැවතුණි.

පුරාතන කාලයෙහි සිටම මෙම රට බුද්ධාගමෙහි කේන්ද්‍රස්ථානයක්ව පැවැති අතර ප්‍රබල හින්දු පැවැත්මක්ද දක්නට ලැබිණි. සිංහල ප්‍රජාව ජනගහනයේ බහුතරය වූහ; දිවයිනෙහි උතුරු හා නැගෙනහිර පළාත්වල කේන්ද්‍රගතව සිටි ශ්‍රී ලාංකික දෙමළ ජනයා, විශාලතම වාර්ගික සුළුතරය විය. අනෙකුත් ප්‍රජාවන් අතර යෝනකවරුන්, බර්ගර්වරුන්, කෆීර්වරුන්, මැලේවරුන් සහ ආදිවාසී වැදි ජනතාව වූහ.