ⓘ සරණාගතයෝ - 2001න් පසු තත්වය. 2001න් පසු ස්විස්ටර්ලන්තයේ සරණාගත ප්‍රතිපත්තිය උඩු යටිකුරු වී තිබේ. UNHCR දක්වන ආකාරයට 1951 සරණාගතයන් පිළිගත හැකි ආගමන හෝ අනන්‍යතා ..

                                     

ⓘ සරණාගතයෝ - 2001න් පසු තත්වය

2001න් පසු ස්විස්ටර්ලන්තයේ සරණාගත ප්‍රතිපත්තිය උඩු යටිකුරු වී තිබේ. UNHCR දක්වන ආකාරයට 1951 සරණාගතයන් පිළිගත හැකි ආගමන හෝ අනන්‍යතා පත්‍රයකින් තොරව සිය රටින් පැනයාමට සිදුවන සරණාගතයන් වුවද පිළිගතයුතු බව දක්වා ඇතත්, 2002න් පසු එවන් පුද්ගලයන්ට ස්විස්ටර්ලන්තයට ඇතුළුවීම තහනම් කොට තිබේ.එසේ ඇතුළුවීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමක් ලෙස මොවුන් දකී.එසේම සරණාගතයින් තම රටට ඇතුල් වීම අවම කිරීමටSVP පක්ෂය ප්‍රකාශ කළේ සරණාගතයන් අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය අලෙවි කරන්න් ළෙසයි.මෙයින් සරණාගතයන් කෙරෙහි ස්විස්ටර්ලන්තයේ තත්ත්වය හදුනාගත හැක.

                                     

1. සමාලෝචනය

මේ අනුව ලෝකයේ විවිධ රටවල සරණාගත ගැටළුව ප්‍රබල ප්‍රශ්ණයක් බවට පත්ව තිබේ.මන්දයත් සරණාගතයන් හා ත්‍රස්ත්‍රවාදය අතර අනිවාර්යය සබඳතාවයක් ඇති බවත් එම තත්ත්වයෙන් තම රටවලට වියහැකි තර්ජනය වළක්වා ගැනීමට හා තම රටවල සුරක්ෂිත බව තහවරු කිරීමට සරණාගත හා සංක්‍රමණ ප්‍රතිපත්ති දැඩි වෙනසකට ලක් කොට තිබේ.2001 ත්‍රස්ත්‍ර ප්‍රහාරයත් සමග ලෝකයේ සුපිරි බලවතා ලෙස හදුන්වන ඇමෙරිකාව සරණාගත ප්‍රතිපත්ති තියුණු සංශෝධනයකට ලක් කොට තිබේ.මේ සමගම ලෝකය පුරා මුස්ලිම් ජනතාව කෙරහි විශාල බියක් හා සැකයක් පැතිර තිබේ. මන්ද යත් බින් ලාඩන් ප්‍රමුඛ අල්ඛයිඩා සංවිධානය මෙම ප්‍රහාරය පිටුපස සිටීමයි.1957 Refugee Convention එක හරහා හදුන්වා දී ඇති Non refulement හා Burdan Sharing යන ප්‍රතිපත්තිවල ද විශාල පරිවර්තනයක් වී තිබේ.වර්තමාන ජාත්‍යන්තර ක්‍රමය සරණාගතයන් සම්බන්ධයෙන් නිශේධනීය ආකාරයට ක්‍රියාත්මක වීම නිසා සරණාගතයා කබලෙන් ළිපට වැටී ඇත. සරණාගතයන් ලෝකය තුළ අනුකම්පාවට හා සහනාධාර ලැබිය යුතු පිරිසක් බවට පවතින ආකල්පයට යම් හානියක් වී තිබේ.මේ අනුව තම රටතුළ ජීවිතයට ඇති තර්ජන හේතු කොටගෙන බොහෝවිට තම දේපොල, ඉඩකඩමි සියල්ල අතහැර දේශසීමා තරණය කරන සරණාගතයින්ට වෙනත් රටක ආරක්ෂාව හා අනුග්‍රහය ලබා ගැනීම ඉතා බරපතළ ප්‍රශ්ණයක් බවට පත්ව තිබේ.

                                     

1.1. සමාලෝචනය මූලාශ්‍ර

  • Citizenship and Immigration Canada
  • lead government department for immigration and passports
  • Kairoscanada
  • Refugee-Wikipedia
  • Refugees, Asylum Seekers, Migrants, and Internally Displaced Persons
  • Encyclopedia