ⓘ මිනිස් මොළය ස්නායු පද්ධතිය තුළ වැදගත් අවයවයක් වන අතර ඉතා සංකීර්ණතාවකින් යුතු අවයවයකි. මිනිස් මොළය මධ්‍ය ස්නායු පද්ධතිය කපාල හා සුසුම්නාව අඩංගු පර්යන්ත ස්නායු පද ..

                                     

ⓘ මිනිස් මොළය

මිනිස් මොළය ස්නායු පද්ධතිය තුළ වැදගත් අවයවයක් වන අතර ඉතා සංකීර්ණතාවකින් යුතු අවයවයකි.

මිනිස් මොළය මධ්‍ය ස්නායු පද්ධතිය කපාල හා සුසුම්නාව අඩංගු පර්යන්ත ස්නායු පද්ධතිය ස්නායු පද්ධතිය පාලනය කරන අතර සෑම ක්‍රියාකරීත්වයක්ම පාලනය කෙරේ. අනිච්ඡානුග හෝ අඩු මට්ටමේ ක්‍රියාවන් සෑදීමට හැකියාව ඇත. උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමට මානවයන්ගේ ඇති පද්ධති, පාරිසරික සංවේදන, සමස්ථිතිය පවත්වාගැනීම අනෙක් මූලික පෘෂ්ඨවංශියන්ට සමානයි. මිනිස් එළඹි සිහිය නව නියෝකොටෙක්සයේ ඇති ඉහල හැකියාව නිසා ලද්දක් අතර සුෂුම්නා ශීර්ෂකයේ ඇති අතිශය ලෙස වර්ධනය වූ ව්‍යුහ නිසා සිදු වේ.

                                     

1. ප්‍රධාන ලක්‍ෂණ

තම ශරීරයට සාපේක්ෂව විශාලම මොළය පිහිටන්නේ මිනිසාට වන අතර එහි පරිමාව ඝන සෙ.මී. 1200 - 1500 දක්වා වෙනස් වේ. මස්තිෂ්ක අර්ධගෝල දෙකකින් හා අනුමස්තිෂ්කයකින් මොළයේ වැඩි කොටසක් සමන්විතවේ. මොළයේ උදරීය පසින් කපාලීය ස්නායු 12 ක් පැණ නගී. මොළය කායික වශයෙන් ශ්‍රම විභජනයක් දක්වයි. එනම් මොළයේ ඉහළ පෙදෙසින් සිරුරේ පහළ පෙදෙසත්, පහළ පෙදෙසින් සිරුරේ ඉහළ පෙදෙසත් මොළයේ වම් පෙදෙසින් සිරුරේ දකුණු පෙදෙසත් දකුණු පෙදෙසින් සිරුරේ වම් පෙදෙසත් පාලනය කෙරේ. මොළයේ හරස්කඩ මධ්‍යයේ ශ්වේත ද්‍රව්‍ය පෙදෙසක්ද පිටතින් ධූෂර ද්‍රව්‍ය පෙදෙසක්ද පිහිටන බව හඳුනා ගත හැක.

මිනිස් මොළය වටා ආරක්‍ෂිත ආවරණ තුනකි.

  • වරාශිකාව බාහිර ආවරණය
  • ජලාකාර පටලය අතර මැද ආවරණය
  • වීනාංශුකාව අභ්‍යන්තර ආවරණය
                                     

2. මස්තිෂ්කය

මිනිසාගේ මොළයේ විශාලම කොටස වනුයේ මස්තිෂ්කයයි.මෙය ගැඹුරු අන්වායාම පැල්මක් මධ්‍ය අන්වායාම පරිකාව මගින් වම් සහ දකුණු වශයෙන් අර්ධ ගෝල දෙකකට බෙදී ඇත.එක් එක් මස්තිෂ්ක අර්ධ ගෝලය ඛණ්ඩිකා හතරකට බෙදී ඇත.

  • ලලාට කණ්ඩිකාව.
  • ශංඛක ඛණ්ඩිකාව.
  • අපර කපාළ කණ්ඩිකාව.
  • පාර්ශවික කණ්ඩිකාව.

මස්තිෂ්ක අර්ධ ගෝල දෙක කැලෝස දේහය යනුවෙන් හඳුන්වන මොළයේ ගැඹුරින්ම පිහිටි ස්නායු තන්තු ගොනුවකින් එකිනෙකට සම්බන්ධව ඇත.මස්තිෂ්ක අර්ධ ගෝල තුළ මස්තිෂ්ක කෝෂිකාව බැගින් පිහිටා ඇත. මස්තිෂ්කයේ පර්යන්ත ප්‍රදේශය මස්තිෂ්ක බාහිකය නම් වෙයි.

                                     

3. මස්තිෂ්ක බාහිකය

මස්තිෂ්ක බාහිකය අතිශයින් සංචලිතය. විවිධ ගැඹුරුවලින් යුත් ඇඟිලි රැසක් මස්තිෂ්ක බාහිකයේ මතුපිට පෘෂ්ඨයේ පිහිටයි.මස්තිෂ්ක බාහිකයේ ප්‍රධාන වශයෙන් ඇත්තේ නියුරෝන වල සෛල දේහ සහිත ධුසර ද්‍රව්‍යයයි.මස්තිෂ්ක බාහිකයට ඇතුළතින් මස්තිෂ්කය තුළමයිලිනීභූත ස්නායු තන්තු සහිත ශ්වේත ද්‍රව්‍ය පිහිටයි.මස්තිෂ්ක බාහිකයේ විවිධ ක්‍රියාවන් පාලනය කරන ප්‍රදේශ ඇත.එම ප්‍රදේශ ඛාණ්ඩ තුනකට බෙදේ.

  • චාලක ප්‍රදේශ.
  • සංවේදක ප්‍රදේශ.
  • සංගාමී ප්‍රදේශ.

මෙම ප්‍රදේශ සෛල-ආකාරවේදයcytoarchitecture අනුව තවත් කුඩා කොටස් රාශියකට බෙදෙන අතර මේවා බ්‍රෝඩ්මාන් ප්‍රදේශ නම්වේ.

                                     

4. සංවේදක ප්‍රදේශ

සංවේදක අවයව වලින් ආවේග ලැබෙනුයේ සංවේදක ප්‍රදේශ වලටයි.එනම්

  • මේවා ඇත්තේ අපර කණ්ඩිකාවලය. ඇස්වල සිට ආවේග ලැබේ.
  • දෟෂ්ටික සංවේදී ප්‍රදේශ
  • මේවා ඇත්තේ ශංඛක කණ්ඩිකාවලය.ඇතුලු කනේ සිට ආවේග ලැබේ.
  • ශ්‍රවණ සංවේදී ප්‍රදේශ
  • දෛහික සංවේදී ප්‍රදේශ
  • මේවා මස්තිෂ්කයේ පාර්ශව ඛණ්ඩිකාවේ පිහිටා ඇත.සමේ සහ පේශිවල ඇති ප්‍රතිග්‍රාහක සිට ආවේග ලැබේ.
  • චාලක ප්‍රදේශ
  • ඉච්චානුග පේෂිවලට ආවේග සැපයෙනුයේ චාලක ප්‍රදේශයේ සිටයි.එනම්,
  • දෛහික චාලක ප්‍රදේශය
  • මේවා ලලාට ඛණ්ඩිකාවේ මධ්‍ය පරිකාවට ඉදිරියෙන් පිහිටා ඇත.
  • කථන චාලක ප්‍රදේශය
  • මේවා ලලාට කණ්ඩිකාවේ පිහිටා ඇත.

දෛහික සංවේදක හා දෛහික චාලක ප්‍රදේශවල දේහයේ විවිධ අවයව සඳහා බලපාන විශේෂිත ප්‍රදේශ ඇත.සංවේදීතාව අධික අවයව සඳහා මෙම ප්‍රදේශවල ඉතා අධික ක්ෂේත්‍ර ඵලයක් වෙන් වී ඇත.අත්,දිව,ඇස්,කන්,තොල් ආදිය සඳහා මෙම ප්‍රදේශවල ඉතා අධික ක්ෂේත්‍රයක් වෙන් වී ඇති අතර කඳ,පාද,ආදිය සඳහා ඇත්තේ සාපේක්‍ෂ ලෙස අඩු ක්ෂේත්‍රඵලයකි.

  • සංගාමී ප්‍රදේශය

සංගාමී ප්‍රදේශ මඟින් කෙරෙනුයේ සංවේදක තොරතුරු නියමිත චාලක ප්‍රදේශයට යැවීමට පෙර තෝරා ගැනීම,සමාකලනය කිරීම සහ තැන්පත් කර ගැනීමයි.සංගාමී ප්‍රදේශය මතකය,ඉගෙනුම කෙරෙහි බලපායි.ඥානවන්ත බව හා පෞරුෂත්‍වය සඳහා වැදගත් වනුයේද මෙම සංගාමී ප්‍රදේශයයි. මස්තිෂ්කයේ වඩාත් ගැඹුරු ප්‍රදේවල ස්නායු සෛල දේහ සහිත ධුසර ද්‍රව්‍ය ගොනු කීපයක් ඇත.

  • පාදීය ගැංග්ලියම

පාදීය ගැංග්ලියා යනු එක් එක් මස්තිෂ්ක අර්ධ ගෝලයේ පිහිටි ධුසර ද්‍රව්‍ය ගොනු කාණ්ඩ කිහිපයකි.

කාර්යය - සිරුරේ ඉච්චානුග පේශිවල චලනයන් සමායෝජනය කර දේහ ඉරියව් පාලනය කිරීම සිදු කරයි.

  • තැලමස

සම,අභ්‍යන්තර අවයව සහ ඇස,කන,දිව,නාසය ආදී සංවේදී අවයව ආදියේ සිට පැමිණෙන ආවේග මස්තිෂ්ක බාහිකයේ අදාළ සංවේදී ප්‍රදේශයට යාමට ප්‍රථම පැමිණෙනුයේ තැලමසටයි.

කාර්යය - සම,අන්තරංග අවයව,විශේෂ සංවේදී අවයව ආදියේ සිට පැමිණෙන ස්නායු ආවේග මස්තිෂ්ක බාහිකයේ පිහිටන නියමිත සංවේදක ප්‍රදේශ වෙතට යවන ආවේග සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරයි.

  • හයිපොතැලමස

පුර්ව මස්තිෂ්කයේ පාදස්තයේ තැලමසට පහලින් හයිපොතැලමස පිහිටනු ලබයි.

කාර්යය -

  • දේහ උෂ්ණත්‍වය යාමනයට දායක වීම.
  • ස්නායු පද්ධතිය හා අන්තරාසර්ග පද්ධතිය අතර සම්බන්‍ධතාව ගොඩ නැගීම.
  • නිදා ගැනීම, අවදිවීම වැනි ක්‍රියාවන් පාලනය කිරීම.
  • රුධිර වාහිනීවල විශ්කම්භය,හෘදස්පන්දන වේගය වැනි ස්වයං සාධක ක්‍රියා පාලනය.
  • කුසගින්න, පිපාසය වැනි හැඟීම් ඇති කිරීම.
  • පහරදීම, පලායාම වැනි ප්‍රතිචාර ඇති කිරීම.
  • පුර්ව පිටියුටරිය මත ක්‍රියා කරන හෝර්මෝන ස්‍රාවය කිරීම.
  • අපර පිටියුටරියේ ස්‍රාවය කරන හෝමෝන නිපදවීම.