ⓘ ජිමී වේල්ස් සිය සගයින් සමග එක්ව 2001 ජනවාරියේදී විකිපීඩියා විශ්වකෝෂය ඇරඹියේය. ඉන් නවමසක් ගත වන විට විශ්වකෝෂයට ලේඛන දසදහසක් එක්වුණි. 2003දී ලක්ෂයකි. 2004දී දසලක් ..

                                     

ⓘ ජිමී වේල්ස්

ජිමී වේල්ස් සිය සගයින් සමග එක්ව 2001 ජනවාරියේදී විකිපීඩියා විශ්වකෝෂය ඇරඹියේය. ඉන් නවමසක් ගත වන විට විශ්වකෝෂයට ලේඛන දසදහසක් එක්වුණි. 2003දී ලක්ෂයකි. 2004දී දසලක්ෂයකි. මේ සියල්ල ලියන්නේ ලෝකයේ නන් දෙස සිටින නොයෙක් තරාතිරමේ අයයි. ඕනෑම කෙනෙකුට විකිපීඩියාවේ ඇති දේ සංස්කරනය කරන්නට පුළුවන අලුතින් දේ එක් කරන්නට පුළුවන. එය කිසිවෙක් පාලනය කරන්නේ නැත. මෙසේ විකිපීඩියාව දෙස බලාගෙන එයට ලියමින් සිටින පනස් දහසක් සෙනෙග නන් දෙස සිටිති. ඉන් පහලොස් දහසක් දෙනා ස්වෙච්ඡාවෙන් විකිපීඩියාවට එක්වී නිතරම එහි සංයුතිය ගැන සොයති. මින් තුන්දහසක් දෙනා මාස්පතා මෙහි ඇති ලේඛන නිවැරදි කරති. මේ නිවැරදි කිරීමේ වෑයමත් සමතුලනය වී තිබීම පමනක් ප්‍රමානවත් නැත. එය නිවැරදි පැත්තට හොදටම බරවී තිබිය යුත්තකි. විකිපීඩියා වෙබ් අඩවිය කිසිදු ලෙසකින් වාණිජ පරමාර්ථයකින් ක්‍රියාත්මකවන වෙබ් අඩිවියක් නොවන අතර එය හුදෙක් ස්වෙච්ඡා අරමුණකින් මෙහෙයවනු ලබන වෙබ් අඩවියකි.

එබැවින් එයට උපකාරයක් ලෙසින් සහ එහි පැවැත්ම උදෙසා මුදල් පරිත්‍යාග බලාපොරොත්තුවන බවට ජිමී වේල්ස් ඉල්ලීමක් කර තිබේ. ඔහු එම ඉල්ලීම කර ඇත්තේ වෙබ් අඩවිය ඔස්සේය.

ජිමී වේල්ස් ප්‍රකාශ කරනුයේ විකිපීඩියා වෙබ් අඩිවිය ආරම්භ කර වසර 10ක් මේවන විට ගතව ඇති බවය. එය මිලියන 400කට අධික පිරිසක් එක් මසකදී තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් පරිශීලනය කරනු ලැබේ.

අන්තර්ජාලය හා සම්බන්ධ වුණු පිරිසගෙන් හතරෙන් තුනක ප්‍රමාණයක්ම මෙම වෙබ් අඩවිය පරිශීලනය කරනු ඇත.

එමෙන්ම විකිපීඩියා ලොව ජනප්‍රියතම වෙබ් අඩවි අතර පස්වැනි ස්ථානයෙහි පසුවේ.

                                     

1. මුල් දිවිය සහ අධ්‍යාපනය

1966, අගෝස්තු 7 දිනදී, වේල්ස් උපන්නේ හන්ට්ස්විල්, ඇලබාමාහිදීය. ඔහුගේ පියා ජිමී, සිල්ලර බඩු කඩ කළමනාකරුවෙකු ලෙසින් සේවය කළ අතර, ඔහුගේ මව ඩොරිස් සහ ඔහුගේ ආච්චි අර්මා, හවුස් ඔෆ් ලර්නිං, නම්වූ තනි කාමර පාසැල් නිවසක සම්ප්‍රදායට අයත් කුඩා පෞද්ගලික පාසලක් පවත්වාගෙන ගිය අතර, වේල්ස් සහ ඔහුගේ සහෝදර සහෝදරීයන් තිදෙන ඔයුන්ගේ මුල් අධ්‍යාපනය ලැබුවේ එහිදීය.

                                     

2. වෘත්තිය

චිකාගෝ ඔප්ෂන්ස් ඇසෝසියේට්ස් සහ බොමිස්

චිකාගෝ, ඉලිනෝයිහී ඉදිරි ගණුදෙනු සහ විකල්ප වෙළෙඳ ව්‍යාපාරික ආයතනයක් වූ චිකාගෝ ඔප්ෂන්ස් ඇසෝසියේට්ස්හි රැකියාවක් ලැබුමට 1994දී වේල්ස් සමත් විය.

න්‍යුපීඩියා සහ විකිපීඩියාවේ සම්භවය

මුදල් උපැයීමේ මාර්ගයක් ලෙසින් සාර්ථකත්වයට පිවිසීමට බොමිස් අසමත් වුවද, ඔහුගේ ඉමහත්වූ ආශාවවූ මාර්ගගත විශ්වකෝෂයකට අවශ්‍ය මූලධනය සැපයීමට එය සමත් විය.

                                     

2.1. වෘත්තිය චිකාගෝ ඔප්ෂන්ස් ඇසෝසියේට්ස් සහ බොමිස්

චිකාගෝ, ඉලිනෝයිහී ඉදිරි ගණුදෙනු සහ විකල්ප වෙළෙඳ ව්‍යාපාරික ආයතනයක් වූ චිකාගෝ ඔප්ෂන්ස් ඇසෝසියේට්ස්හි රැකියාවක් ලැබුමට 1994දී වේල්ස් සමත් විය.

                                     

2.2. වෘත්තිය විකිපීඩියා

සැංගර් විසින් විකිපීඩියාව දුටුවේ, ප්‍රාථමික වශයෙන් න්‍යුපීඩියාව ප්‍රවර්ධනයට සහය කර ගත හැකි මෙවලමක් ලෙසින් වන අතර, වේල්ස්ට හැඟී ගියේ, ඔහු සිහින මවමින් සිටි සත්‍ය වශයෙන්ම සහයෝගී, දැණුම ඒකරාශී කිරීමේ නිදහස් උත්සාහය බවට පත් වීමේ හැකියාව විකිපීඩියාව සතු බවයි.

                                     

2.3. වෘත්තිය මතභේදය

ඔහු විකිපීඩියාවේ එකම ආරම්භකයා වන බව, වේල්ස් තරයේ ප්‍රකාශ කර සිටි අතර, සමාරම්භක ලෙස සැංගර්ගේ නම්කිරීම ගැන ඔහු විසින් ප්‍රසිද්ධයේ විරුද්ධත්වය පළ කළේය. 2001 සැප්තැම්බර් තරම් අතීතයෙහිදී ද නිව්යෝර්ක් ටයිම්ස් විසින් සැංගර් සහ වේල්ස් සමාරම්භකයන් විසින් නියම කොට දැක්වුනු අතර, 2002 ජනවාරි මසදී නිකුත් කෙරුණු විකිපීඩියාවේ පළමු පුවත් පත් නිවේදනයෙහිදී වේල්ස් සහ සැංගර් ආරම්භකයන් ලෙසින් නම් කෙරිණි. එම වසරේ අගෝස්තු මාසයේදී, වේල්ස් විසින් තමාන් හඳුන්වාදුන්නේ විකිපීඩියාවේ "සමාරම්භක" ලෙසිනි. තමන්ගේ පුද්ගලික වෙබ් පිටුවෙහි සැංගර් විසින් එක්රැස් කෙරුණු සබැඳි ගොන්නකින් සනාථ කෙරුණේ සැංගර් සහ වේල්ස් සමාරම්භකවරුන් යන තත්ත්වයයි.