ⓘ යුද්ධයේ විවිධ ආකාර සහ යුධවැදීම.. සෝවියට් මතවාදවලින් පසුව යුද්ධය පිළිබදව වෙනස් අර්ථකතනයක් කල කණ්ඩායමක් ලෙස මාක්ස්වාදීන් හැදින්වේ.ඔවුන් විසින් සාධාරණ හා අසාධාරණ ය ..

                                     

ⓘ යුද්ධයේ විවිධ ආකාර සහ යුධවැදීම.

සෝවියට් මතවාදවලින් පසුව යුද්ධය පිළිබදව වෙනස් අර්ථකතනයක් කල කණ්ඩායමක් ලෙස මාක්ස්වාදීන් හැදින්වේ.ඔවුන් විසින් සාධාරණ හා අසාධාරණ යුද්ධය ලෙස යුද්ධය හදුනාගත් ආකාර 2ක් විය.සාධාරණ යුද්ධය පිළිබද මතවාද තුළ කැරළිකරුවන් හෝ ජාතික විමුක්ති ව්‍යාපාර අන්තර්ගත වන අතර අසාධාරණ හෙවත් අයුක්තිසහගත යුද්ධය තුළ අධිරාජ්‍යයවාදී ගුණාංග ඇතුලත් විය.කුඩා ප්‍රමාණයේ සන්නද්ධ ගැටුම් කැරලි,කෝලහල,කුමන්ත්‍රණ ලෙස හැදින්වේ. යම් රටක් තවත් රටක් වෙත බලහත්කාරයෙන් සන්නද්ධ හමුදාවක් යැවීම තුළින් එම රටෙහි ස්ථාවර්ත්වය නැවත ස්ථාපනය කිරීම හෝසමූලඝාතන වැලැක්වීම හෝ වෙනත් ආකාරයක මනුෂ්‍යත්වයට එරෙහි හිංසනයන් වැලැක්වීම හෝ නිත්‍යානුකූලව බලයට පත් ආණ්ඩුවකට එරෙහි අරගලයක් මැඩපැවැත්වීම හෝ අරමුණු වූයේ නම්, එම මැදිහත් වීමට භාජනය වන රට විසින් එවන් ක්‍රියාවක් "පොලිස් ක්‍රියාවක්" ලෙස සළකනවා ඇත.මෙම භාවිතය සෑම විටම නිවැරදි යැයි සැළකිය නොහැකිය." Fault Line War” ලෙස හැදින්වෙන්නේ ශිෂ්ටාචාර දෙකක් හෝ කිහිපයක් අතර ඇතිවන යුද්ධයයි. Fault Line යුද්ධයක ඇති ගැටලුව නම් යුද්ධයට සහභාගි වන එක් පාර්ශවයකටවත් එය සංකේතාත්මක එකක් වන බවයි. යුධ වදින ආකාර. සම්ප්‍රදායික යුද්ධය: මෙහිදී විරුද්ධ පාර්ශවයේ යුධමය හැකියාව පරාජය කිරීමට හෝ අඩු කිරීමට උත්සාහ ගනී.රාජ්‍යයන් 2 අතර ඇති වන්නක් වුවත් න්‍යෂ්ටික හෝ සංහාරක අවි සාමාන්‍යයෙන් භාවිතා නොකරයි. සම්ප්‍රදායික නොවන යුද්ධය: පවතින ගැටුමකදී එක් පාර්ශවයක් විසින් අනිත් පාර්ශවය යටත් කර ගැනීම, කොන්දේසි මගින් එකඟතාවයකට පැමිනීම හෝ රහස් සහයෝගය මඟින් හෝ අනෙක් පාර්ශවය පරාජය කිරීම. න්‍යෂ්ටික යුද්ධය: න්‍යෂ්ටික අවි භාවිතා කරන යුද්ධය. සිවිල් යුද්ධය: ගැටුමට සම්බන්ධ පාර්ශව එකම රටක, එකම අධිරාජ්‍යයක හෝ එකම දේශපාලන ව්‍යුහයක සාමාජිකයන් වීම. කුඩා කණ්ඩායම් යුද්ධ: හමුදා බලය එකිනෙකට වෙනස් ජන කණ්ඩායම් 2ක් අතර යුද්ධය.මෙවැනි යුද්ධ බොහෝ විට ගරිල්ලා යුධ උපක්‍රම භාවිතයට ගනී.පරිසරය දූෂණය කරන වාතය පිට කිරීම ඉතා අවමව සිදු වේ.දැඩි ලෙස වාතය දූෂණය කරන යුද්ධ රසායනික යුද්ධ ලෙස හදුන්වයි.පළමු ලෝක යුද්ධයේ දී විෂ ගෑස් වර්ග රසායනික ආයුධ වශයෙන් යොදාගන්නා ලදී.එහිදී 91.198 පිරිසක් මරණයට පත් වූ අතර 1.205.655ක් තුවාල ලැබීය.එවන් ආයුධ භාවිතා කිරීම වැලැක්වීම පිණිස විවිධ ගිවිසුම් ජාත්‍යන්තරව පිළිගෙන ඇත.මාරාන්තික නොවන රසායනික අවි වන "කදුලු ගෑස්" හෝ "ගම්මිරිස් විදින" යොද ගන්න නමුත් ඒවා මගින් ද මාරාන්තික හානි සිදුවිය හැකි බව විස්වාශ කරති. ශෙල්‍යය. ඉතිහාසඥයෙකු වන වික්ටර් ඩේවිඩ් හැන්සන්ට අනුව බටහිර යුධමය ජයග්‍රහන වලට හේතුව ලෙස දකින්නේ ඊටම ආවේණික "බටහිර යුධ ශෙල්‍යයක් පැවතීමයි.මෙම ක්‍රමය බිහිවන්නට ඇතැයි සැළකෙන පුරාණ ග්‍රීසියේ නගර රාජ්‍යයන් විසින් යුද්ධමය තත්වයන් තුල එහි ඇති වූ ප්‍රතිවිපාක සමාජයට දැනවීම අඩුකිරීම පිණිස අනුගමනය කල එක් උපක්‍රමයක් වූයේ ප්‍රබල පාබල හමුදා 2 අතර තීරණාත්මක පෙර සූදානම් කර ගත් සටනක් සංවිධානය කිරීමයි. මෙම ගැටුමට පෙර යුද්ධයක් පිළිබදව නිල ප්‍රකාශයට පත් කිරීම සිදු කරන අතර ඊට පසු සාම සාකච්ඡා ද පැවැත්වේ.අදියරෙන් අදියර ගරිල්ලා ප්‍රහාර දියත් කරන අතර ඒ අතර පෙර සූදානමක් රහිතව ගැටුම්ද ඇතිවන අතර අවසානයේදී පාර්ශව දෙකම අවම දේපල හානියක් හා මරණ ප්‍රමාණයක් වාර්තා කර ගනී.පසු කාලීනව මෙය ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා විසින් අනිසි ලෙස යොදා ගත් නමුත් මේ ආකාරයේ ගැටුම් සීමිත සම්පත් ඇති අසල්වාසීන් සමඟ සිටීමමත් සශ්‍රික වීම සදහා ත් යොදා ගත හැක්කකි. ඔහු පෙන්වා දෙන ආකාරයට බටහිට ශෙල්‍ය අනුගමනය කරන හමුදා ස්වයං විනය හා කණ්ඩායම් හැඟීම ඉස්මතු කර බොරු චණ්ඩිකම් පරදවන්නන් ලෙස ගිණිය හැකිය.බටහිර නොවන ශෙල්‍යය අනුගමනය කල කණ්ඩායම් වලට එරෙහි බටහිර ජයග්‍රහණ ලෙස "මැරතන් සටන" "ගවුම්ගලා සටන", "ටෙනොච්චිලන් ගැටුම" උදාහරණ වේ.

යුධමය වාතාවරණයක් යුද්ධයක් සිදුවන පරිසරය, යුද්ධය සඳහා භාවිතා කරන සටන් ක්‍රමයට දැඩි බලපෑමක් සිදුකරනු ලබයි.මෙය අනෙක් ආකාරයෙන් අදහස් කරන්නේ සොල්දාදුවන් යම් යම් භූමින් හා විශේෂ පරිසර තත්වයන් තුළ සටන් කිරීමට පුහුනු කල යුතු බවත් එමගින් එම හමුදාවේ යම් කාර්‍යයකට ඇති හැකියාව සහ හැකියාව ප්‍රදර්ශනය වන බවත්ය. මේ අතරට 1. ආක්ටික් යුධ වැදීම 2. කාන්තාර යුධ වැදීම 3. වනාන්තර යුධ වැදීම 4. ජංගම යුධ වැදීම 5. නාවික යුධ වැදීම 6. උප- සාගරීය යුධ වැදීම 7. කඳු යුධ වැදීම 8. ග්‍රාමීය යුධ වැදීම 9. ගුවන් යුධ වැදීම 10. අභ්‍යවකාශ යුධ වැදීම 11. ඉලෙක්ට්‍රොනික යුධ වැදීම 12. දේශසීමා යුධ වැදීම 13. පතල් යුධ වැදීම 14. මතවාදී යුධ වැදීම 15. ගරිල්ලා යුධ වැදීම 16. සයිබර් යුධ වැදීම 17. බලශක්ති යුධ වැදීම ජෙව යුධ