ⓘ කෘෂි කර්මාන්තය. කෘෂිකර්මාන්තය 34567යන්නෙන් අදහස් වන්නේ භෝග වගා කිරීමෙන්, සත්ව පාලනයෙන් හා වෙනත් ජීව ක්‍රමවලින් ද්‍රව්‍යය නිපදවීමයි. කෘෂි කර්මය ගැන අධ්‍යයනය කිරී ..

                                     

ⓘ කෘෂි කර්මාන්තය

කෘෂිකර්මාන්තය 34567යන්නෙන් අදහස් වන්නේ භෝග වගා කිරීමෙන්, සත්ව පාලනයෙන් හා වෙනත් ජීව ක්‍රමවලින් ද්‍රව්‍යය නිපදවීමයි. කෘෂි කර්මය ගැන අධ්‍යයනය කිරීම කෘෂි විද්‍යාව නමින් හැඳින්වේ.

කෘෂි කර්මය, සත්වපාලනය,උද්‍යාන විද්‍යාව,පස සහ කෘෂි නිෂ්පාදන විද්‍යාව යනාදී බොහෝ විෂයයන් ‘කෘෂිකර්මය’ යන්නට ඇතුළත් වේ. මෙම සෑම විෂයයක්ම තව දුරටත් කොටස් කළ හැක.උදාහරණයක් වශයෙන් සත්ව පාලනය යන්නට ගව පට්ටි, එ‍ඬේර වෘත්තිය,ඇතුළත් වේ. කෘෂි නිෂ්පාදනවලට ආහාර,කෙඳි වර්ග කපු,ලොම්,සිල්ක්, හණඉන්ධන මීතේන්,එතනෝල්, ජෛව ඩීසල් කැපූ මල්, විසිතුරු පැළෑටි,මල්,නිවර්තන කලාපීය මසුන් සහ සුරතල්ව ඇති කරන පක්ෂීන් නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍යය drugs සහ තවත් වැදගත් ද්‍රව්‍යයක් වූ දුමමලද ඇතුළත් වේ.මෑතදී ප්ලාස්ටික් මෙන්ම ඖෂධ වර්ග නිපදවීම සඳහා ද වගාවන් කිරීමේ සැලසුම් සකස් කර ඇත‍.

කෘෂි කර්මාන්තයේ දියුණුව ලෝක ව්‍යාප්ත සමාජ - ආර්ථික වෙනස්වීම් කෙරෙහි වැදගත් සාධකයක් වී තිබීම හේතුවෙන් කෘෂිකර්මයෙහි ඉතිහාසය මානව ඉතිහාසයේ ප්‍රධාන පැති කඩකි. මිනිසා දඩයම් කරමින් ආහාර ද්‍රව්‍යය එක් රැස්කරමින් ගත කළ යුගයේ මහා පරිමාණ ලෙස ධනය එකතු කිරීම හෝ යුධ කටයුතු සඳහා විශේෂ දැනුමක් අවශ්‍යය නොවීම. එහෙත් ගොවියා තම පවුලට අවශ්‍යය ප්‍රමාණයට වඩා වැඩියෙන් ආහාර නිපදවීමට පටන් ගත් කල්හි අනිකුත් ගෝත්‍ර /ගම් /නගර / රාජ්‍යයන්/ජාතීන්/අධි රාජ්‍යයන් වැනි අනෙකුත් කොටස්වලට ආහාර ඉපැයීමට වඩා වෙනස් කාර්යයන් කිරීමට නිදහස ලැබුනේය. ශිෂ්ටාචාරයේ දියුණුව සඳහා කෘෂි කර්මාන්තය අවශ්‍යය බව ජරේඩ් ඩයමන්ඩ් කිවූහ.

2006 වන විට ලෝකයේ කම්කරුවන්ගෙන් 36% කෘෂි කර්මාන්තයේ නියැලී ඇති බව ඇස්තමේන්තු කර තිබුණි. කාර්මීකරණය ඇරඹීමත් සමග කෘෂි කර්මාන්තයෙහි වැදගත්කම අඩු විය. 2006 වර්ෂය වන විට ආර්ථික අංශය ලෝක ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් සේවයට ගැනීම නිසා ඉතිහාසයේ ප්‍රථම වතාවට සේවා අංශය කෘෂිකර්මය අභිබවා ගියේය. ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් කෘෂි කර්මාන්ත අංශයෙහි සේවය කළා වුවද ලෝක දළ නිෂ්පාදනයේ කෘෂි නිෂ්පාදනවලට ඇත්තේ 5% ට අඩු ප්‍රතිශතයකි‍‍.

                                     

1. පුරාණ කෘෂිකර්මාන්තය

ලෝකඩ යුගය වන විට, එදිනෙදා ආහාර වේලේ අංගයක් ලෙස වනාන්තරයෙන් සපයාගත් ආහාරවලට හිමිවූයේ අඩු වැදගත්කමකි."කෘෂිකර්මාන්තය" යන්නෙහි නිවැරදි වූ අර්ථකථනයට අනුව, භූමි වගා කිරීම,අස්වනු නෙළීම, සැලසුම් සහගත ජල සම්පාදනය යනාදි සියළු දෑ එයින් අර්ථ ගැන්වේ. "කෘෂිකාර්මික නිෂ්පාදකයා" යන වදන මුලින්ම යොදාගෙන ඇත්තේ ක්‍රි.පූ 5.500 දී පමණ විසූ "සුමේරියානු" ජන කොටස්වලටයි.මේ ආකාරයෙන් ඔවුහු ගොවිතැන් කටයුතුවල නියැළීම නිසා අහරින් ස්වයංපෝෂිත විය. දඩයමින් සහ සමූහ ඒක රාශී වීම් තුළින් ලද ආහාර ප්‍රමාණයට වඩා වැඩි ජනගහණයකට පමණට ගොවිතැනින් ආහාර නිපදවිණි.මෙහිදී නිෂ්පාදන අතිරික්තයක් ඇතිවිය.එම අස්වැන්න අවාර සමයේදී පරිභෝජනය, විකිණීම හෝ හුවමාරුව ආදියටද යෙදවිණි. කෘෂිකාර්මික කටයුතුවලින් වඩා වැඩි ජනගහනයක් පෝෂණය කිරීමට ගොවීන්ට හැකිවිය. මෙහිදී ඊට දායක නොවන ජන කොටස් ස්ථාවර හමුදාවන් බිහිවීම කෙරෙහි බලපෑ තීරණාත්මක සාධකයක් විණි.

සුමේරියානු කෘෂිකර්මාන්තය රජයේ භෞතික සීමා පුළුල් කිරීමට උදවු ලබාදීමත් සමගම නගර අතර ගැටුම් ඇති වීම ආරම්භ විය. එහි ප්‍රථිඵලයක් ලෙස ඔවුන් පළමු අධිරාජ්‍යයේ නිර්මාපකයන් බවට පත්විණි.වැඩි කල් යාමට පෙර ඊජිප්තු වැසියන් හට සශ්‍රීක නයිල් නිම්නයේ ගොවිතැනින් ජවය ලබා භූමිය ප්‍රසාරණය කිරීම සදහා අවශ්‍ය රණකාමී හමුදාවක් ගොඩ නගා ගැනීම්ට හැකිවිය.එහි ප්‍රතිඵලය නම් සුමේරියානු අධිරාජ්‍යට වඩා තුන් ගුණයක් විශාල අධිරාජ්‍යයක් නිර්මාණය කර ගැනීමට ඊජිප්තුවන් හට හැකියාව ලැබීමයි.

                                     

2. කෘෂි කාර්මික කටයුතු වලදි - ආරක්ෂාව සහ සෞඛ්යි

2001 ජුනි කැන්සාස් හි හැස්කල් පෙදෙසේ කේන්ද්‍රීය වාරි ක්‍රමයක් තිබෙන වෘත්තාකාර වගා බිමක චන්ද්‍රිකා ඡායාරූපයක් - හොඳින් වැඩුනු වගාවන් කොළ පාටින් පෙනේ. කෝර්න් වගාව හැටියට පෙනෙන සෝගම් වැඩෙන්නේ සෙමිනි. එබැවින් ඒවා කුඩා මෙන්ම සුදු මැලි පාටින් පෙනේ. තිරිඟු දීප්තිමත් රන් පැහැයෙනි. ඒ ජුනි මාසයේ අස්වැන්න නෙලීමට නියමිත හෙයිනි. ගුරු පාටින් පෙනෙන බිම් කොටස මෑතදි සීසාන ලද පෙදෙසයි.

එක්සත් ජනපදය

කෘෂිකර්මාන්තය ඇතුලත් වන්නේ බොහෝ උපද්‍රව සහිත කර්මාන්තයක් ලෙසිනි. ගොවීහු නිතර මරණීය හෝ මරණීය නොවන උපද්‍රව වලටද පෙනහලු ආබාධ, ශබ්දය නිසා හටගන්නා කර්ණ ආබාධ, සමේ රෝග සහ භාවිතා කරන කෘෂි රසායන හේතුවෙන් ඇති වන පිළිකා තත්වයන්ටද ගොදුරු වෙති. එසේම කෘෂි කර්මාන්තය යනු ගොවීන් මෙන්ම පවුලේ අයද තුවාල අසනීප සහ මරණ වලට ලක්වීමේ නැඹුරුවක් ඇති කර්මාන්තයකි. සාමාන්‍යයෙන් වර්ෂයකදි ඇමරිකාවේ ගොවිබිම් වල වැඩෙහි යෙදෙන්නන්ගෙන් 516 ක් මිය යති. 1992 – 2005 මෙම මරණ වලින් 101 කට හේතු වී ඇත්තේ ට්‍රැක්ටර් පෙරලීමයි. සැම දිනකම ගොවිබිම් වල වැඩෙහි යෙදෙන්නන්ගෙන් 243 දෙනෙකුට තුවාල ඇති වීම නිසා වැඩ කිරීමට නොහැකි තත්වයට පත් වෙති. මෙයින් 5% ක් ජීවිත කාලයටම බලපාන අනතුරු වේ.

තරුණ කම්කරුවන්

කෘෂි කර්මාන්තය යනු තරුණයින්ට ඉතා අනතුරු ගෙන දෙන කර්මාන්තයකි. 1992 සහ 2000 අතර කාලය තුල වැඩ කිරිමේදි අනතුරට පත් තරුණයින්ගේ සංඛ්‍යාව 42% කි. අනිකුත් කර්මාන්ත මෙන් නොව කෘෂි කර්මාන්තයේදි මෙසේ අනතුරට පත් වන තරුණයින්ගෙන් භාගයක් දෙනා අවුරුදු 15 ට අඩු අය වෙති.

වයස 15 – 17 කාණ්ඩ වල තරුණයින්ගෙන් කෘෂි කර්මාන්තයේ නියැලෙන තරුණයින්ට ඇති වන මරණීය තුවාල වෙනත් ක්ෂේත්‍රයන්ට වඩා සිව් ගුණයකින් වැඩිය. කෘෂි කර්මාන්තයේදි තරුණයින්ට යන්ත්‍ර සූත්‍ර වැනි අනතුරු විය හැකි උපකරණ සමගද, සීමිත ප්‍රදේශ වලද, උස් ස්ථාන වලද, සතුන් සමගද, වැඩ කිරීමට සිදු වේ. 2004 වර්ෂයේදි අවුරුදු 20 ට අඩු ළමයින් සහ තරුණයින් මිලියන 1.26 ක් ගොවිබිම් වල ජීවත් වූ අතර එයින් 699.000 ක් ඒවායේ වැඩ කළහ. ගොවිපල වල ජීවත් වන තරුණයින්ට අමතරව තවත් අතිරේක 337.000 ක් ළමයි සහ තරුණයින් 2004 වර්ෂයේදි එක්සත් ජනපදය විසින් කුලියට ගෙන තිබුනි. 1990 – 1996 කාලය තුල ගොවිපලවල් වල සිදු වූ ළමා මරණ සංඛ්‍යාවේ සාමාන්‍යය 103 කි. මෙයින් 40% ක ප්‍රමාණයක් මිය ගොස් ඇත්තේ ගොවිපලේ වැඩ කරමින් සිටියදීය. 2004 දී ළමයින් සහ තරුණයින් 27600 ක් ගොවි බිම් වලදි තුවාල ලබා ඇත. මෙයින් 8100 ක් දෙනා තුවාල ලබා ඇත්තේ වැඩ කරමින් සිටියදීය.

                                     

3. පාරිසරික අර්බුද

වොෂින්ටන් රාජ්‍ය විශ්ව විද්‍යාලය අසල තිරිඟු යායක තදබල ලෙපස සෝදා පාලු වීම. 2005

කෘෂිකර්මාන්තයේදි පාරිසරික ප්‍රශ්නද මතුවේ. එසේ වන්නේ එය ස්වභාවික පරිසරය වෙනස් කරන බැවිනි. කෘෂිකර්මය නිසා විනාශකාරි අතුරු ප්‍රතිඵල ඇතිවේ. එවැනි හානිදායක ප්‍රතිපල කීපයක් නම්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව සත්ව පාලනය අංශක මූලික වශයෙන් ගව, කුකුළු සහ ඌරන් ඉතා බරපතල පාරිසරික ප්‍රශ්න මතු කරන සාධකයක් වී තිබේ. කෘෂිකර්මය සඳහා යොදා ගන්නා ඉඩම් වලින් 70% ක් පශු නිෂ්පාදන කටයුතු වලට වෙන්ව පවතින අතර එය පෘථිවි තලයෙහි බිමෙන් සියයට 30% ක ප්‍රමාණයකි. එය බොහෝ සෙයින් හරිතාගාර වායු පරිසරයට එක් කරන අංශ වලින් එකකි. ඒ ප්‍රමාණය 18% කි. අනිකුත් අංශ සමග සන්සන්දනය කළ විට ප්‍රවාහණ ක්ෂේත්‍රයේදි මෙය 13.5% කි. අම්ල වර්ෂා සහ පරිසර පද්ධති ආම්ලිකරණය කිරීමට හේතුවක් වන ඇමෝනියා ප්‍රමාණය 64% ක් උත්පාදනය කරයි.

                                     

4. ජෛව විවිධත්වය

බෝග හා පසු සම්පත් ජෛව විවිධත්වයේ ජාන හායනය සිදු වනු ලබන්නේ ප්‍රභේද ප්‍රතිස්ථාපනය භූමි එලි කිරීම, සත්ත්ව වර්ග අධි ශුරා කෑම, ජනගහන ඝනත්වය, පාරිසතරික හායනය, අධික උලාකෑම, ඔප්පු හා වෙනස් වන කෘෂිකාර්මික පද්ධති වල ප්‍රධාන සාධක කිහිපයක් මගිනි.

කෙසේ නමුත් මෙහි ප්‍රධාන සාධකය වන්නේ දේශීය ශාක හා සත්ත්ව ප්‍රභේද අධි ඵලදා ලබාදෙන හෝ විදේශ ප්‍රභේද වලින් ප්‍රතිස්ථාපනයයි. සාම්ප්‍රධායික ගොවිතැන් පද්ධති වලට වාණිජමය ප්‍රභේද GMO ඇතුළුව ඇතුළත් කළ විට බොහෝ විට ප්‍රභේද විශාල සංඛ්‍යාවක් අතිශයින් අඩුවීමට ලක්විය. බොහෝමයක් පර්යේෂඛයන් විශ්වාස කරන්නේ කෘෂි පරිසර පද්ධති කළමණා කරණයට අදාල ප්‍රධාන ප්‍රශ්නය වන්නේ නූතන කෘෂිකර්මාන්තයේ දියුණුව මගින් ඇතිවු ජානමය හා පරිසර විද්‍යාත්මක ඒකාකාරීත්වය කෙරෙහි සාමාන්‍යයෙන් නැඹුරුතාව බවයි.

කෘෂි කර්මාන්තයේ සත්ත්ව පශු පාලනයේදී හරිත විප්ලවය මගින්, අධි පලදා ප්‍රභේද නිර්මාණ කිරීම හරහා පලදාව වැඩි කර ගැනීමට සාම්ප්‍රදායික දෙමුහුන් කරනයේ භාවිතය ව්‍යාප්ත කරන ලදී. බොහෝ විට විශාල ශාක හා සත්ත්ව අභි ජනන මුහුම් කරණය වීම දියුණු රටවල සිදු වු අතර දේශීය දේශ ගුණ හා රෝග වලට ප්‍රති රෝධයක් දක්වන අධි ඵලදා ප්‍රභේද නිර්මාණය කිරීම සදහා පසුව ඒවා දේශීය ප්‍රභේද සමග මුහුම් කරණය කිරීම සිදු කරනු ලැබේ. කාර්යය ඵලය වැඩිකර ගැනීම සදහා දේශීය ප්‍රභේද මුහුම් කරණය මගින් කාලයත් සමග දේශීය අභිජනන නැතිවීමට හේතු විය හැකි අතර දේශීය තත්ත්ව සදහා අභිජනකයා විශේෂිතව ඇතුළත් කරගත් ජානමය ද්‍රව්‍යයද නැතිවී යා හැකිය. ලෝකය හරාහා සමස්ථයක් ලෙස නිරීක්ෂණය කිරීමේදී ජාන විවිධත්වය හා ජෛන විවිධත්වය සිදු වන නැතිවී යාම නිසා ආහාර සැපයුම අනතුරකට පත්වී ඇති බව දැක ගත හැක. එයට හේතුව අතශයින් විශේෂිත අධි ජනකයෙක් බලවත් අභිජනන වැඩ සටහනක් සමග අභිජනනය කිරීම සිදු කරත් එම අභිජනකයා නව රෝග හෝ පරිසර උකහා ගැනීම සදහා අළුශ්‍ය තරම් ජානමය ද්‍රව්‍ය වලින් සමන්විත නොවිය හැකිය.

ජානමය වශයෙන් නවීකරණය කරන ලද ජීවියෙක් GMO යනු සාමාන්‍යයෙන් ප්‍රතිසංයෝජන DNA තාක්ෂණය ලෙස සාමාන්‍යයෙන් හදුන්වන ජානමය ඉංජිනේරු තාක්ෂණ ක්‍රමය යොදා ගනිමින් ජානමය ද්‍රව්‍ය වෙනස් කර ඇති ජීවින්ය. වර්ථමානයේදී ජානමය ඉංජිනේරු විද්‍යාව ජානමය ද්‍රෂණය සිදු කරන තවත් සංකිර්ණ හා ප්‍රබල සාධකයක් බවට පත්ව ඇත. එයට හේතුව වන්නේ සාම්ප්‍රදායික මුහුම් කරණය සමග කිසිලෙසකින්වත් පරිසරය සමග මුසුවිය නොහැකි විද්‍යාගාර වල කෘතිමව නිර්මාණය කරන ලද හා ජානමය වශයෙන් ඉංජිනේරු ගත කළ ශාක හා සතුන්ට ඔවුන් විසින්ම ජීවත් වීම හා අභිජනනය කිරීම සිදු කර ගත හැකි අතර වඩාත් අන්තරායක දෙය වන්නේ ස්වාභාවිකව සිටින ප්‍රභේද සමග අන්තර් අභිජනනය කිරීමේ හැකියාවයි. ජානමය වශයෙන් නවීකරණය කරන ලද GM බෝග වර්ථමානයේදී ජානමය දුෂණය සදහා පොදු ප්‍රභව බවට‍පත්ව ඇත. වල් ප්‍රභේද පමණක් නොව ගෘහස්ථ ප්‍රභේද ව්‍යුත්පන්න වී ඇත්තේ සාපේක්ෂක ස්වාභාවික මුහුම් කරණය මගින්ය.