ⓘ ජීව විද්‍යාත්මක මානව විද්‍යාව එසේත් නැතිනම් භෞතික මානව විද්‍යාව වූ කලි ජීව විද්‍යාත්මක පරිණාමීය යාන්ත‍්‍රණයන්, ජානමය ප‍්‍රවේණීන්, මානව අනුවර්ත්‍යතාවය සහ විචලනය ..

                                     

ⓘ ජීව විද්‍යාත්මක මානව විද්‍යාව

ජීව විද්‍යාත්මක මානව විද්‍යාව එසේත් නැතිනම් භෞතික මානව විද්‍යාව වූ කලි ජීව විද්‍යාත්මක පරිණාමීය යාන්ත‍්‍රණයන්, ජානමය ප‍්‍රවේණීන්, මානව අනුවර්ත්‍යතාවය සහ විචලනය ආදි මානව අධ්‍යයන විද්‍යාව, මානව රූපකෘත විද්‍යාව සහ මානව පරිණාමයේ පොසිල වර්තා පිලිබඳව අධ්‍යනය කෙරෙන මානව විද්‍යාවේ ශාඛාවයි. භෞතික මානව විද්‍යාව ඇල්ෆඞ් රසල් වොලස් හා චාල්ස් ඩාවින්ගේ ස්වභාවික වරණය පිලිබඳ න්‍යායන් සහ ග්‍රෙගරි මෙන්ඩල්ගේ ප‍්‍රවේණිය පිලිබඳ පර්යේෂණයන් එළිදැක්වීමට පෙර 19 වන සියවසේදී වර්ධනය වූවකි. ඊට එම නම යොදනු ලැබ්වේ එහි සියළු දත්තයන් භෞතිකව පවතින ඒවා වූ බැවිනි. ඩාවින්ගේ න්‍යායන් සහ නූතන සහවාදයන්ගේ නැඟීමත් සමඟ මානව විද්‍යාඥයින්ට නව ආකාරයේ දත්තයන් වෙත ප‍්‍රවේශය උදාවූ අතර බොහොමයක් දෙනා තමන්ව ‘ජීව විද්‍යාත්මක මානව විද්‍යාඥයින්’ ලෙස හඳුන්වා ගැනීමට පටන් ගත්හ. මානවමිතිය පිලිබඳ අධ්‍යනයන් වැනි භෞතික මානව විද්‍යාවේ මුල් කාලීන ශාඛාවන් මේ වන විට ව්‍යාජ විද්‍යාවන් ලෙස සලකා බැහැර කරනු ලැබ ඇත. කපාල දර්ශකය වැනි මිනුම් චර්යාවාදී ගතිලක්‍ෂණ සොයාගැනීමට උපකාරී කරගනු ලැබූ අතර මුල් කාලීන විද්‍යාත්මක භෞතික මානව විද්‍යාවේ ආරම්භකයින් ලෙස පෝල් බ්‍රෝකා සහ ෆ්රාන්ස් බොයස් හැඳින්විය හැකිය.