ⓘ සෙනසුරු ග්‍රහලොව. සමකාසන්නයේ අරය 60.268±4 km 9.4492 පෘථිවිය මෙන් ධ්‍රැවීය අරය 54.364±10 km 8.5521 පෘථිවිය මෙන් පැතලි වීම 0.09796 ± 0.00018 පෘෂ්ඨ වර්ගඵලය 4.27×10 ..

                                     

ⓘ සෙනසුරු ග්‍රහලොව

සමකාසන්නයේ අරය 60.268±4 km 9.4492 පෘථිවිය මෙන්

ධ්‍රැවීය අරය 54.364±10 km 8.5521 පෘථිවිය මෙන්

පැතලි වීම 0.09796 ± 0.00018

පෘෂ්ඨ වර්ගඵලය 4.27×1010km² 83.703 පෘථිවිය මෙන්

පරිමාව 8.2713×1014km³ 763.59 පෘථිවිය මෙන්

ස්කන්ධය 5.6846×1026kg 95.152පෘතුවිය මෙන්

මධ්‍යන්‍යය ඝනත්වය 0.687g/cm³ ජලයටත් වඩා අඩුයි

සමකාසන්නයේ ගුරුත්වය 8.96m/s² 0.914 g

වියෝග ප්‍රවේගය 35.5 km/s

නක්ෂත්‍ර භ්‍රමණ කාලය 0.439–0.449දින 10 පැය 32 – 47 මිනිත්තු

සමකාසන්න භ්‍රමණ ප්‍රවේගය 9.87 km/s 35.500 km/h

අක්ෂීය ඇලය 26.73°

උත්තර ධ්‍රැව දකුණු ආරෝපකය පැය 2 මිනිත්තු 42 තත්පර 21 40.589°

උත්තර ධ්‍රැව ඇලවිම 83.537°

Albedo සුහුම / සුදුබව 0.342 bond

දීප්තිය 0.47 geom.

දෘශ්‍ය විශාලත්වය +1.2 to -0.24

කෝණික විශ්කම්භය 14.5" - 20.1" වළලු හැර

විශේෂණ Saturnianසැර්නියන්

                                     

1. සෙනසුරුගේ කක්ෂය හා භ්‍රමණයන්

හිරු හා සෙනසුරු අතර සාමාන්‍ය දුර කි. මී. බිලියන 1. 4 ක් පමණ වේ. සෙනසුරුගේ පරිභ්‍රමණ වේගය තත්පරයට කි. මී. 9. 69 ක් වන අතර පරිභ්‍රමණයට ගත වන කාලය පෘථිවි වර්ෂ 29.5 ක් පමණ වේ. මෙම කක්ෂයේ ඕවලාකාර ස්වභාවය නිසා සෙනසුරුගේ සූර්යයාට ආසන්නම හා දුරස්තම ලක්ෂයන් අතර වෙනස කි. මී. මිලියන 155 ක් පමණ වේ. සෙනසුරුගේ භ්‍රමණයන්, බ්‍රහස්පතිගේ මෙන්ම වෙනස් අගයන් ගනී. සමකාසන්නයේ පැය 10 විනාඩි 14 ක්ද, අනෙක් දේශාංෂයන්හි පැය 10 විනාඩි 39 ක්ද වශයෙන් භ්‍රමණ කාලයක් දක්වයි. නමුත් 2004 Cossini යානය ගොඩබාන විට මෙම තත්ත්වය පැය 10 විනාඩි 45 ක් දක්වා වැඩි වී තිබුණි. මෙයට හේතුව කවරක්දැයි නොදන්නා නමුත්, භ්‍රමණ කාලය වෙනස් දේශාංශයක කායක් බවට අනුමාන කරන ලදී. 2007 දී මෙම කාල වෙනසට හේතුව පෘථිවි භ්‍රමණය පමණක් නොව, සෙනසුරුගේ Plesme වායුන් හා Encelcdus උප ග්‍රහයාගේ බලපෑම ඇති බව සොයා ගැනිණි. මෙම අස්ථායි තත්ත්වයන් නිසා චුම්භක ධ්‍රැවයන්ගේ ක්‍රියාකාරීත්වය ද අඩු වේ. ගණනයන්ට අනුව මෙම කාලය පැය 10 විනාඩි 32 දක්වා අඩුව ඇතිබව ගණනය කර ඇත.

                                     

2. වායුගෝලය

පැතිර ඇති උස 59.5 km

සටහන - මෙම ලිපියේ විශේෂ අක්ෂර අඩංගුවේ

සෙනසුරු යනු සූර්යාගේ සිට ඇති හයවන ග්‍රහලොව වන අතර සෞරග්‍රහ මණ්ඩලයේ බ්‍රහස්පතිට පසුව එන දෙවන විශාලතම ග්‍රහලෝකයයි. මෙය බ්‍රහස්පති, යුරේනස්, නෙප්චූන් සමඟ වායු යෝධයන් ලෙසවෙන් කර ඇත. බ්‍රහස්පති වෙනුවෙන්ජෝවියන් ග්‍රහ ලෝක ලෙස ද හඳුන්වයි මෙය නම් කරන ලද්දේ රෝමාණු දෙවියකු වූ සැටර්නස් නමිනි. ඔහුව ග්‍රීක ක්‍රොනෝස්ට සමාන කරන ලද අතර බැබිලෝනියානු නිනුර්ටා ටද සමාන වේ. සැටර්න්ගේ ලකුණ දෙවියන්ගේ දෑකැත්ත ප්‍රදර්ශනය කරයි.

සෙනසුරුගේ වායුගෝලය සෑදී ඇත්තේ හයිඩ්‍රජන් විශාල ප්‍රමාණයක් හීලියම් සුළු ප්‍රමාණයක් හා තවත් මූලද්‍රව්‍ය කිහිපයක එකතුවෙනි. අභ්‍යන්තරය කුඩා පාෂාණ හා අයිස්වලින් යුත් කුඩා හරයකින් සමන්විත ඝන ස්ථරයකි. එය වටා ලෝහමය හයිඩ්‍රජන් හා වායුමය ස්ථරයක් පවතී.බාහිර වායුගෝලය පෙණුමෙන් උදාසීන මුත් දීර්ඝ කාලීන ජීව අංශ ඇති විය හැක. බ්‍රහස්පති මත සුළගේ වේග‍යටත් වඩා වැඩි සුළගක් සෙනසුරු මත ඇති අතර එය ඇතැම් විට පැයට කිලෝමීටර 1800 තරම් වේ. සෙනසුරුට ග්‍රහ චුම්භක ක්ෂේත්‍රයක් පවතින අතර එහි ශක්තිය පෘථිවි චුම්භක ක්ෂේත්‍රයට වඩා වැඩි අතර බ්‍රහස්පතිගේ චුම්භක ක්ෂේත්‍රයට වඩා අඩු වේ.

සෙනසුරුටද කැපී පෙනෙන වළලු පද්ධතියක් ඇති අතර එය බහුලව අයිස්වලින් හා ස්වල්ප වශයෙන් කුඩා ගල් කැබලි හා දුහුවිලි වලින්ද සෑදී ඇත. සෙනසුරු වටා කක්ෂ ගතවී ඇති හඳුනාගත් චන්ද්‍රයන් ගණන 60කි. සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා ටයිටන් වන අතර සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනි විශාලතම චන්ද්‍රයායි. බ්‍රහස්පතිගේ ගැනිමේඩ්ට පසුව එය බුධ ග්‍රහයාටත් වඩා විශාලවන අතර එය සෞරග්‍රහ මණ්ඩලයේ සැලකිය යුතු වායුගෝලයකින් යුත් එකම චන්ද්‍රයාය.